චෞර රැජින කරලියයට පිවිසීම ගැන වික්ටර් අයිවන්

wictior ivan

එක්තරා යුගකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමගසමීප සම්බන්ධයක් පැවැත්වූ රාවය කතුවර වික්ටර් අයිවන් චෞර රැජින පොත් තුලින් ඇයට දැඩි දෝෂ දර්ශනයක් එල්ල කළේය.

දැන් මේ පොත සිළුමිණ පුවත් පතේ පළ වෙන අතර  මේ පිළිබඳව තමන්ගේ විවේචනයක් ඇති බව ඔහු කියා සිටී.

මහින්ද රාජපක්ෂ ගෙන් තමන්ට කිසි හානියක් නැතත් මේ  මොහොතේ ඔහුට වඩා තමන්ට චන්ද්‍රිකා හා එකඟ විය හැකි බවයි ඔහු කියා සිටින්නේ- මේ රාවය පුවත්පතට ලියු ලිපියකින් උපුටා ගත් කොටස් කීපයක්:

මගේ අත්දැකීම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ වැටියෙන්ම භීතියට පත් කරන චරිතය ලෙස සැලකිය හැක්කේද චන්ද්‍රිකාය. ඊළඟට ජෙනරාල් සරත් ෆොන්සේකාය. චන්ද්‍රිකා සමග බරපතළ මතභේද තිබෙන පුද්ගලයකු වශයෙන් මහින්දට චන්ද්‍රිකාගෙන් එල්ල වන අභියෝගයකදී මා මහින්දට ආධාර කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ’යි ජනාධිපති මහින්ද සේ ම ඔහුගේ සමීප හිතවතුන්ද කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි. මෛත‍්‍රී පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට එන්නට කලකට පෙර පවත්වන්නට යන ජනාධිපතිවරණය කෙරෙහි චන්ද්‍රිකා බලපාන්නට යන බව පෙනෙමින් තිබූ අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ හිතවතකු මා අමතා දුරකතනයෙන් කතා කොට ජනාධිපතිවරයාට වහාම කතා කරන ලෙසත් මාගේ දුරකතන පණිවුඩය ලැබෙන තෙක් ජනාධිපතිවරයා බලා සිටින බවත් කියා සිටියේය. ජනාධිපතිවරයාට හදිසියේම මා සමග කතා කරන්නට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැ’යි මම ඔහුගෙන් ප‍්‍රශ්න කළෙමි. ජනාධිපතිට මා සමග ලොකු නෝනා ගැන කතා කරන්නට අවශ්‍ය වී තිබෙන බව ඔහු කීවේය. ලොකු නෝනා යන යෙදුමෙන් අදහස් කළේ චන්ද්‍රිකාය. මට අතීතයේදී චන්ද්‍රිකා පිළිබඳ ලොකු ප‍්‍රශ්නයක් තිබුණද දැන් මට ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙනුයේ ඇය නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ බව මම ඔහුට කීවෙමි. මම ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා නොකරන බවත් හැකිනම් මා දෙන ලද පිළිතුර ජනාධිපතිට දැනුම් දෙන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. එදින රාත‍්‍රියේ මම අතරමැදියාට දුරකතනයෙන් කතා කළෙමි. මා දෙන ලද පිළිතුර ජනාධිපතිවරයාට දැනුම් දුන්නේදැ’යි විමසා සිටියෙමි. කිසිදු විකෘති කිරීමකින් තොරව මා කියන ලද දේ ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයාට කියන ලද බව ඔහු කීවේය. ජනාධිපතිවරයා ඊට දක්වන ලද ප‍්‍රතිචාරය කුමක්දැ’යි විමසූ විට ‘ඔයාගේ හැටි මමත් දන්නවා. එයත් දන්නවා.’ යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය.

 

