බඩගින්න නැති නොකොළොත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සුං – ශිරාල් ලක්තිලක

shiral-jayathilakeශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ “සුභාරතී“ වැඩසටහනට ගිය ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් නීතීඥ ශිරාල් ලක්තිලක පැවසුවේ , සම්මුති බද්ධ ප්‍රජාතන්ත්‍රවාදය (Consensual Democracy), හා සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) එකතුව අලුත් අත්දැකීමක් වන. නමුත් එය මතවාදීව තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව අපොහෝසත් වී ඇති බවයි.

එනිසා මේ ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් ලෙස දැකීමට ජනතාව පෙළඹී සිටින්ති අබ ඔහු කියා සිටියේය. එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේදී ඒවා ක්‍රියාක්මක වන්නේ සෙමිනි. එනිසා රාජපක්ෂ ක්‍රමයට හුරුවූ ජනතාවට මෙය පෙනෙන්නේ දුර්වල ආණ්ඩුවක් ලෙස බව ශිරාල් තර්ක කරයි. ජනතාවට පැහැදිලි වන ආකාරයේ නිශ්චිත බල බෙදීමක් පෙනෙන්නට නැති වීම තවත් ගැටළුවකි. . උදාහරණයකට “වැට් ගේනව, නැවත ආපස්සට අදිනව, සංශෝධනය කරනවා“ මේ දෙස බලා සිටින ජනතාව තවත් ව්‍යාකූලත්වයට පත් වේ.

තුන්වන කාරණය වන්නේ, මහින්ද රාජපක්ෂ ගොඩනැගූ දේශපාලනය මතවාදීව පරාජය නොකිරීම තවත් අර්බුදයක් ලෙස ලක්තිලක දකී.
මේ ආණ්ඩුව ඇනගෙන ඇත්තේ මහත්වරුන්ගේ දේශපාලනය කිරීමට යාම නිසා බව ලක්තිලක පවසයි. .

“යකාගේ හැටියට විමානේ“ යනුවෙන් මෙරට ජනගතව පවතින කියමනට අනුව බලන කල අප ජන සමාජය දියුණු නොවූවක්කි බවයි ඔහු කල්පනා කරන්නේ.

“මුන්ට ඕව හරියන්නේ නැහැ. දෙකේ දෙකේ පොල්ලක් අරන් කිව්වොත් තමයි හරියන්නේ“ කියා කෙනකුට කිව හැකිය. එය සත්‍ය වන නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නන් ලෙස අපි කිසිවිටෙකත් එය අනුමත නොකන බව ලක්තිලක පෙන්වා දෙයි. ලංකාවේ පවතින නිරපේක්ෂ දුප්පත්කම සංඛ්‍යා ලේඛනවලට අනුව ඇත්තේ 07% කි. එහෙත් සාපේක්ෂ දුක්පත්කම සියයට පනහකට වැඩිය. එනිසා අපගේ අවදානය යොමු කළ යුත්තේ නිරපේක්ෂ දුක්පත්කම ගැන නොව සාපේක්ෂ දුක්පත්කම පිළිබඳවය.
සාපේක්ෂ දුක්පත්කම

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මනුෂ්‍යයකුට සිහිනැතිව ඉඳීමට කිලෝ කැලරි 2200ක් අවශ්‍යය වේ. එනම් සිහිමුර්ජා නොවී පැවතීම සඳහා අවශ්‍ය අවම ඒක පුද්ගල කැලරි ප්‍රමාණය මෙය වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කිලෝ කැලරි 2200ක් ලබාගැනීම සඳහා පරිභෝජනය කළ යුතු භාණ්ඩ හා අනෙකුත් පහසුකම් සලසකා බැලීමේදී සිව්දෙනකුගෙන් යුතු පවුලකට දිනකට රුපියල් 1000ක් අවශ්‍ය වේ. ඉන් 50% ආහාරවලට හා අනෙකු දෑ සඳහා 50% වැය වේ. ඒ අනුව අවශ්‍ය මාසික ආදායම රුපියල් 30,000 කි. ලංකාවේ තිස්දාහක් උපයන්නේ රජයේ සේවකයින් පමණය. එසේ නම් රුපියල් 15000 ගන්න පවුල් කොපමණ සංඛ්‍යාවක් මේ රටේ පවතීද? ඒ අනුව අවම කැලරි ප්‍රමාණයෙන් භාගයක්වත් ඔවුහු පරිභෝජනය නොකරතිි. සාපේක්ෂ දුක්පත්කම යනුවෙන් හඳුන්වන්නේ මේ තත්ත්වයයි.
මේ තත්ත්වය.හමුවේ ජනමත විචාරණයකට යා යුතු යැයි සිවිල් සංවිධාන පවා හඬනගා පැවසුවද ජනතාව තීන්දු තීරණ ගන්නේ ව්‍යවස්ථාව හොඳද නරකද කියන කාරණාව මත නොව ආණ්ඩුව තමන්ට මොනවද ලබා දී ඇත්තේ යන පදනමේ සිටය.. ඒ නිසා සාපේක්ෂ දරිද්‍රතාවය ඉවත් කිරීමට අප වහා ක්‍රියා කළ යුතු බවයි ලක්තිලක පවසන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.