මෛත්‍රීට නිවාඩු නොදුන් – හිටපු පොළොන්නරු දිසාපති  ඔස්ටින් ප්‍රනාන්දු  

austin fernando

 

 

මට මෛත්‍රී සමුවූයේ පොළොන්නරුවේ අතිරේක දිසාපති ලෙස සේවයකරන කල්හිය.

 

 

 

1975 දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ දේශපාලන බලධාරීන් ලෙස සිටියේ ‘දිස්ත්‍රික් දේශපාලන බලධාරීවූ’ ශ්‍රීලනිපයේ රත්න දේශප්‍රිය මැතිතුමා හා පොලොන්නරුවේ ලීලාරත්න විජේසිංහ මන්ත්‍රීතුමාය. මෛත්‍රී නම් තාරුණ්‍යයෙන් සපිරි ‘ගැටයා’ ලීලාරත්න විජේසිංහ මන්ත්‍රීතුමන්ගේ ලේකම් වීය. ඔහු කලෙක සමුපකාර නිලධාරියෙකු මෙන්ම ග්‍රාමසේවක  නිලධාරියෙකුද විය..

 

සිරිමාවෝ බණ්ඩාරනායක රජය පෙරලා ජේ ආර් ජයවර්ධන රජය 1977 දී පත්වුණි. සැමකල්හිම අප රට සිදුවන පරිදි මෛත්‍රී ග්‍රාමසේවක නිලධාරියාට නව-එජාප රජයේ නියෝජිතයන්ගේ දේශපාලන කෙනහිලිකම්වලට මුහුණදීමට සිදුවිය

. දිනක කාර්යාලයට ගිය ඔහු දුටුවේ ග්‍රාමසේවක සේවයෙන් ඔහුට ඉවත්ව යන ලෙස පොල්ගෙඩි අකුරෙන් කළ දැන්වීමකි. මේ දේශපාලන පලිගැනීමක්  බව තේරුම් ගත් ඔහු ඉන් ගැලවීමට, ග්‍රාමසේවක නිලධාරීන්ට තහනම්වූ දේශපාලනය දැඩිව බදාගැනීමට පෙළඹුණි. ‘ළිං කටින් වැටුණු එකා ළිං කටින්ම ගොඩ ආයුතුයි’ ඔහු කම්පනයෙන් සිතුවා විය හැකිය.

 

ඒ අනුව ලද අවස්තාවක් පරිදි ඔහු දිනක් දේශපාලනික තරුණ සමුළුවකට විදේශ ගතවීමට ඉල්ලුවිට මම අවසර නුදුන්නෙමි.

එවිට ඉල්ලා අස්වීමේ විකල්පය ඔහු මට සඳහන් කළවිට, අනාගතය අමිහිරි නොකරගන්නා ලෙස උපදෙස් දුනිමි. පැය 48 පසුව යලිත් සිතා බලා මා සමුවන ලෙස දැඩිව පැවසූයෙමි.

දින දෙකකට පසු පැමිණ නිවාඩු ලැබෙන්නේ නැත්නම් ඉල්ලා අස්වනබව පැවසුවිට, ඔහු වැරදි ක්‍රියාමාර්ගයක් ගන්නේයයි පැවසුවද, ඔහුගේ නොපසුබට දැඩි ඉල්ලීමට එකඟවී ඉල්ලා අස්වීම පිලිගතිමි.

එය ඔහුගේ දිවිමග මුළුමනින්ම වෙනස් කළේය.

මේ පියවර ඔහුගේ තාරුණ්‍යයේ නිර්භීත භාවයට හා දෘඩ අනාගත දැක්මට නෑකම් කියයි. ඔහුගේ පූර්ණකාලීන දේශපාලනයට කැපවීමට එසේ මාද වක්‍රව දායක වී ඇති අතර ඔහු මේ සිද්ධිය සැමවිටම ප්‍රසිද්ධියේ නොවලහා විස්තරාත්මකව පවසන්නේ නිහතමානිත්ත්වයට නෑකම් කියමිනි.

paddy

ඔහු විසිවසරක දේශපාලන දිවිය සැමරූ දින රැස්වීමේදී හාස්‍ය මුසුව එය ආවර්ජනය කළේ “අද මේ රැස්වීමට පැමිණ සිටින හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු දිසාපති ඔස්ටින් ප්‍රනාන්ඳු මහතා එදා මට වැඩිදුරටත් තදින් බලපෑමක් කළා නම් මම රැකියාවෙන් ඉල්ලා අස්නොවී සිටින්නටත් ඉඩ තිබුනා. එහෙම වූයේනම් මම මේ වනවිට වියපත් ග්‍රාමසේවක නිලධාරියෙක් පමණයි” පවසමිනි!

 

 

නිතොරම ඔහු මුවග වූ අහිංසක සිනහව දිසාපති කාර්යාලයේ සැමගේ සිත් ඔහු කෙරෙහි බැඳ තබාගැනීමට සමත් වීය. එය අදද එසේය. එසේවුවද, ඒ සිනහව තුල සැගවුණු හිංසක බවක් ඇතැයි පවසන මෛත්‍රී විරෝධී පිරිස් දැන් සිටින බව නම් මාධ්‍ය සාකච්චා හුවා දක්වයි. කෙසේ වුවද, ඔහු කෙමෙන් පරිනතවනු දුටු මා සිතට පහළවූයේ වඩා ස්ථාවර ‘මෛත්‍රී චින්තනයක්’ ඔහු ගොඩ නගාගෙන ඇති බවය. දුම්වැටි හා ඖෂධ පිලිබඳ ඔහුගේ ස්ථාවරයන් ඊට සාක්ෂිය.

 

එළඹ ඇති ගමනේ කෙළවර, ජනමතය විසින්  2015 ජනවාරි අට වැනි දින හෙළි කරනු ඇත.

 

*ඔස්ටින් ප්‍රනාන්දු – හිටපු පොළොන්නරු දිසාපති

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.