කිරි පිටි මිල ඉහළයි -කතා නම් බොහෝමයි

 

milk

කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 61 කිනුත්, කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 152 කිනුත් වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණය  පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කියා  සිටින්නේ මෙය ආණ්ඩුවේ  මඩිය තර ගැනීමට යොදා ගත තවත් උපක්‍රමයක් බවයි .

පක්ෂයේ මහා ලේකම්  තිස්ස අතනායක් ගේ බසින් කියතොත්  මේ මිල වැඩි කිරීමේ එකම හේතුව ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට ඒ හරහා මුදල් සොයා ගැනීම යි .

ඔහුගේ  ගණන්  සුත්‍රය  අනුව -මෙ රටට ඇතුළුවන විට කිරි පිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 140 කි. එහෙත් මෙතෙක් කල් ආණ්ඩුව රුපියල් 140 ක කිරිපිටි ග්‍රෑම්  400 ක පැකට්ටුවක් වෙළඳ පොළේ අලෙවි කළේ රුපියල්  395 ක මිලකටය. ඒ අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකි කිරි පිටි ග්‍රෑම්  400කින් ආණ්ඩුව කිරිපිටි බද්ද හරහා කිරි පිටි සමාගම් සමග එකතුව මෙතෙක් සාක්කුවේ දමා ගත් මුදල රුපියල් 255 ක් වූ අතර ඒ මුදලට තවත් රුපියල් 61 ක්  එකතු කර තිබේ. ඒ අනුව අද (2) සිට කිරිපිටි ග්‍රෑම් 400 කින් නව මිල යටතේ ආණ්ඩුව සාක්කුවේ දමා ගන්නා මුදල රුපියල් 316 කි; කිරිපිටි කිලෝ එකකින් සාක්කුවේ දමා ගන්නා මුදල රුපියල් 612 කි.

ආණ්ඩුවේ  ගණන් සුත්‍රය  අනුව  මෙය  ලෝක වෙළෙඳ පළේ  වැඩි වෙන මිළ  ගණන්  සමනය කෙරෙන මිල වැඩි කිරීමකි.

කිරි පිටි නිෂ්පාදන ගෙන්න  සමාගම් පුරා මාස විස්සක් තිස්සේ මිල වැඩි කිරීමක් ඉල්ලා සිටියත් එම අවසරය ලබා නොදී  බැරිම තැන  මිල වැඩි කල බවයි ආණ්ඩුව කියා සිටින්නේ .ලෝක වෙළඳපොළේ කිරි පිටි ටොන් එකක් ඇමරිකානු ඩොලර් 5,200 ක් දක්වා වැඩි වී තිබෙන හෙයින් මිල වැඩි  කළ  නොකර  සිටිය  නොහැකි  තත්වයක් උදා  වී ඇති බවයි  ආණ්ඩුව  කියා සිටින්නේ.

මීට පෙර  කිරි පිටි මිල වැඩි කළ අවස්ථාවේ දී කිරි පිටි ටොන් එකක් ඇමරිකානු ඩොලර් 3,700 කට මිල දී ගත හැකිව තිබුණු බවයි  ආණ්ඩුව තර්ක කරන්නේ .

මේ තර්ක  දෙකම  සාධාරණ  බව  කෙනෙකුට  තර්ක  කල හැකිය .

එහෙත් කිරි ඉල්ලා  අඬන දරුවන් නැළවීමට  මේ තර්ක  වලින්  වැඩි උදව්වක්  ලැබෙන්නේ නැත . ඒ සඳහා අවශ්‍ය වන්නේ උගුරෙන්  පහළට ගලා යන  කිරි මිස කටෙන් එළියට පනින වචන  නොවේ.

ශ්‍රී ලංකාව  සාම්ප්‍රදායිකව  ආර්ථික  සුභ  සාධක  දර්ශක වල ඉහළ  ස්ථානයක්  අත්පත් කරගත් රටකි.

සුභ  සාධක  දර්ශක වල ඉහළ  ස්ථානයක්  අත්පත් කර ගැනීමෙහි ලා පෝෂණ මට්ටම්  රැකගත  හැකිවීම  සෑහෙන  බලපෑමක් සිදු කොට  නැතැයි කාටවත්  තර්ක කළ  නොහැක .

කිරි කාරයා අතුරුදහන් 

1977 බලයට  පත් එක්සත් ජාතික  පක්ෂ  ආණ්ඩුව  ක්‍රියාත්මක් කළ නිදහස්  ආර්ථික  ප්‍රතිපත්තිය හේතුවෙන්  දේශීය  කිරි  නිෂ්පාදනය අඩපන විය .

බයිසිකලයේ  පෙට්ටියක කිරි  බෝතල්  දෙක  තුනක්  බැඳ ගෙන  එන  කිරි කාරයා  අතුරුදහන්  විය .

කිරි නිෂ්පාදනයේ ආයෝජනය කරනවාට වඩා පිටරටින් කිරි පිටි ගෙන්වා සම්තින් එකක්  හොයා  ගැනීම වඩා ලාභාදායක  වූ හෙයින් මධ්‍යම  සහ මහා පරිමාණ නිෂ්පාදනයට  ආයෝජකයින් නොමැති විය.

එහෙත් දැන් ඒ ගැන  දිවංගත  ජේ ආර් ජයවර්ධන  ශ්‍රීමතාණන් ට දොස් කීමෙන් පලක් නැත. මන්ද එතුමා දිවංගත වීත් දශකයක් ගෙවී ගොසිනි .තාමත්  ගැටළුවට  විසදුමක්  පෙනෙන තෙක් මානයක නැත.

සිතුවිලි තොප්පිය 

milkamul

 

සිහිනය මුළු රටටම කිරි  සපයන දැවැන්ත කිරි නිෂ්පාදනාගාරය.

මේ කොළඹ මුලික  සිතුවිලි තොප්පිය  ඉවත දමා ඉක්මනින් නරක්වන  ද්‍රවයය වන කිරි  ගමේ නිපදවා දියර  ලෙසින් ගමේදීම පරිභෝජනය

කිරීමේ  මගක් ගැන  හෙව්වොත් නරකද ?

ඒ සඳහා  අවශය වන්නේ පුන්නක්කු ,තණ  කොළ  සහ  හරකුන්  සහ වැස්සියන් කීප දෙනෙක් පමණි .

මේවා  හොයාගත හැකි වුවත්  කොළඹ මුලික  සිතුවිලි තොප්පිය ගලවා  ගැනීම  පහසු නැත.

ඒ සඳහා  අල්ලපු රටේ ‘අමුල් ‘ සමාගමේ වැඩපිළිවෙල  අධ්‍යයනය  කිරීම  වැදගත්ය .ගැමියන්  නිපදවන  කිරි විමද්‍යගත  වැඩ පිලිවෙලක් ඔස්සේ   බෙදා හැරීම  තුලින්  ඉන්දියාව  දියර  කිරි  වලින් ස්වයං පෝෂිත  බව කරා ලඟා වෙමින් සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.