ගජමන් නෝනා සහ හිරුනිකා

hiru
එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා නාම යෝජනා දාම් ඇදිල්ලෙන් රුවන්ති මංගලා සහ ජින්ජර් කැපී ගියේ අපේ
බොහෝ දේශපාලඥයින් තවමත් පරණ හණමිටිය උස්සා ගෙන රිලේ එක දුවන්නට කැමති බව හඟවමිනි.
නිළියන් දේශපාලනයට පිවිසීමට තරම් පරිනත නොවේ යැයි සදාචාර වාදීන් හා හෝ වක් නැගු විට නාම යෝජනා මණ්ඩලය කලබල වුයේ මේ සදාචාරාත්මක කෙඳිරිල්ල නිසා නාම යෝජනා දුන් තමන්ටත් තාර ගෑවෙතැතයි යන බියෙනි.
එහෙත් මේ කන් කෙඳිරි අභිභවායා හැකි බව පෙන්වා දුන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රයි.
ඇය පසක් කළේ සනාතන සත්‍යකි .මුරන්ඩු ගැහැණු වැටුනත් ඔවුන් නැගිටිනවා පමණක් නොව අවශ්‍ය දේ ද ලබාගනිති .

තමා පියා වූ භා රත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මියගියදා ඇය කියා සිටියේ තමන්ට තවත් වැටෙන්නට තැනක් නැති බවයි .
එහෙත් ඇය මුරණ්ඩු ලෙස නැගී සිටියාය . නුතන ෆෙස් බුක්‌ චරිතයක් ලෙසින් ඇය හැකි පුද්ගලයෙක් සමගම නෙට් වරක් කාලය -ඇය වියු දැල ක්‍රමයෙන් විශාල වූ අතර බොහෝ දෙනා ඒ තුල පැටලුණි .
ඇය මේ දැල වියන අ තර වාරේ අනන්ත අපහාස වලට ලක්වුවාය . ඇතම් මාධ්‍ය ඇයව ලේබල් කළේ හිරු -නිකර් යනුනි .
ඒ කිසිත් ගණන් නොගත් ඇය හැම මාධ්‍ය අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තාය . කඳුළු බින්දු වෙනුවට වචන පිරුණු මල්ටි බැරල් දමා ගැසුවාය -අනුකම්පාව වෙනුවට සෙක්සි ලුක් එකක් තියෙන කට සැර කෙල්ල- යන චරිත කරණයට මාරු වුනාය .එහිදී ගොඩනැගෙමින්  තිබු අනුකම්පාව අහිමි කරගත්තාය.ඒ පිළිබඳව ඇයට ලත වෙවී ඉන්න කාලයක් නොවීය .

මිස් හිරුනිකා ඇල්සයිම හෙව‍ ත්‍ අමතකවීමේ රෝගයේන් පෙලෙන බව  ඇතමෙක් කියා සීටියහ. එහෙත් අමතක් වීම ඇතීවී  තිබුනේ මිස් හිරුනිකාට නොව මේ විචාරකයින්ටය .ලංකා දේශපාලන භුමියේ ගති ස්වභාව ඔවුන්ට් අමතක වී තිබියදී ඇය එයින් ප්‍රයෝජන ගත්තාය
රුවන්ති මංගලා සහ ජින්ජර් නොදත් දෙයක් හිරුනිකා දන සිටියා . ඒ පොලිටික්ස් යනු හුදෙක් ටෝක්ස් හෝ ලුකස් දීම් නොව අවශ්‍ය තැනට හරි ටෝක් එක සහ ලුක් එක දීම බවයි.
හිරුනිකා හුදෙක් අනුකම්පාව මතම යැපෙමින් සිටියා නම් නාම යෝජනා මණ්ඩලය ඇයට කඳුළු පිසදා ගැනීමට ලේන්සුවක් දී ඇයව ගෙදර
යවන්නට ඉඩ තිබිණ.

එහෙත් හිරුනිකා නාමයෝජනා ලබා ගත්තේ හිරුනිකා සාධකය අපේ දේශපාලනයට එක කරමිනි .

ඇය ආකර්ශනීය නායකත්වයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය අලුත් තුන -පහ කීපයක් හදුන්වා දුන්නාය .

මුරණ්ඩු දේශපාලන හැසිරීමකට කුහක සදාචාර ය පරාජය කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

gajaman)

මේ පිළිබඳව අතීත අත් දැකීම ගජමන් නෝනා ගෙනි .

ටෙලිවිෂන් රියැලිටි ෂෝ නොවූ මාතර යුගයේ විසු මේ කිවිඳිය අවැසි තැනට රිසි ලෙස ටෝක්ස් දුන්නේ කවියෙනි. ඇය එහෙ -මෙහෙ
යන නොටෝරියස් කාන්තාවක් බව කට කථා පැතිර යද්දී කවි කමෙහි සමත් එහෙත් සංවේදී ලෙස කාන්තාවකට ආමන්ත්‍රණය කිරීමට නොදත් මුදලි කෙනක් කවියෙන් රාගය දැල්වීමට ට්‍රයි එකක් දුන්නේය.

පන්නා පත් තිරිඳු රිවි උදය වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ ගාලක
පන්න මදන බිතයෙන් ඉඳ නොවී සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල දවාලක

ගජමන් නෝනා ඒ මුදියන්සෙට ඇඩ්‍රස් නැතිවෙන තාලේ කවියකින් සාත්තු කලාය

තුනුවිල බලන්නට මුගේ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුනිය දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ දවාලක

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.