චණ්ඩි පුතා ගැන – තෙවරප්පෙරුමගේ අම්මා ගේ හෙළිදරව්ව

thewarapperuma“අම්මේ කොහොමද ඇමතිතුමාගේ පොඩි කාලේ විස්තර?”

“හරිම දඟයි පුතේ

. හැබැයි ගෙදරට කීකරුයි. පොඩි කාලේ පවා ගෙදරට හොරෙන්ම යනවා මිනිස්සුන්ට උදව් කරන්න. එයා ඒක එදා ඉඳලම කරපු දෙයක්. දවසක් ගෙදර එක්කං ආවේ ගෝනියකට තියාගෙන දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන්. වහලයක් ගහන්න පුවක් ගහක් කපනකොට පුවක් පතුරක් කකුලේ වැදිලා. ඉතින් එහෙම උදව් කරපු කෙනෙක් එයා. ඒ වැඩේ වෙනකොටත් අවුරුදු 12යි මෙයාට.” පාලිත තෙවරප්පෙරුම පසුගිය ස්වාභාවික විපත්වලදීත් තම ජනතාවගේ සුව දුක් බැලීමට කිසිඳු විටක පැකිළුණේ නැත. ඒ නිහතමානිකම පැසසුම් ලැබිය යුතුය. නමුත් බොහෝ පිරිස් කීවේ මාධ්‍ය සංදර්ශන කියාය. නමුත් එහි සත්‍යතාවය අම්මා විසින් දැන් හෙළිකර ඇත.

“ඇමතිතුමා මිනිස්සුන්ට උදව් කරන විට තමන්ගේ ජීවිත අවධානම ගැනවත් නොහිතපු තැන් තියෙනවා. එහෙම අවස්ථාවල අම්මා එපා කියලා නැතිද?”
“මම කොහොමද පුතේ මිනිස්සුන්ට උදව් කරන්න එපා කියන්නේ? අපි හැමදාම කියලා දුන්නේ දුප්පත්කමට අගෞරව කරන්න එපා කියලා. ඉතින් චණ්ඩි පුතා ඕක කරනවා.”

ඇත්තටම අහන්න හිටියේ අම්මේ. ඔය චණ්ඩි මල්ලි කියන නම ආවේ ඔය දඩබ්බරකම නිසාම ද?”
ඇය සිනාසේ… ඒ සිනාව තුළ ඇත්තේ අපට යම් අතපසු වීමක සේයාවකි. මා හටද එය වැටහුණේ අම්මාගේ ඉතිරි කතාව ඇසීමත් සමගිනි.

“ඔය නම කිව්වේ පාලිතගේ තාත්තා. දවසක් මම මෙයාට මාස තුනේදී විතර කිරි දෙනකොට, මම වෙනකාත් එක්ක හරි වෙන කතාවක හිටියේ. ඉතින් මෙයා ගැන අවධානය අඩුයි කියලා මෙයාට තේරුණාම, මගේ තන පුඩුව හයියෙන් හපාගෙන හිටියා. ඉතින් මම ඕක පාලිතගේ තාත්තාට කිව්වා. එයා ළඟට ඇවිත් මෙයා හරි චණ්ඩියෙක් ද කියලා පොඩි තට්ටුවක් මුහුණට දැම්මා. ඉතින් එදා ඉඳලා තමයි ඔය නම මම එයාට කිව්වේ. චණ්ඩි මල්ලි කියලා.”

මෙයා මහණ කරන්න කියලා මාස 3ක් පන්සලේ ඇබිත්තියා විදිහට තියාගෙන හිටියා. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ මෙයාගේ වේලපත්කඩේ එහෙම බලලා පන්සලේ ගිහින් තියාගෙන හිටියා ඉතින්. මෙයා හිටියේ මාස 3යි. ගෙදර ආවා.”

“අම්මාට අද පුතා ඉන්න තැන ගැන, ඒ චණ්ඩි පුතාගේ දියුණුව ගැන සතුටක් නැද්ද?”
“මට වැඩක් නැහැ පුතේ මන්ත්‍රී ද, ඇමති ද මට අදාළ නැහැ. හැබැයි ඒ මගේ පුතා.

“හැබැයි පුතේ හිතකින්වත් හිතුවේ නැහැ මෙහෙම තැනකට එයි කියලා. ඒක එයාගේ කැපවීම, ධෛර්යවන්තකම නිසා ආපු ගමනක්. අනිත් කාරණය තමා පුතේ, අපගේ කතාබහ මැදින් කෙනෙකු දිව ආවේ චණ්ඩි ඇමතිතුමාට පණිවිඩයක් රැගෙනය. ආ පුද්ගලයා කාර්මික වැඩපළක රැකියාව කරන්නෙකු බැව් සිතාගන්නට හැකියාව ලැබුණි. ඇඳුම පුරාම කිළිටි වුවත්, අපි ඉන්නා තැනට ආවේ කිසිම පැකිළීමකින් තොරවය.

