පේරාදෙණි ලව් වර්ගීකරණය

peraqq

1974 ශාස්ත්‍ර පීඨ සමරුවට සටහනක් තබන කුලරත්න අමරසූරිය සහෘදරයා තම මතකය අවදි කර ගන්නේ සරසවි ලව් එක ඔස්සේය. ඔහු කියන දේවල් අනුව පෙනි යන්නේ ඔහු ඉතාහොඳ ලව් කටර් කෙනෙක් වන බවය. හන්තානේ සොබා සොදුරු මැනවින් විඳගත් රසවතෙකි.

සවන් දෙමු කුලරත්න අමරසූරියට.

 

සරසවියට ඇතුලුවෙන පලමු වසරේ සිසුන් බොහෝ දෙනෙකුට නියං සමයක් හෙවත් කෝඩ කාලයක් පසුකිරීමට සිදුවේ. මන්ද යත් ජේෂ්ඨ උත්මයන් විසින් නැව (නවක සිසුන්) පැමිණි විගස බඩු (ගැහැණු ළමුන්) අත්පත් කරගන්නා හෙයිනි. සාමාන්‍යෙයන් ඉහළ වසරක සිසුවියක් දමා ගැනීමට ඉඩක් නැත. එසේ කළහොත් එය ලැම්බට් වීමකි. අනෙක් අතට ඊළඟ නැවෙන් බඩුවක් දමාගත නොහැකි වුවහොත් ඉන් අනතුරුව එළඹෙන අවුරුද්දේ තරඟය උග්‍ර වේ. මේ නිසා වේලිල්ලේ කල්ගත කොට ගලහා හන්දියෙන් පිටමන් වීමට සිදුවන පිරිසකුත් සිටිති. අනෙක් අතට ආටන්  (කලා පීඨ) සිසුන් හට වෙනත් පීඨයකින් බඩුවක් දමා ගැනීමට ඇත්තේ ඉතා අඩු  ඉඩකි. එහෙත්  ආටියන්ටනම්  අනෙක් පීඨ වලින් යම් තරමක ඉල්ලුමක් තිබේ. රත්ත පොතුනම් විශේෂයි.

 

peera

 

කුලේ විසින් පෙනුම අනුව ගැහැණු ළමුන් පිළිබඳ වර්ගීකරණයක් ඉදරිපත් කොට ඇත.

01 කිරි සුදු ටොයියා

02 ටොයියා

03 යකා

04 අම්බ යකා

මීට අමතරව ඇතැම් ගැහැණු ළමුන් අපායට ගහපු කැලැන්ඩර් සේ ද හඳුන්වන අවස්ථා තිබේ. අම්බ යකෙක් සමඟ පෙම් බඳින්නා බොහෝවිට  යකා මහත්තයා යැයි හැඳින්වේ.

කුලේ ලව් පිළිබඳව තවත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. ඒ බත් ලව්, පොත් ලව් සහ සිත් ලව් යනුවෙනි. බත් ලව් යනු බොහෝ විට පෙම්වතිය මාර්ගයෙන් බත් එක ගෙන්වා ගැනීමට ගන්නා උත්සාහයයි. බත් වෙනුවට තවත් බොහෝ දේ පසු කාලිනව එක් විය. ඒ හොට් ප්ලේට් භාවිතය ප්‍රචලිත වීමත් සමගයි. පිට්ටු, රොටී තමන්ගේ පෙම්වතුන්ට සපයන පෙම්වතියන් බහුල  වුහ.

පොත් ලව් යනු තමන්ගේ පත පොත ගෙන්වා ගැනීමට ලව් එක භාවිතා කිරීමයි. මීට අතිරේකව සිසුන් රැකියා කිරීමට පටන් ගැනීමත් සමඟම කාබන් කොපියක් තබා සටහන් වල පිටපතක්  ලබා ගැනීමටත් පොත් ලව් භාවිතා විය. එමෙන්ම එක විෂයක් හදාරන්නේ නැති අවස්ථාවලදි පෙම්වතිය ලවා සටහන් පිටපත් කර  ගැනීමටත් පොත් ලව් එක භාවිතා විය. සිත් ලව් එක යනු හඳවතින් සිදුවන බැඳිමයි. මීට අමතරව තවත් ලව් ප්‍රභේද ඇතත් එය  මෙහි සටහන් කිරීම තරමක අසීරුය. ඒ සන්ධ්‍යාවන්හි ගොම්මන් අඳුර වැටෙන යාමයේ කළ එලි බසින ලව් එකයි. ඒ ලව් එක නැත්නම් ඇත්තෙන්ම ඒ ප්‍රේමය රෝගී එකකි. එහෙයින් අවසාන වශයෙන් ලව් පිළිබඳ දිය හැකි නිගමනය වන්නේ බොහෝ විට මේ විවිධ ප්‍රභේද  එකම ලව් එකක කොටස් ලෙස දැක්විය හැකි බවයි.

 

loverslane

ලව් එක හැම දෙනාටම හරියන්නේ නැත. එවැන්නෙක් බැන්ඳ පද පේලි හතරකී මේ.

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය

මේ කිව් එකාගේ කට කෑවත් මදිය

ඉවසපු නැතිවුන්ට බඩු හත අටය

ඉවසපු නිසා මම තවමත් තනිකඩය.

 

perabicy

පෙම්වතිය සමඟ ගමන් කිරීම කරත්ත දැක්වීමයි. සරසවියට ඇතුල්වෙන නවක සිසුන්ට ලැබෙන උපදෙසක් වන්නේ නම් කරත්ත දක්වන විට උදැල්ල (බාධා) දැමිය  නොයුතු බවයි. එසේම සරසවි සිසුන් බෙදා නොගන්නා තුන් ජාතියක් ගැනද උපදෙස් ලැබේ. ඒ දත් බුරුසුව, යට ඇඳුම සහ පෙම්වතියයි. සරසවි සිසුන්  පිටස්තර පෙම්වතුන්ට අතිශයින්ම ඇලජික්ය. සරසවියෙන් බැහැර සිට ප්‍රේම සම්බන්ධතා පවත්වන ඔවුන් මුහුදු  …කන්නන් ලෙස හැඳින් වෙන අතර MH යන කෙටිනමින්ද හදුන්වනු ලැබේ.

අවස්ථා කීපයකදීම බැහැරින් පැමිණි පෙම්වතුන් හට පහරදීම් සිදු වී ඇත. ලවර්ස් ලෙන් ප්‍රදේශය මේ MH පෙම්වතුන්ට තහනම් අඩවියකි.

 

[vsw id=”/g-fUjcqvSX8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!