ආණ්ඩුවට නිසි මග බැසිල්ගේ උපදේශකයෙකුගෙන්

Dhamma Dissanayakeආණ්ඩුවට බරපතල ලෙස පාර වරදී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන කථිකාචාර්ය ධම්ම දිසානායක පවසයි. මහින්ද රාජපක්ෂ පරිපාලන සමයේ මග නැගුමේ පතාක යෝධයෙක් විය. බැසිල් ගේ අග සව්වෙකි. බැසිල් ගේ ජන සභා කොමසාරිස්වරයාය. බැසිල් රාජපක්ෂ මහතා ධම්ම දිසානායක මහතාගේ මෑණියන්ගේ අවමංගල්‍ය උළෙලට සහභාගී වූවේද හෙලිකොප්ටර් ගමනකිනි. ඒ සඳහා ද රුපියල් 5 53 219 ක් (ලක්ෂ පහමාරක්) ගෙවා ඇති අතර ඊට ගෙවා ඇත්තේ ද මග නැගුම ව්‍යාපෘතියෙනි.

දැන් මේ දිසානායක මහතා පවසන් ආකාරයට රට එක පැත්තකය. රාජ්‍ය බලය සහ රාජ්‍ය උපකරණ අත්පත් කරගෙන සිටින ආණ්ඩුව වෙනම පැත්තක ය. රට සහ එහි සුබසෙත වෙනුවෙන් යැයි කියා බලය ගත් බලවත්තු ඊට මුළුමනින්ම විරුද්ධ ව ක‍්‍රියා කරති. රට ඊට එරෙහි වෙයි. එවිට රාජ්‍ය උපකරණ මත බලය පතුරවමින් ආණ්ඩුව රට සමඟ යුද වැදෙයි.
සැබවින්ම ව්‍යසනකාරී තත්වයකි,ජනතාව වරද්දා ගත් තැනත් දිසානායක මහතාට අසු වේ.

පුද්ගලිකව මඩිය තර කර ගැනීමට නොවන බව වටහා ගත් අය රාජ්‍ය පාලනයට තෝරා පත් කරගත යුතුය. එසේ නොමැතිව ආණ්ඩු බලය අතැති පාර්ශවය කෙරෙහි වූ බලවත් විරෝධය නිසාම කිසිදු ප‍්‍රගතිශීලී වැඩපිළිවෙළක් හෝ නියාමනයක් නැති හුදු බලවාදීන් පිරිසකට හෝ කණ්ඩායමකට හෝ බලය මාරු කිරීම නොකළ යුතු ය.

මේ අනුව බලන විට ජනවාරි අට වෙනිදා ජනතාව කරගෙන ඇත්තේ වස වැරැද්දකි. කළ යුතුව තිබුනේ දිසානායක මහතාගේ හාම්පුතුන්ට කතිරය ගැසීමයි. රට වෙනස් කිරීමට කළ යුතු දේත් දිසානායක මහතා දනී .

මේ බංකොලොත් භාවයෙන් රාජ්‍යය ගලවා ගැනීමට නම් රට විධිමත් විය යුතුය. දැනුවත් විය යුතුය. ආණ්ඩුවට ඇති බාධා තර්ජන රට ට නැත. පාපී අය රට සහ ජනයා නියෝජනය කිරීමේ කටයුත්තෙන් ඉවත් කළ යුතුය. රට සහ එහි යහපත වෙනුවෙන් රාජ්‍ය බලය සහ උපකරණ මෙහෙය විය හැකි වැඩපිළිවෙළක් සහ වැඩකරුවන් තෝරාගැනීමේ බුද්ධිය වර්ධනය කරගත යුතුය.” අප නොදන්නේ එකම දෙයකි. මේ විධිමත් බව ඇතිකර ගත හැක්කේ බැසිල් රාජපක්ෂ සමඟින්ද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.