හැත්තෑව පැනලත් දරුවන් වදන අම්මලා!

pregnantවයස අවුරුදු හැත්තෑව පසුවීත් දරුවන් ප්‍රසූත කිරීම සඳහා සැරසෙන මව්වරුන් ඉන්දියාවේ දක්නට ලැබේ. වයස අවුරුදු 72 ක් වූ මවක් දරුවෙකු ප්‍රසූත කිරීමේ පුවතක් පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ ඒ අනුවයි.

මෙසේ දරුවන් ප්‍රසූත කරනුයේ IVF නැතිනම් බාහිරව කළලයේ මූලික අවදිය වර්ධනය කරන ක්‍රමය යටතේය. ශරීරයෙන් පිටත ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය කර එම කලලය සෛල 8 ක් දක්වා වර්ධනය වූ පසු නැවත ගර්භාෂයක තැන්පත් කිරීම මෙහිදී සිදුවේ.

මේ සඳහා අවශ්‍ය ස්ත්‍රී බීජ එසේත් නැතිනම් ඩිම්බ ලබා ගන්නේ පිටතින් ලබාදෙන හෝමෝන මගින් ඩිම්බ කෘතිමව මේරීමකට ලක්කර ඒවා ශල්‍යකර්මයක් මගින් පිටතට ලබා ගැනීමෙනි.

වයසට ගොස් දරුවන් වැදීම ශාරීරික සෞඛ්‍යට හානි ගෙන දෙන්නකි. එසේම ඒ සඳහා බීජ සපයන මව්වරු ඊටත් වඩා ජීවිතය පරදුවට තබන්නකි. ඉන්දියාවේ මේ දෙකම නොඅඩුව සිදුවෙයි.

ඉන්දියාවේ ස්ත්‍රී බීජ ලබාදෙන කාන්තාවන්ගේ ජීවිතය අනතුරේය. ඔවුන්ගේ සෞඛ්‍ය ගැන තැකීමක් වෛද්‍යවරුන්ට නැත. සාමාන්‍යන් එක් වතාවකට එක් බීජයක් ලබා ගැනීම සිදුවුවත් අදාළ කාන්තාවගෙන් අවසර නොගෙන බීජ ගණනාවක් ලබා ගැනීම සාමාන්‍යන් සිදුවන ක්‍රමයයි.

ස්ත්‍රී බීජ ලබාදෙන තරුණ කාන්තාවන් බොහෝ පිරිසක් උතුරු ඉන්දියාවෙන් සොයා ගැනීම අසීරු නැත. බීජ ලබා දෙන එක් කාන්තාවක් මසකට උපයන්නේ ඩොලර් 75 කටත් වඩා අඩු මුදලකි. ඔවුන් මෙම මුදල් උපයන්නේ තම පවුලේ සුභ සිද්ධිය උදෙසාය.

අවුරුදු 17 ක් වයසැති සුෂ්මා ස්ත්‍රී බීජ ලබා දීමට ගොස් මිය ගියාය. වයස අවුරුදු 18 පසුවන තෙක් බීජ ලබා ගැනීම නීතියෙන් වලංගු නැත. නමුත් එම ජාවාරම් ආයතනයට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මේ අතරම වයසට ගොස් දරුවන් වදන මව්වරුන්ට ශාරීරික ආබාද එමටය. ගර්භාෂය ඉරී යාම ඇතුළු දරුවා පිළිසිඳ ගැන්වීමට ලබාදෙන හෝමෝන ඇතුළු බෙහෙත් මගින් එම මව්වරුගේ ශාරීරික සෞඛ්‍ය ඉතා දුර්වල තත්වයකට හෙලනු ඇත. සමහර විට සදාතනිකවම ඇඳේ පසුවේ.

– අල්ජසීරා ඇසුරිණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.