කුරුල්ලෙක්වත් එයිද අත්තිඩිය අභයභූමියට?

birdl
මේ දවස්  සංක්‍රමණික කුරුල්ලන් අපහු ගම රට බලා යන කාලය . බටහිර පැත්තේ ශීත කාලය හමාර වෙන් කොට පිටත්  ව යන මේ කුරුල්ලෝ අපහු එන්නේ සැප්තැම්බර් මාසේ .
පහුගිය දවසක බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියට පැත්තේ යද්දී   වැහි ලිහිණියෙක්  පියඹා ගෙන ගියා .
අභයභූමිය  ටිකෙන් ටික මිය යනවා -ලබන අවුරුද්ද වෙන  කොට  මරේ කුරුලන් අපහු ඒවිද කියන එක  ප්‍රශ්නයක්
1990 අවුරුද්දෙදී  අත්තිඩිය අභයභූමිය ප්‍රකාශයට  පත්වෙද්දී ට  හෙක්‌ටයාර 372 ක භූමි ප්‍රමාණයක්‌ අයිතියි -එත් දැන් ඒ ප්‍රමාණයම තියෙනවාද කියන එක සැක  සහිතයි.මොකද වටේටම බිම් අල්ලාගෙන.
අනවසර ඉදිකිරීම්
අනවසර ඉදිකිරීම්
ගලාඑන අතිරික්‌ත වැසි ජලය රඳවා තබා ගෙන අවට ගංවතුරු උවදුරින් ආරක්‍ෂා කරන මේ බිමේ කුණු  කසළ  ගොඩ ගහන්න පටන් ගත්තොත් ඒ ප්‍රයෝජනයත් නැති වෙලා යාවි.
අනූව දශකයේ මුල් කාලය වනවිට මේ අභයභූමියෙන් හමු වී ඇති පක්‍ෂ විශේෂ ගණන 168 ක්‌-ඒත්  2000   පක්‍ෂි විශේෂ 88 යි  හමු වෙලා තියෙන්නේ.
 පද්ධතිය මගින් සිදු කෙරේ.
නේවාසික පක්‍ෂි විශේෂ  රැසක්‌ම ප්‍රදේශයෙන් වඳ වෙලා .
මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිනියාගේ උප විශේෂයන් වන ටයිට්‌ලර්ගේ වැහිලිහිණියා ඉස්සේලාම වාර්තා වුනේ බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමියෙන්. දුර්ලභ සංක්‍රමණික පක්‍ෂියකු වන පළගැටි හම්බු කුරුල්ලාත්  හමුවුනේ  මෙතැන.
dehiwala2pg
ලංකාවේ ඉතා දුර්ලභ සංක්‍රමණික පක්‍ෂියකු ලෙස සැලකෙන දම් සිලුටු දැ කුඩුවා,වගුරු පරිසරවල දක්‌නට ලැබෙන කිතලා, බෙළල්සේරා හා විල් කුකුලා ද මෙහිදී හමු වී තිබෙන බව  වාර්තා වෙනවා.
බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමිය තුළ උභයජීවින් විශේෂ 15 ක්‌ පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 4 ක්‌ ලංකාවට ආවේනික විශේෂයන් .ලංකාවට ආවේනික ලංකා බැඳි මැඩියා,සයෑගිලි පලා මැඩියා,වෙල් මැඩියා හා අටිකිත්තන් මේ බිමේ සිටිනවා.
මාළු විශේෂ   44 ක්‌ වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 06 ක්‌ ලංකාවට ආවේනිකයි .දැන් ඉන්නේ   මත්ස්‍ය විශේෂ 05 යි.දැනට මෙහි වාර්තා වන දේශීය මසුන් අතර හුංගා, කලපු හඳයා, කාවයියා, ලූලා, මඩ කනයා මේ බිමේ ඉන්නවා .
මේ  මසුන් වඳවීමේ කෙරෙහි අභයභූමිය තුළින් ගලා බසිනා බොල්ගොඩ ඇළ දූෂණය වීම ලොකු බලපෑමක් කරලා තියෙනවා .
 බොල්ගොඩ ඇළ දූෂණය වීම
බොල්ගොඩ ඇළ දූෂණය වීම
 බොරුදියතිල්ල, වෙල් ආත්තා, ජපන් ජබර, ඇලිගේටර් වැනි දරුණු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය නිසා පක්‍ෂීන්ගේ පැවැත්ම දුෂ්කර වෙලා .
ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ වන තිලාපියා, වෙල්ගුරාමි, ගප්පි හා වීදුරු පිසින්නා ගේ පැතිරීම යන මසුන් දේශීය මසුන් වඳ වීමට බලපාන හේතුවක්.
 බෙල්ලන්විල අත්තිඩිය අභයභූමිය තුළ හා ඒ වටා භූමි තුළ බොහෝ  ස්තාන් ගොඩ කරලා අ කැළි කසල කඳු  තවත් ප්‍රශ්නයක් .
   මෙහම ගියොත් ත් බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමිය කියලා එකක් මෙතැන තිබුනා කියලා බෝඩ් එකක් ගහහනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැති වේවි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.