ගුගල් වෙත ඇබෑර්තු ඇත

GOOGLE
 GOOGLE Needs Creative Problem Solvers

ලෝ කයේ වැඩිම දෙනා පිවිසෙන වෙබ් අඩවිය ගුගල් -ඇතැම්විට මේ ලිපිය හොයලා දෙන්න ඇත්තෙත්  ගුගල් – පරිගණකය අතපත ගාන  බොහෝ දෙනාගේ සිහිනය ගුගල් සම්ම්ගමෙසමාගමේ රක්යාවක් හොයාගනීමයි .  Laszlo Bock, මේකේ බඳවා ගැනීම් භාර අංශයේ ප්‍රධානියා විගාග ප්‍රතිපල ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ මොකද ඔහු කියන විදියට කෙනෙක් ඉදිරියේද්දී කොහොම වැඩකරාවිද කියලා විභාග ප්‍රතිඑල අනුව  කියන්න බැහැ .

ඒ වගේම උසස් අධ්‍යාපනයක් නැතුව ගුගල් සමාගමේ වැඩ කරන පිරිස සියයට දාහතර දක්වා ඉහළ ගිහින් තියෙනවා .
හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ රස්තියාදු වෙවී ඉඳලා ගුගල් නැවට ගොඩවෙන්න පුළුවන් කියලා .
ගුගල් සමාගමට ඔවුන් ගේ ම නිර්ණායක පහක්  තියෙනවා .
 
(1)ගුගල් සමාගමේ රැකියා  වලින් සීයට පනහක්ම තාක්ෂණික අංශයේ රැකියා .මේ සඳහා   කේතකරනය () දැනගෙන් ඉඳීම වැදගත් .ඒ අර්ථයන් හොඳ අධයාපනයක් තිබීම වැදගත්, හැබැයි ඒ විතරක් මදි.
 
(2) අලුතෙන් යමක් ඉගෙන ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු    (general cognitive ability) එකට එකතු  කරලා අර්ථවත් යමක් මතු කර ගන්න ඕනේ. වැඩ කරන ගමන්ම මේ තේරුම් -බේරුම් කරගැනීම කරගන්න ඕනේ -පොතේ ගුරාලාට වරදින්නේ මෙතැනදී .
 .

(3) නායකත්ව ගුණාංග තියෙ න්න ඕනේ(.effective leadership )මෙතැන නායකත්වය කියලා කියන්නේ අර සමිතියේ   මේ සමිතියේ සභාපති වීම නෙවෙයි.
ප්‍රශ්නයක් මතුවූනාම ඉදිරියට ඇවිල්ලා ප්‍රශ්නය විසදීමට පියවර ගන්නවාද -ඒ වාගේම තමන්ගේ භූ මිකාව හමාර වූ පසු පස්සට අඩියක් අරගෙන අනෙක් අය ට වැඩ කරගෙන යන්න දෙන්න ඕනේ .බලය ලබාගැනීම වගේම බලය අත්හැරීමත් වැදගත්.
(4)වගකීම්  සහගත බව සහ නිහතමානිත්වය (  Humility and ownership)තියෙන්න ඕනේ.ප්‍රශ්නයක් මතුවුණාම ඒක විසදීම සම්බන්ධයන් තමන්ට තියෙන වගකීම භාර ගන්න ඕනේ ඒවගේම වෙනත්  කෙනෙක්  වඩා හොඳ විසඳුමක්   ගෙනාවොත් ඒක පිළිගන්න තරම් නිහතමානි වෙන්න ඕනේ .මේ  නිහතමානි බව නැති කෙනෙකුට වැඩිදුර ඉගෙන ගන්න බැහැ .සාමාන්‍යයෙන්  ගුගල් වගේ සමාගමකට එක්වෙන්න බලාපොරොත්තු වෙන බ්‍රයිටෝ තමන්ගේ වැඩ ගැන ලොකුවට හිතන්න පුළුවන් .එත් ගුගල් බඳවා ගැනීමේ ලොක්කට ඒවා දිරවන්නේ නැහැ .
(5) හොඳ විෂය දැනුමක්  සහ ප්‍රවීනතාවක් (expertise)තියෙන්න ඕනේ. ඉහතින් දැක්වූ ගුණාංග වලට විෂය දැනුම සහ ප්‍රවීනතාව එක වුනොත්
ගැටළුවලට නිර්මාණාත්මක විසඳුම් ලබාදීමේ හැකියාවක් ලැබෙන බවයි ගුගල් විශ්වාස කරන්නේ .
සමස්තයක් ලෙස ගත්තාම ගුගල් විතරක් නෙවෙයි තරඟකාරී පරිසරයක   ස්ථාන ගත වෙන්න බලන ඕනෑම කෙනෙකුට මේ නිර්ණායක වැදගත් වෙන්න පුළුවන්.මේ යටින් දිවෙන්නේ නිර්මාණාත්මක ලෙස ගැටළු විසදීමේ හැකියාවයි.
ධනාත්මක  චින්තන දේශකයෙක් මෙය ස්ථානීය දැනුම පිළිබඳ දැනුම් ප්‍රවේශයක් ඇතුව කටයුතු කිරීමේ වැදගත්කම  හුවා දක්වන අවස්තාවක් සේ සැලකිය හැකිය .
අපේ ගමේ ගොඩේ බස් වරින් කියතොත් අවශ්‍ය වන්නේ තැනේ හැටියට ඇනේ ගැසීමයි

GOOGLENAILjpgTo sum up GOOGLES s approach to hiring: Talent can come in so many different forms and be built in so many nontraditional ways today, hiring officers have to be alive to every one – besides brand-name colleges. Because “when you look at people who don’t go to school and make their way in the world, those are exceptional human beings. And we should do everything we can to find those people.” Too many colleges, he added, “don’t deliver on what they promise. You generate a ton of debt, you don’t learn the most useful things for your life. It’s [just] an extended adolescence.”Google attracts so much talent it can afford to look beyond traditional metrics, like GPA. For most young people, though, going to college and doing well is still the best way to master the tools needed for many careers. But Bock is saying something important to them, too: Beware. Your degree is not a proxy for your ability to do any job. The world only cares about – and pays off on – what you can do with what you know (and it doesn’t care how you learned it). And in an age when innovation is increasingly a group endeavor, it also cares about a lot of soft skills – leadership, humility, collaboration, adaptability and loving to learn and re-learn. This will be true no matter where you go to work.

© 2014, The New York Times News Service

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.