කාලෝ ගේ වයෝවෘද්ධ මොළයට බුරු කථාවක් මතක් වෙයි

Carlo Fonsekaචාර්ල්ස්‌ ඩිකන්ස්‌ (1812 – 1870) නමැති ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි ජාතික නවකතාකරුවාගේ ‘ඔලිවර් ට්‌විස්‌ට්‌’ මතක් කරමින් මහචාර්ය කාලෝ ෆෝන්සේකා නීතියට බරපතළ අභියෝගයක් එල්ල කොට ඇත.

අතීත කථාව මෙසේය.
නවකතාවේ චරිතයක්‌ වන ‘බම්බල්’ මහතා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම චූදිතයෝ වූහ. හරස්‌ ප්‍රශ්න ඇසීමේ දී උසාවියෙන් බම්බල් මහතාට මෙසේ කියනු ලැබේ. ‘බම්බල් මහතාණෙනි, නීතිය උපකල්පනය කරන්නේ, ඔබේ බිරිඳ සෑම විට ම ඔබේ අධීක්‌ෂණය යටතේ ක්‍රියාත්මක වන බව යි.’ එය ඇසුණු සැණින් බම්බල් මහතාගේ ප්‍රතිචාරය වූයේ, ‘මගේ බිරිඳ සෑම විට ම මගේ අධීක්‌ෂණය යටතේ ක්‍රියා කරනවා යෑයි උපකල්පනය කරනවා නම් නීතිය මන්දබුද්ධිකයකු වන බව යි, නීතිය බූරුවකු වන බව යි.
වර්තමාන කථාව

කා ලෝ ඉඟි කොට සිටින්නේ සයිටම් සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඉඩ දීම මන්ද බුද්ධික තීන්දුවක් වන බවයි.

ඒ සඳහා දෙන හේතු කීපයක් මෙසේය.

*මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ ‘එම්බීබීඑස්‌’ උපාධිය ලැබීම සඳහා අධ්‍යයන ගාස්‌තු වශයෙන් රුපියල් මිලියන 12 ක්‌ හෙවත් ලක්‌ෂ 120 ක්‌ ගෙවිය යුතු ය. මේ නිසා මෙය ධනපතීන්ට උරුම එකකි.

  1. පළමු ප්‍රශ්නය නම් ධනපතීන්ට අධ්‍යාපනය අකැපද?
  2. දෙවනුව මිලියන 200 සීමාවෙන් එහාට වියදම් කොට විදේශ වලට තම දරුවන් යවා වෛද්‍ය උපාධිය ලබා දෙන සුපිරි ධනවතුන් ගැන කාලෝ සද්ද නැත.
    .

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මෙරට දරුවන් 1000ක්‌ පමණ අධ්‍යාපනය ලබන බැවින් 2015 වසරේ ජුලි මාසයේ දී වෛද්‍ය ආඥා පනතට අනුකූල ව වෛද්‍ය සභාව විසින් පත් කරන ලද විශේෂඥ වෛද වෘත්තිකයන් පවසා ඇත්තේ නා නා විධ රෝගවලින් පෙළෙන රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ හොඳින් පරීක්‌ෂා කර බලා අධ්‍යයනය කිරීමට සිසුන්ට අවකාශ නැති හෙයින් මාලබේ සයිටම් ආයතනයෙන් බිහි වන වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට කිසිසේත් නුසුදුසු බව යි. මේ වාතාවරණය වෙනස් කිරීමේ මගක්ගැන කාලෝ පරම්පරාවේ ඇත්තන්ට මතක් වුනේ නැතිද?

ගරු කටයුතු මිනිසෙක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා නීතියේ මන්දබුද්ධික බව ප්‍රශ්න කිරීම වරදක් නැති වුනත් ඊට සමාන්තරව චැනල් මාෆියාවේ කුමන්ත්‍රණය තේරුම් ගැනීම වැදගත්ය. ඔහුම පවසන පරිදි වයෝවෘද්ධ ව ඇති මොළයට මේ සත්‍ය පසක් වේවා.

දහසක් මිනිසුන් සුවපත් කළ ඇදුරු තුමනි නිදුක් නිරෝගී වේවා!

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “කාලෝ ගේ වයෝවෘද්ධ මොළයට බුරු කථාවක් මතක් වෙයි

  • March 8, 2017 at 11:21 am
    Permalink

    Kalo mahaththaya kiyana katha echchara hithanna one nene. Lokka kiwwe Medical Council eka weda karanna one mata ona widiyata. SITM qualityath ehemane. Etha kota doctors lathsampurnayenma kiyana widiyatane. Den tika tika ehem mehen kiyala karawana ewa maha parimanayen getaluwak nethuwa karatha heki Dath tikatath adareine Doctors la wunath. Onama nam e kraketama taggala duppath kamath thuran karatha heki. Baya wenna epa ath dutuwaiprathyakskshai sahyai. Hemotama ithin dewiyangema pihitai Ta Ta Bye !

    Reply

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!