අපේ කැබිනට් එක හොල්මන්ය

wisumpayaවීදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රභූන්ගේ නවාතැන්පලක් ලෙස යොදාගැනීමට හෝ රාජතාන්ත්‍රිකයන් මුණගැසීම සඳහා භාවිත කිරීමට කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි ‘ඇක්ලන්ඩ් හවුස්’ (විසුම්පාය) මන්දිරය ඉල්ලා පෙරේදා (25) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මේ විසුම්පාය දැනට රාජ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානය සහ ව්‍යස්ථා සම්පාදනයයට අදාල කටයුතු කරගෙන යන රමණීය ගොඩනැගිල්ලකි.

මහින්ද රාජපක්ෂ තනතුරෙන් නික්ම යෑමට පෙර කළ අවසන් ඉල්ලීම වුයේ මෙම මන්දිරය තමන්ට ලබා දෙන ලෙසයි. නව ජනාධිපතිවරයා ඉල්ලීම ලද සැනින්ම එය ප්‍රතික්ෂේප කළේය. දැන් රවී කරුණානායකට එය ලබාදීම පිළිබඳව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊට විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ නිවස මේවන විට ඒ මහතාගේ අමාත්‍යංශය යටතේ පැවැතීම නිසාත් එය අලුත් වැඩියාවක් සිදුකර වතු බංගලාවක් ලෙස යොදා ගැනීමට ද සැලැසුම්ක් ඇති බව පවසමිනි. එහෙත් කථාව ඇත්තේ එතැන නොවේ. සංවාදයට මැදිවූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ මේ නිවාසය සුභ කටයුතු සඳහා උචිත ස්ථානයක් නොවන බවයි, මෙහි ජීවත්වන අයට ජීවිතය නැතිවීම හෝ දේශපාලනිකව අතුගෑවීයාමට වැඩ සිද්ධවීම පසුගිය කාලයේ සිදුවූ බවත් ඒ මහතා පවසා ඇත.

wisumpayaජී.එල්. පීරිස් මහතාට ද සිය දේශපාලන ගමනට බාධා ආවේ මේ නිවසේ වාසය කරද්දී බව ඔහු පවසා තිබේ. ඊට අටුවාටීකා එක් කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතාද මියගියේ එම භූමියේ බවත්, එසේම හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතා අසනීපවූයේද එහි සිටියදී බවද පවසා ඇත.

එසේම දයාසිරි මහතා එහි හොල්මන් ඇති බවට කළ ප්‍රකාශයටද ජනපතාවරයා හූ මිටි තැබූ බව ද පැවසේ. සුභවාදී කටයුත්තකට එම ස්ථානය සුදුසු නැති බව ජනපතිවරයා ද පැවසීමෙන් පසුව කරුණානායක මහතා සිය යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා නොකළ බවද පැවසේ.

දැන් මෙවැනි ගුප්ත විශ්වාශ මත කටයුතු කරන කැබිනට් මණ්ඩලයක් ලොවේ කොතැනක හෝ තිබේ දැයි හොයා බැලිය යුතුය. තිබේ නම් අපේ කට්ටිය එහි යැව්‍වට කම් නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.