පන්සිල් නොගත් අහිංසාවාදියා

adhi2

මේ මාර්තුව උදා වන්නේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ ශ්‍රේෂ්ටතම තම අවිහිංසා වාදියායා යැයි කටපුරා කිව හැකි වියතාණන් ගේ උපන් දිනය සනිටූහන් කරමින්.

නිවුණු ළතෙත් ගුණයෙන් පිරිපුන් මේ ඔහු අපූර්ව සංවේදී මිනිසා උපන්නේ -1905 මාර්තු මස 29 දින- දිවියෙන් සමුගත්තේ 1985 දෙසැම්බර් මස 28 දා- ඒ අතරතුර ගෙවුණු දශක අටක් තරම් වූ කාලය තුලදී ඔහු කීමට උත්සාහ කළ පණිවිඩය තාමත් අසා තේරුම් ගැනීමට අපට නොහැකි වී ඇත.

ඊ ඩබ්ලිව් අදිකාරම් වියතාණන් බ්‍රිතාන්‍යයේ ආ චා ර් ය උපාධිය හදාරන සමයේ එතුමන් ගේ ගේ සමකාලීනයින් වුයේ ලෙස්ලි , කොල්වින්, එන් එම් අදීන්ය.ශිල්ප හදාරා ශ්‍රී ලංකාවට පැමිණි මේ වාමාංශික නායකයින් නැගු හඬට සාපේක්ෂ වශයෙන් යම් තැනක් ලැබුනද අදිකාරම් වියතාණන් ගේ ස්වර්ණ ස්වරයක් වන් අවිහිංසාවාදය සුළගේ පාවී ගිය හඬක් විය . ඒ හඬ සිසිල් මාරුතයක් වූ නමුත්
නොරැදුණි.

ඊ ඩබ්ලිව් අදිකාරම්ට අනුව ජාති වාදය තුරන් කළ නොහැකි දෙයකි මන්දයත් එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් හෝ පහත් නොවේ. නොපවතින යතාර්ථයක ජීවත් වන්නේ පිස්සන්ය. ඒ අනුව ජාතිවාදය සුව නොකළ හැකි පිස්සුවකි.

ඊ ඩබ්ලිව් අදිකාරම් අප්‍රතිහත දිරියෙන් යුතුව රට පුරා දෙසුම් පැවැත්වීමට තැනින් තැන ගමන් කළේය.

adhi4n

දිනක් දෙසුමක් හමාර වූ පසු තරුණයෙක් අදිකාරම් තුමන් වෙත පැමිණියේ ප්‍රශ්නයක් සමගිනි .

“සමාවෙන්ඩ මහත්මයා, මේ සභාවට පැමිණි ඔබතුමා වියත් දෙසුමකින් අපව දැනුවත් කළා. එහෙත් සභාව ආරම්භයේදී පන්සිල් සමාදන් වීමේ දී ඔබතුමා පන්සිල් නො ගෙන සිටියා.” දිනක් දෙසුමකට සහභාගි වීමට ගිය අදිකාරම්තුමන්ගෙන් සභාවේ තරුණයකු එසේ විමසුවේ ය.

වියතාණෝ සන්සුන් ලීලාවෙන් මෙසේ පිළිතුරු දුන්හ.

“ඔව් – ඒක ඇත්ත – මං එක් වරක් පන්සිල් සමාදන් ව තිබෙනවා. මා ආයෙත් සමාදන් විය යුතු නැහැ. මන්ද – මා පන්සිල් රකින අයකු නිසා.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.