තීරු බදු රහිත බලපත්‍ර හරහා කළු සල්ලි සුදු කෙරේ

nlambo
Cashing the Black-Should it be stooped?

කළු සල්ලි ජාවාරම් කරුවන් මිල අධික වාහන මිලදී ගැනීම තුලින් තමන්ගේ සල්ලි සුදු කරගැනීම ජයටම කරගෙන යනබව ශ්‍රී ලංක මහා බැංකුව කියා සිටී.මේ සඳහා ජාවාරම්කරුවන්  වැඩි වශයෙන් භාවිතා කරන්නේ තීරු බදු රහිත බලපත්‍රයි .

තීරු   බදු රහිත බලපත්‍ර විකිණීම  පිළිබඳව දැන්වීම් පළ කිරීම තහනම් කල යුතුද  නැද්ද යන්න පිළිබඳව රේගුව සහ මහා බැංකුව  සාකච්ඡා   කරමින් සිටින  බවයි පසුගියදා පැවති සම්මන්ත්‍රනයකදී හෙළිදරව් වුනේ.
ආණ්ඩුව වසරකට දේශපාලඥයින් සඳහා  තීරු   බදු රහිත බලපත්‍ර පන්දහසක් පමණ නිකුත් කරනවා .
new-car
දෙතුන් පැත්තක්
 බැළු බැල්මට  මේ තහනම ක්‍රියාත්මක කොට කළු සල්ලි ජාවාරම් ජාවාරම් නතර කළ යුතු බ ව කෙනෙකුට හි තුනත් මෙහි දෙතුන් පැත්තක් ඇත .
කළු සල්ලි  වාහන හරහා හෝ ප්‍රධාන  ප්‍රවාහයට ඇදී ඒම  ආර්ථික ජව ගැන්වීමට හේතුවකි.
අනෙක් පැත්ත  නම්  ලොව පුරාම  කළු සල්ලි ජාවාරමට වැට බැඳෙමින් තියෙනවා.
ඒ අපේ රටවල්වලට ඇති ආදරයට වඩා   කළු සල්ලි  මත ගොඩ නැගෙන අවිධිමත් ආර්ථිකයක් ශ ක්තිමත් වුනහොත් බටහිර බලවතුන්ගේ
මුල්‍ය පාලන  බලය මොටවන බව දන්නා හෙයිනි.
මේ තත්වය හමුවේ කළු සල්ලි සමග  වුවමනාවට වඩා සෙල්ලම් කිරීම අත පුච්චා ගැනීමක් විය හැකිය .
ඒ කොහොම වෙතත්,කොච්චර බඩගිනි වුනත් ලැම්බෝගිනියක්   පියඹා යන විට වැදෙන දුවිලි පාර කොයිතරම්  සුවදායකද ?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.