chaura

චෞර රැජින ප‍්‍රයෝජනයට ගැනීම

චන්ද්‍රිකා දේශපාලන කරළියට එන අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මාගේ ‘චෞර රැුජින’ පොත ඇයට පහරදීම සඳහා උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනු ඇති බව මම කල් තියා දැන සිටියෙමි. මගේ මිතුරකු මට කීවේ මගෙන්ද අවසර නොගෙන ආණ්ඩුව පොත හොරෙන් මුද්‍රණය කරවා හැම නිවසකටම පොතේ පිටපතක් ලබාදෙන පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවය. චන්ද්‍රිකා කරළියට ආ විට මහින්දට පෙනෙන්නට ඇත්තේ හැබෑවට තමන් සමග තරග කරන්නේ මෛත‍්‍රී නොව චන්ද්‍රිකා බවය. සංවාදය ආරම්භ කෙරුණු මුල් අවස්ථාවේදී රූපවාහිනී නාලිකාවල කෙරෙන දේශපාලන සංවාදවලදී ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් චන්ද්‍රිකාට පහරදීමට දේශපාලන බයිබලය කොට ගත්තේ ‘චෞර රැුජින’ පොතය. එම විවාදයන්ට සහභාගි වූ විරුද්ධ පක්ෂ නියෝජිතයන් ඒ පොත පදනම් කොටගෙන එල්ල කරන ප‍්‍රහාරවලදී සාර්ථක ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන තැනකට යන්නට සමත් වූ බවක්ද පෙනෙන්නට නොතිබුණි. අඩුම වශයෙන් මා ‘චෞර රැජින’ පොත පළකිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා වන රට පාලනය කළ සියලූ ජනාධිපතිවරුන්ගේ අශීලාචාර ක‍්‍රියාකාරකම් විග‍්‍රහ කරන ‘චෞර රාජ්‍යය’ නමින් තවත් පොතක් ලියා පළ කොට තිබෙන බවවත් ඒ කිසිවෙකු දැන නොසිටි බවද පෙනෙන්නට තිබුණි. ඔවුන් ඒ බව දැන සිටියේ නම් ‘චෞර රැුජින’ පළකිරීමෙන් තවත් අවුරුදු කිහිපයකට පසුව ඒ කතුවරයා විසින්ම ‘චෞර රාජ්‍යය’ නමින් තවත් පොතක් පළකර තිබෙන බවත් ඒ පොතේ මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳවද බරපතළ කාරණා ලියවී තිබෙන බවත් කියා උචිත කොටස් උපුටා දැක්වී නම් ප‍්‍රතිපක්ෂය කිසියම් ප‍්‍රමාණයකට හෝ නිරුත්තර කිරීමට හැකිවන්නට ඉඩ තිබුණි.

 

wictor ivan with mahinda

මාගේ මිත‍්‍රයා කී අනාවැකිය සනාථ කරමින් පසුගිය සතියේ ආණ්ඩුවට අයත් ලේක්හවුස් පුවත්පත් ආයතනය මගෙන් කිසිදු අවසරයක් නැතුව ‘චෞර රැුජින’ පොත කොටස් වශයෙන් පළකරන වැඩසටහනක් ආරම්භ කොට එහි මුල් කොටස පළකර තිබුණි. බුද්ධිමය දේපළ නීතිය අනුව කිසියම් පුද්ගලයකු ලියා පළ කරන ලද පොතක් ඔහුගෙන් ලබාගන්නා නිසි අවසරයකින් තොරව නැවත පළ කළ නොහැකිය. මේ ආණ්ඩුව නීතියට බය නීතියට අනුව ක‍්‍රියාකරන ශීලාචාර ආණ්ඩුවක් නොවේ. අප ප‍්‍රභාකරන්ට බිය නොවී නම් නීතියට බියවිය යුත්තේ ඇයිදැ’යි ඔවුන් කල්පනා කරනවා විය යුතුය. ලේක්හවුසිය අනුගමනය කළ ක‍්‍රියාකලාපයට එරෙහිව මට නීතිමය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇතත් අධිකරණය ඇද දමා තිබෙන ඛේදජනක තත්ත්වය අනුව බලන විට ඉක්මන් තහනම් නියෝගයක් ලබාගැනීමේ හැකියාවක් ඇතැ’යි මම විශ්වාස නොකරමි. සිළුමිණ පුවත්පත මෙම අතිරේකය පළකොට ඇත්තේ ‘මහජන සුබ සිද්ධිය වෙනුවෙන්’ යන බැනරයද ලොකු අකුරින් පළකරමිනි. එය හරියටම කොල්ල කල්ලියක් වස්තු කොල්ල කා පලායන්නට පෙර ඒ ස්ථානයේ අප මෙම වස්තුව කොල්ලකෑවේ ‘මහජන සුබ සිද්ධිය සඳහාය’ යන පාඨය සහිත බැනරයක් ප‍්‍රදර්ශනය කිරීමකට සමානය. ලේක්හවුස් ආයතනයේ බලධාරීන් මෙවැනි නොසණ්ඩාල දේවල් කිරීමට බිය නොවන්නේ නීතිය ඉදිරියේ වැරදිකරුවකු වන අවස්ථාවකදී පවා වන්දි ගෙවන්නට සිදුවන්නේ එම වරදට වගකිවයුතු පුද්ගලයන් පුද්ගලික වශයෙන් නොව රජයේ ආයතනයක් වන ලේක්හවුස් සමාගම විසින් වන නිසාය. එහෙත් මා මේ සිද්ධියේදී වගඋත්තරකරුවන් ලෙස නම් කරන්නේ එම අශීලාචාර නීති විරෝධී ක‍්‍රියාවට වගකිවයුතු බලධාරීන් නිල වශයෙන් පමණක් නොව පුද්ගලිකවද වගඋත්තරකරුවන් වන ආකාරයටය. එවිට කවදා හෝ ඔවුන්ට නිල වශයෙන් පමණක් නොව පුද්ගලිකවද වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේය.

මගේ නිරීක්ෂණය

‘චෞර රැජින’ නමින් මා ලියා පළ කොට තිබෙන පොතෙන් මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා කෙරෙන දේශපාලන අරගලයට හානියක් වේ නම් ඒ ගැන සතුටුවීමේ හැකියාවක් මට නැත. අනෙක් අතට ඒ පොත මහජන සංවාදයකට ලක්වන්නේ නම් ඒ ගැන පසුතැවිලිවීමේ හැකියාවක්ද මට නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.