ආවේණික මත්ස්‍ය විශේෂ අටක් වැනසී යෑමේ අනතුර

කොළ ගඩයා

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත, ඉතාම දුර්ලබභ හා අප රටට ආවේණික මත්ස්‍ය විශේෂ 8 ක් හා ජලජ ශාක විශේෂ 13 ක් අභිජනනය කර අපනයනය කළ හැකි වන පරිදි නීති සැකසීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

මෙය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් කරන වඩක් වන හෙයින් මෙය ආර්ථික වර්ධනයට තුඩු දෙන වැඩක් වන හෙයි එය ප්‍රශ්න කරන්නේ ඇයිදැයි කෙනෙකුට ඇසිය  හැකිය.

මේ සඳහා නීති සම්පාදනය කර මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටත් යවා තිබේ.

 

විල්පිට දණ්ඩියා
විල්පිට දණ්ඩියා

 

මේ  පනත් සංසෝධනය නීති පොතට ඇතුල් වුන හොත්   දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ 8 ක් බෝකර අපනයනය කිරීමට මෙලෙස අවස්ථාව ලැබෙනු ඇත.

. පතිරණ සාලයා (Devario pathirana), ගඩයා (Labeo fisheri), අශෝක පෙතියා (Systomus asoka), බන්දුල පෙතියා (Pethia bandula), දුම්බර පෙතියා (Systomus martenstyni), විල්පිට දණ්ඩියා (Rasbora wilpita), දන්කුඩු පෙතියා (Dawkinsia srilankensis) හා තොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi) යන මසුන් අපනයනය කිර්රෙම්ට ඉඩ ලැබෙන බව ප්‍රසාර සංරක්ෂණ භාරය පෙන්වා දෙයි.

මේ විශේෂ අභිජනනය සඳහා ස්වාභාවික වාසස්ථානවලින් ඉවත් කිරීම හේතුවෙන්ම ඉතා කෙටිකලක් තුළ දී මේ සතුන් ගේ වඳවීම සිදු විය හැකි ය.

ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 91 ක් වාර්තාවන අතර ඉන් විශේෂ 50 ක් ලංකාවට ආවේණික වේ. 2012 රතු දත්ත ලේඛනයට අනුව මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් විශේෂ 45 ක් (50% ක්* වඳවීමේ අවදානමට ලක්ව සිටී. ලංකාවට ආවේණික මිරිදිය මසුන් අතුරින් විශේෂ 39 ක් (78%) වඳවීමේ අවදානමට ලක්ව තිබේ.

 

අශෝක පෙතියා
අශෝක පෙතියා

 

මිරිදිය මසුන් අතුරින් විශේෂ 21 ක් වඳවීමේ අවදානමට දැඩි ලෙස පාත‍්‍ර වූ නැතහොත් දැඩි තර්ජිත (Critically Endangered) මට්ටමේ ද, විශේෂ 19 ක් තර්ජිත (Endangered) හා විශේෂ 5 ක් අවදානම් (Vulnerable) මට්ටමේ ද සිටී. විශේෂත්වය වන්නේ ආවේණික විශේෂ අතුරින් 18 ක් දැඩි තර්ජිත හා විශේෂ 19 ක් තර්ජිත මට්ටමේ පසුවීමය.

මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මේ මසුන් ස්වාභාවික පරිසරයෙන් අල්ලා අපනයනය කිරීම හා වාසස්ථාන විනාශ වීම ය. දැනට වසර 50 ක කාලයක සිට විසිතුරු දේශීය මිරිදිය මසුන් හා ජලජ ශාක අපනයනය කිරීම සිදු කරයි. මේ අපනයන ක‍්‍රියාවලියේ දී සිදු වන්නේ ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගන්නා මසුන් හා ජලජ ශාක අපනයනය කිරීම ය.

. සමන්ත ගුණසේකර මහතා විසින් රචිත 2011 වසරේ ප‍්‍රකාශයට පත් කළ Export Trade of Indigenous Fresh Water Fishers of Sri Lanka ග‍්‍රන්ථයට අනුව ලංකාවට ආවේණික මිරිදිය මසුන් ගෙන් 100% ක් අපනයනය කරනු ලබන්නේ පරිසරයෙන් ඉවත් කිරීමෙනි.

මේ හේතුවෙන් දැනට ස්වාභාවික දිය පහරවල ඉතිරිව ඇති මසුන් ද ඉතා දුර්වල, අලංකාරවත් වර්ණ නොදරන මසුන් වෙති. ඒ විශේෂ ද ඉතාම කෙටි කාලසීමාවක් තුළ වඳවීම සිදුවනු ඇත.

 

දුම්බර පෙතියා
දුම්බර පෙතියා

 

 

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාරා ආයතනය, රේගු දෙපාර්තමේන්තුව හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යන ආයතනවලින් සැදුම්ලත් කමිටුවක් පත් කර එමගින් මේ ජලජ ශාක හා මත්ස්‍ය විශේෂ අභිජනනය ක‍්‍රියාවලිය පසුවිපරම් යාන්ත‍්‍රණයකට යටත් කිරීමට යෝජිතව ඇත. නමුත් මේ තත්ත්වය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට හැකිවේ ද යන්න ගැටළු සහිත ය.

මේ කමිටුවේ වැඩ ගැන හොයා බැලීමට තවත් කමිටුවක් පත් කිරීමට සිදුවුවහොත් එය පුදුමයක් නොවනු ඇත.

 

දැනට ආරක්ෂිත නොවන, ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ අතුරින් 100% ක් පමණ අපනයනය කරනු ලබන්නේ ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගැනීමෙනි. ඒ තත්ත්වය පාලනය කර අභිජනනය කර මේ සතුන් අපනයනය කිරීමට යොමු නොකර ආරක්ෂිත හා ඉතාම දුර්ලභ මත්ස්‍ය විශේෂ අභිජනනය කර අපනයනය කිරීමට සැලැසුම් සකස් කිරීම යනු නොකළ යුතු ක‍්‍රියාවකි. කළ යුතු දෑ බොහෝ පවතිද්දී නොකළ යුතු දෑ සිදු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් අනෙක් ආයතන පෙළඹවීම යනු ඉතා හානිකර ක‍්‍රියාවකි.

එහෙයි ඉතා දුර්ලභ පාරිසරික සම්පතක් සමග ක්‍ර්නන්ට යන්නේ අනතුරුදායක සෙල්ලමකි.

 

රතු ඉන්දියානු නායක සියැටල්
රතු ඉන්දියානු නායක සියැටල්

 

රතු ඉන්දියානු නායක සියැටල් ගේ වචන මේ නීති සම්පාදනය කර ගැනීමට වෙහෙස ව පිරිසටයි.

මෙම පොළොවට යම් දෙයක් සිදුවේද, ඒ දෙයම පෙරළා එහි දරුවන්ට ද සිදුවනු ඇත. මිනිසා ජීවිතය නැමැති දැල වියනු නොලබයි. ඔහු හුදෙක් එහි නූලක් පමණි. මිනිසා එම දැලට යමක් සිදු කරයි ද එය තමාටම සිදුකර ගන්නා දෙයක් හා සමාන වෙයි’.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.