“ඇමතිතුමා බලන්නකෝ

ලයිට් වයර් කඩාගෙන කැඩිලා පාරට වැටිලා” කියාගෙනය. “අද බණ ගෙදර, ඒ අස්සේ වැස්ස. විදුලියත් නැහැ.” දුක කියා පැමිණි එම පුද්ගලයාට ඉන්න කියා, තම ජංගම දුරකතනය රැගෙන අදාළ තැනට ඒ මොහොතේම කතා කොට අවශ්‍ය කටයුතු කරන්නට පාලිත තෙවරප්පෙරුම පසුබට වූයේ නැත “අම්මා චණ්ඩි පුතා දේශපාලනයට එනවට අකමැති වුණේ නැද්ද?”
“මම මොකට අකමැති වෙන්නද? එයා එයාට හිතුණ දේ කරනවා. ඒ දෙයින් වුණත් මිනිසුන්ට හොඳක් වෙනවා නම් මමPalitha Thewarapperuma සතුටු වෙනවා.

මම දවසක් කළුතර පූජාවකට ගිහින් එනකොට තමා මෙයා ඇවිත් කීවේ අම්මේ, මම ඡන්දේ ඉල්ලනවා කියලා. මම ඇහැව්වේ පුතේ අයියත් ඉල්ලනවා නේද කියලා.”

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විට ඔහුගේ වැඩිමල් සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වීම දේශපාලන සමබරතාවය ගැන අමුතුවෙන් කිව යුතු නැත. දෙදෙනා දෙපැත්තක නිසාත්, අම්මාට ඇත්තේ එක් ඡන්ද අවස්ථාවක් නිසාත් අම්මා එසේ අසන්න ඇත.

“ඊට පස්සේ පුතේ, චණ්ඩි පුතා කීවේ අයියට කැමති අය අයියට දෙයි. මට කැමති අය මට දෙයි කියලා.”
“ඉතිං අම්මා ඡන්දේ දුන්නේ කාටද?”

“ඡන්ද දාන්න උඩහා ඉඳලා එනකොට චණ්ඩි පුතා කීවා මඟ රැකලා අම්මේ, අම්මගේ ඡන්දය අයියට දාන්න මට නැතිවට කමක් නැහැ කියලා.
අන්න ඒ විදිහ තමයි එයා හිතන්නේ පුතේ…”

ඇත්තෙන්ම එතුමාට එසේ කියන්නට, සිතන්නට තරම් වටිනා උපේක්ෂාසහගත බව අම්මාගෙන්ම ලැබුණු දෙයක් බව මට ප්‍රත්‍යක්ෂ වුණි.
“අම්මේ දවසක් චණ්ඩි ඇමතිතුමා රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඒ මොහොත මතකද? අම්මට දරාගන්න බැරි වෙන්න ඇති?”

“ඔව් පුතේ, ඇත්තටම ඒ මොහොත කිසිඳු අම්මා කෙනෙකුට දරාගන්න අමාරුයි. ඒත් මම කීවේ හිරගෙවල් හදලා තියෙන්නේ මිනිස්සුන්ට, ඒ නිසා දුක් නොවී හිතට ධෛර්ය අරන් ඉන්න කියලා.”ඇත්තෙන්ම මේ අම්මා තුළ ඇත්තේ පුදුමාකාර හිතකි. තම දරුවා බන්ධනාගාරගත කරන විටක ඒ තරම් ධෛර්යවන්ත වූ ආකාරය ඇහැළේපොළ කුමාරිහාමි පරපුරක උදාර සේයාවක් වැනිය.

“ඇමතිතුමා ගෙදර ඉන්නකොට මොකද කරන්නේ අම්මේ?”
“අක්කර 25ක් විතර ඉඩමක වගා කටයුතු කරනවා. උදැල්ල, කැත්ත හොඳට හුරුයි. ඒ විතරක් නොවේ කුකුල්ලු, එළුවෝ හදනවා. එයාගේ අත්ගුණේ හින්දම ඒ සත්තුත් නීරෝගීව බෝ වෙනවා. කරන කරන අත ගහන වැඩේ සාර්ථකයි පුතේ එයාගේ.”

“ඒ කියන්නේ සාර්ථකත්වය තුළ සංවේදී මිනිහෙක් කියලද අම්මේ?”
“ඔව්, අඳේට හරකෙක් හැදුවා. ඒ හරකා ඉතින් සෑහෙන කාලයක් එයා රැක බලාගත්තා. දවසක් අයිතිකාරයෝ ඇවිත් හරකා අරන් ගියා. ඒ අරන් ගියා විතරයි මේ දරුවා පෙරළි පෙරළි ඇඬුවා. කන්නේ නැතිව හිටියා දවස් ගාණක් සාංකාව වගේ. සත්තුන්ට පවා හරිම ආදරෙයි. එයා චණ්ඩි මල්ලි කීවට හරිම සංවේදීයි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.