කාන්තා සිරුරට රුව කැන්දන පියයුරු ලෙඩ වුවහොත් ….

කාන්තාවන්ගේ රුව වඩාත් කැපී පෙනීමට උපකාරී වන පියයුරු, වල පිලිකා ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එසේම බොහෝ කාන්තාවන් තමන් ගේ රෝගී වූ පියයුර ඉවත් කිරීම පිළිබඳව දැඩි කණස්සල්ලක් ඇති කර ගනී. ඒ රෝගයට වඩා තම රුව ගැන සලකාය.

කාන්ති වෘත්තීයෙන් නීතිඥවරියකි. ඇයගේ පියයුරක පැවති අසාමාන්‍ය වෙනසක් හේතුවෙන් වෛද්‍යවරියක හමුවට ගොස් තිබුණි. ඇය තමන් නීතිඥවරියක් බව හෙලිකර තමන්ට ඇති රෝගී තත්වය වෛද්‍යවරියට පැහැදිලි කර ඇත. එහිදී ඇයට දැන ගැනීමට හැකි වූයේ ඇය පියයුරු පිලිකාවකින් පෙළෙන බවයි. පියයුරු පිලිකාවට ප්‍රතිකාරය ලෙස වෛද්‍යවරිය නිර්දේශ කර ඇත්තේ ශල්‍යකර්මයකි.

‘ බව වෙන්න දෙයක් නෑ. මම ශල්‍යකර්මය කරන්නම්. පියයුර ඉවත් කරලා කැතට පේන එක නවත්වන්න බද්දයත් ඒ ගමන්ම කරන්නම්. ඒකට යන්නෙ ශල්‍යකර්මය කරන වෙලාවට තව වැඩිපුර පැය 2 ක් විතරයි’

නීතිඥවරියගේ සතුට අතිමහත්ය. රූපය ඉතා ඉහලින් සැලකූ ඇය තමන්ගේ පියයුරෙන් කොටසක් ඉවත්කිරීමෙන් ඇතිවන අවලස්සන ගැන තමන් හට තිබුණු බිය දුරු විය. වෛද්‍යවරිය කළ ප්‍රකාශය මගින් තමන්ට පිලිකාවක් ඇති බව පවා අමතක කරවීය.

‘මේක මහරගම අපේක්ෂා රෝහලේ කරන්න පුළුවන්. මගේ ගාස්තුව වෙනම ගෙවන්න.’

පියයුර ඉවත්කරන ගමන්ම බද්ධයත් එකට සිදුකරනු ලබන බව දැනගත් නීතිඥවරියගේ ස්වාමියා එයට තදින් විරුද්ධ විය

‘ඔයා ඕක කොහොමවත් කරන්න එපා. ඔයාට ඩයිබිටික් තියෙනවා. ඔයා ඉන්සියුලීන් ගන්නවනේ ‘

‘නෑ නෑ බයවෙන්න දෙයක් නැහැ. දොස්තර නෝනා කිව්වා ඒ ගැන බව වෙන්න දෙයක් නැහැ කියලා’

කෙසේ හෝ ස්වාමිපුරුෂා එම ශල්‍යකර්මයට මුහුණ නොදෙන ලෙස අවසාන වතාවට තියටර් එක ළගට යන විටත් ඇගේ නීතිඥ භාර්යාවට ඇවිටිලි කලේ ය. නමුත් ඇයගේ අදහස වෙනස් කිරීමට ඇය අකමැති විය.

ශල්‍යකර්මය සිදුවිය.

දින කිහිපයක් ගතවිය. තුවාලය සුව වීමක් නැත. බද්ධයට පටක රැගෙන තිබුනේ කලවා ප්‍රදේශයෙනි. එම තුවාලයද සුවයක් නැත. සතියක් ගෙවිනි. ඇයගේ පියයුරු වලින් අධික දුර්ගන්දයක් සමනය විය. හරියටම ගත්තොත් මිනී කුණු ගඳකි. නීතිඥවරියගේ ස්වාමි පුරුෂයාගේ තම බිරිඳ පත් වී තිබූ තත්වය හෙලි කලේ එලෙසිණි.

නීතිඥවරියගේ ස්වාමියා යනු ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ මස්සිනායි. මුලින් එම වෛද්‍යවරයා හමුවට ඔහු නොගියේ තම බිරිඳගේ පෞද්ගලික අමනාපකම් තිබූ නිසාය. නමුත් තම බිරිඳ සුව කිරීමට ඉතා ඉහළ වෛද්‍ය උපදෙස් අවශ්‍ය බව ඔහුට දැනුනි. වහාම තම වෛද්‍ය මස්සිනා හමුවිය. ඔහු තම ඥාති සොයුරිය අර්ධ රාජ්‍ය රෝහලකට මාරු කලේය. එතැන් පටන් ප්‍රතිකාර ඇරඹිණි. ඇගේ කුණු වූ පියයුර ඉවත් කර සුව අතට හැරවීමට ශල්‍යකර්ම 7 ක් කරන්නට සිදුවිය. අද ඇය නිරෝගී සුවය විදී.

මෙම සිදුවීම තුල කාන්තාවන් ට සිතිය යුතු බොහෝ කරුණු ඇත. ලස්සනට වඩා පරම සුවය ගැන කල්පනා කළ යුතුයි.

අවුරුදු 50 පසු වූ විට පියයුරු පිලිකාවලට ගොදුරුවන ප්‍රතිශතය ඉතා ඉහල අගයක් ගනී. පිරිමින්ටද පියයුරු පිලිකා ඇත. එය ඉතා දුර්ලභය. ලොව පියයුරු පිලිකා මගින් මියයන සංඛ්‍යාව දෙවැනි වන්නේ පෙනහළු පිලිකාවලට පමණි. පියයුරු පිලිකා සඳහා ඇති ප්‍රතිකාර දිනෙන් දින දියුණු වන අතර පිලිකා මූලික අවදියේදී හදුනා ගැනීම මගින් එය සුව කර ගැනීමට හැකියාව ලැබේ.

පිලිකා රෝග ලක්ෂණ පිලිබඳව ඇති අවබෝදය මෙම අවදානම අවම කර ගැනීමට කළ යුතු හොදම දේ වෙයි. පියයුරු මත ලප හෝ ගනකම් ප්‍රදේශ ඇති වීම හමේ හෝ පියයුරු තුඩෙහි ඇතිවන වෙනස්කම් පියයුරු පිලිකා ඇතිවී ඇති බවට සැක කළ හැකි ලක්ෂණ වේ. නමුත් මේවා තිබූ පමණින් පිලිකා ලෙස හදුනා ගත නොහැකි අතර එවැනි අසාමාන්‍යතා ඇතිනම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම අනිවාර්ය කාරණයකි.

මෙම පිලිකා ජාන මගින් සම්ප්‍රේෂණය විය හැකි අතර ජීවන විලාසිතා එනම් මධ්‍යසාර පානයට ඇබ්බැහිවීම ආදිය මෙම රෝගයට හේතු වේ.

විකිරණය, රසායන ප්‍රතිකාර හා ශල්‍යකර්මයන් මේ සඳහා වූ ප්‍රතිකාර ක්‍රම වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.