ජනපතිවරණ සමයේ මාධ්‍යට මොකද වෙන්නේ?

Sri_Lanka_press_freedomedia

 

අවුල්සහගත තත්ත්වයක් ඇතිවීම ආරම්භවන්නේ අතුරලියේ රතන හිමියන්ගේ ප‍්‍රහාරාත්මක ආගමනයත් සමගය. ඒ හිමියන්ගේ ප‍්‍රහාරාත්මක කතා ආණ්ඩුවට පක්ෂපාත පුද්ගලික නාලිකා පවා පළ කළේය. ඒ මගින් මහජනයා කෙරෙහි ඇතිවූ බලපෑමද දැවැන්තය. ආණ්ඩුව ජනමාධ්‍යවලට ඍජු ලෙස නියෝග දෙන තත්ත්වයක් ඇතිවූයේ අතුරලියේ රතන හිමියන්ගේ කතා රූපවාහිනී නාලිකා මගින් අසන්නට ලැබීමෙන් ඇතිවූ හානිය තේරුම් ගැනීමත් සමගය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන පිළිගැනීම සඳහා පසුගිය ඉරිදා පොළොන්නරුවේ පැවති රැුස්වීමේදී රැුස්වීමේ කතා කරන අයගේ මුහුණු පෙන්විය හැකි වුවත් රැුස්වීමට එන සෙනඟ හොඳින් පෙනෙන්නට සැලැස්වීමෙන් වළකින ලෙස සියලූ විද්‍යුත් නාලිකාවලට නියෝග කරන ලදි. ඒ නියෝගය විද්‍යුත් නාලිකා අකුරටම පිළිපැදි බවක්ද පෙනෙන්නට තිබුණි. පොළොන්නරුවේ රැුස්වීම වාර්තා කරන ලද මුත් රැුස්වීමට පැමිණි මහ සෙනඟ නොපෙන්වීමට ඒ සියලූදෙනා වගබලා ගත්තෝය.

මෛත‍්‍රීගේ පොළොන්නරුව රැුස්වීමට පැමිණි සෙනෙඟ් සංඛ්‍යාව අවම වශයෙන් විසි දහසක් පමණ විය හැකිය. එය අසාමාන්‍ය තරමේ විශාල රැුස්වීමක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් ජනාධිපති වරයාගේ ප‍්‍රධාන රැුස්වීමකට සහභාගි වන ජනයාගේ ප‍්‍රමාණය හය දහසකට වැඩි නැත. ඒ සියලූදෙනා සාමාන්‍ය ජනයා නොවන අතර හැමවිටම තුන් හාරදහසක් තරම් පිරිසක් සමන්විත වන්නේ නිලධාරීන්ගෙන්, ආරක්ෂකයන්ගෙන් හා බුද්ධි අංශයේ සාමාජිකයන්ගෙනි. එවැනි සංදර්ශන මහජනයා රැුවටීමකට ලක් කරනවා පමණක් නොව එහිදී මහජනයා අමතන දේශපාලන නායකයන්ද රැුවටීමකට ලක් කරයි. ඊට වෙනස්ව මෛත‍්‍රීගේ පොළොන්නරු රැුස්වීමට සහභාගි වූ සියලූදෙන අව්‍යාජ වශයෙන්ම මහජනයාය.

lanka media

රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වෙත එල්ල වී තිබෙන පීඩනය සමහර නාලිකාවල හිමිකරුවන්ගේ හා ඒවාහි වැඩ කරන ජනමාධ්‍යවේදීන්ගේ බලවත් විරෝධයට හේතුවී ඇතත් ආණ්ඩුවේ නියෝග නොසලකා ක‍්‍රියාකරන තත්ත්වයකට තවමත් ඒ එකුදු ආයතනයක්වත් තල්ලූ වී නැත. මේ ආයතනවල හිමිකරුවන් ආණ්ඩුව සමග පවත්වාගෙන යන ව්‍යාපාරික සම්බන්ධතා අනුව බලන විට ඔවුන්ට තමන් මෙතෙක් ගිය මගේම යනවා හැර අලූත් මාවතකට මාරුවීමේ ඇත්ත හැකියාවක් නැත.

images (31)media

 

ඒ නිසා විරුද්ධ පක්ෂ ව්‍යාපාරයට මෙම ජනාධිපතිවරණයට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ ජනමාධ්‍යවල ප‍්‍රමාණවත් තරමේ ආවරණයක් නැතුවය. ආණ්ඩුවෙන් එල්ල වන බලපෑම් නිසා විරුද්ධ පක්ෂයේ අවාසියට හේතුවන ව්‍යාජ දේවල් පළකරන තත්ත්වයන් පවා ඇතිවිය හැකිය. ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය පෙන්නුම් කරන මෙම හැසිරීම ජනතාවගේ බලවත් විවේචනයට හා විරෝධයට හේතුවිය හැකි අතර අවසාන විග‍්‍රහයේදී ජනමාධ්‍යවලට තිබෙන මහජන විශ්වාසය මුළුමනින් අහිමි කරන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

 

වික්ටර් අයිවන්-රාවයෙන්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.