අයිතිකරු හොරෙක් නම් අලියාට පෙරහර තහනම්

Elehipahnt-වනජීවි නිලධාරීන් විසින් සිය භාරයට ගෙන සිටින අලි ඇතුන් පහලොස් දෙනෙකු පෙරහැර සඳහා නිදහස් කිරීමට පෙර වෙන වෙනම මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයක් සිදුකරන්නැයි කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මෙම නියෝගය නිකුත් කළේ මාස 3 ක කාලයකට පෙරහැර සඳහා අලි ඇතුන් මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය සිදුකළ නියෝගය අභියෝගයකට ලක් කරමින් මහාධිකරණය හමුවේ ගොණුකළ ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුය.

පෙරහැර සඳහා අලින් මුදාහැරීමට සිදුකළ නියෝගය දෝෂ සහිත බව මහාධිකරණ විනිසුරුවරයා මෙහිදි ප‍්‍රකාශ කළේය.  එම අලින්ට නිසි බලපත‍්‍ර සහ ලේඛණ තිබේද යන්න වෙන වෙනම පරීක්‍ෂා කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා ගේ නියෝගයෙන් කියැවිනි.

බලපත‍්‍ර සහ ලේඛණ ඇත්නම් පමණක් අදාළ අලින් පෙරහැර සඳහා මුදාහරින ලෙසද නියෝග කෙරුණි.

නිසි ලේඛණ නොමැති අලින් යළිත් වනජීවි දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙසයි වැඩිදුරටත් නියෝග  කෙරිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!