ද්‍රව නයිට්‍රජන් වලින් දුවවන කාර්

 

nitregan car

A Ride in a liquid Nitrogen Car?

ද්‍රව නයිට්‍රජන් යනු අවර්ණ ඉතා සීතල දියර තත්වයේ පවතින වායුවක්. රථවාහන ධාවනයට දියර නයිට්‍රජන් භාවිතා කලහැකිද යන්න පිළිබද දැන් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මහ පාරට එක්වෙන හයිබ්‍රිඩ් කාර් ප්‍රමාණය වැඩිවෙමින් තිබෙන අතර වාරයේ මේ අලුත් නිපැයුම කෙරේ  අවධානය යොමුව ඇත්තේ වායුව මිළ අඩු පිරිසුදු බලශක්ති ප්‍රබවයක් සේ සැලකෙන හෙයින්.

දැනට ධාවනය වන හයිබ්‍රිඩ් වාහන බොහෝමයක්ම ඇත්තේ පෙට්ට්‍රල්වලින්  රථය පණගන්වා අනතුරුව ධාවනය වෙමින් පවතින අවස්ථාවෙදි චාර්ඡ් වෙන බැටරියක ආධාරයෙන් අනෙකුත් බලශක්ති අවශ්‍යතා සපුරන සැලැස්මක්. බලශක්තිය  මාරුවෙන් මාරුවට භාවිතා කරමින් හයිබ්‍රිඩ් වාහනයේ යන ගමන නිසා ඉන්ධන සදහා වැය වෙන මිළ අඩුවෙන බවයි තර්ක කෙරෙන්නේ.

දැන් අලුත්ම උත්සාහය වායුව භාවිතා කරමින් කාර් දුවවන්නයි. ඊට අතගසා ඇත්තේ පර්ජෝ සමාගමයි. පෙට්ට්‍රල් වලින් වාහනය පණගැන්වෙන අතර වාහනය දුවවන්නේ  ද්‍රව නයිට්‍රජන් වායුවෙන්. ද්‍රව නයිට්‍රජන් වලින් ලැබෙන තල්ලුව ප්‍රමාණවත් නොවුනොත් පෙට්ට්‍රල් දහනයෙන් බලශක්තිය සැපැයෙනවා.

දැනට භාවිතාවන විදුලිය සහ පෙට්ට්‍රල් හයිබ්‍රිඩ් වලට වඩා ලොව නයිට්‍රජන් සහ පෙට්‍ට්‍රල් හයිබ්‍රිඩ් වඩා ලාබදායක බවයි,ඊට මුල් වු ඉංජිනේරුවන් කියා සිටින්නේ. නගරයක පැයට සැතපුම් 43ක පමණ වේගයකින් ධාවනය වන අවශ්ථාවලදී මුලු බලශක්ති සැපයුමෙන් 60%ත් -80%ත්  අතර ප්‍රමාණයක් ද්‍රව නයිට්ට්‍රජන් වලින්  ලබා ගත හැකි බවයි අත්හදා බැලීම් කළ ඉංජිනේරුවන් කියා සිටින්නේ.

 

 

01 මේ ටැංකිය තුල ඇත්තේ අධික පීඩනය යටතේ රදවා තිබෙන ද්‍රව නයිට්‍රජන්nitregan car

02 ඇක්ස්ලේටරය පෑගුවිට ද්‍රව නයිට්‍රජන් වලින් ලැබෙන බලය රෝද වලට ලබා දේ.

03 මේ ටැංකිය තුල ගබඩා කෙරෙන්නේ  වරක් භාවිතා වු  ද්‍රව නයිට්‍රජන්. මෙම ද්‍රව නයිට්‍රජන් යලිත් භාවිතා කළ හැකියි.

04  ද්‍රව නයිට්‍රජන් වලින් ලැබෙන බලය ප්‍රමාණවත් නොවු විට පෙට්ට්‍රල් එන්ජිම ක්‍රියාත්මක වෙයි.

මේ තොරතුරැ උපුටා ගත්තේ වෙබ් අඩවියෙන් – නැවුම් නිමාවකින්  දැනුම් නිම් වළළු පුළුල් කෙරෙන ඉසව්වකි -ඒ වෙත මේ වෙත කරන්න -ක්ලික්

 

 

popscience

 

මේ බ්‍රිතාන්‍යයේදී සිදුකළ තවත් අත්හදා බැලීමක්

 

[vsw id=”XWTSXTZLYHg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.