මහ ලේකම් තුමනි… බහින තැන හරි

ban ki moonපාසල් යන කාලයේදී  බස් කොන්දොස්තර කෙනෙක් වීම මගේ එකම සිහිනය විය. ඒ  කෙනෙක් බැසිය යුත්තේ කොතනින්ද යැයි කීමට ලැබෙන බලය හේතුවෙනි.

දැන් ශ්‍රී ලංකාවටත්   කොන්දොස්තර වරයෙක්  ඕනෑ  වී  තිබේ. ඒ ෆුට් බෝඩ් එකේ ගමන් කරන අතර තුර ගමනාන්තය තීරණය කීරීමට උත්සාහ කරන බැන්කි මූන් මහතාට “ දැන් ඉතින් ඇති… ඔතිනින් බැහැ ගන්න” යැයි කියා සිටීමටය.

එක්සත් ජාතීන් ගේ මහා  ලේකම්වරයා පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයෙදී පැවැත්වූ  දේශනයේදී ශ්‍රී ලංකාවේ සිදුවීම් රුවන්ඩාවේ සහ සර්බියාවේ සිදුවීම් වලට සම කළේය. රුවන්ඩාවේ සහ සර්බියාවේ සිදුවූ දේ ශ්‍රී ලංකාවේත් සිදු වූ බවත් යළි එවැන්නකට ඉඩ තිබිය යුතු නැති බව තම ලියාගත් කථා පිටපතෙන් බැහැර වූ මහ ලේකම්වරයා කියා සිටියේය..

එය ඔහුට සාපේක්ෂව හරි හෝ වැරදි විය හැකිය. ගැටළුව ඇත්තේ එතැන නොවේ.  ශ්‍රී ලංකාවේ ගැටුම ජන සංහාරයකට සම කිරීම රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතට  පටහැනිය. එතුමා කාශ්මීර ගැටලුව පිළිබඳව ඉන්දියාවේදී මෙසේ පැවසු වේ නම් අනිවාර්යයෙන්ම ගුවන් තොටුපළට මග ඉන්දීය නිලධාරීන් විසින් පෙන්වා දෙන්නට ඉඩ තිබිණි.

ශ්‍රී ලංකවේ නම් විදේශ ඇමති මංගල සමරවීර සිනාමුසුව කියන සියල්ල අසාගෙන සිටියේය. මුන් ෆුට් බෝඩ් එකේ ගියත් වැදගත් මගියෙකි. මැදමුලන චන්ඩින් කීවක් සේ ‘අඩෝ  බැහැපන්’ යැයි කීමට අවශ්‍ය නැත. එහෙත්  ඒ වෙනුනවට  “සර් දීපු සප් එකට තැන්ක්ස්… මෙතැනින් බැහැගන්න” යැයි විනීතව කිව හැකි  කොන්දොස්තරවරයෙකුගේ සේවය වහාම අවශ්‍ය වී ඇත.

නැතිනම් මුන් ගේ මග  පෙන්වීම අනුව යන බස් එක ගසක හැපීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!