රත්න ශ්‍රී- පහන් ටැඹ නොතකා හරිමුද?

 

rathanasri

 

රත්න ශ්‍රී විජේසිංහ යනු නේක විධ දුර්ග මාර්ග තරණය කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීමට දැවැන්ත මෙහෙයක් කරන පුංචි මිනිසෙකි. ඔහුගේ ගී පද රස විඳ සාහිත්‍ය විචාරකියවා පුරුදු පුහුණු රසවතුන් හට ඔහුගේ මෙහෙය පිළිබඳ අලුතෙන් කීමට යමක් නැතත්, මේ මෙහෙය ගැන නොදන්නා පිරිසක්ද සිටිති. ඒ නොදන්නා පිරිස අධ්‍යාපනික හා සංස්කෘතික ක්ෂේත්‍රෙය් මෙහෙයුම් මධ්‍යස්ථාන වල පරිපාලකයන් වීම අවාසනාවකි. එහෙයින් මේ සටහන ඔවුන් වෙනුවෙනි.

අටුවා ටීකා නැතුව කියතොත් රත්න ශ්‍රී අගනා සම්පතකි. කවුරු මොනවා දුන්නත් නොදුන්නත් රත්න ශ්‍රී තමන් දන්න දෙයින් සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීමට කැපවී සිටී. සාහිත්‍ය කලාවට ලැදි කොල්ලෝ කුරුට්ටෝ

පැමිණ ආරාධනා කළවිට මහන්සිය නොබලා රත්න ශ්‍රී දුරු බැහැර කරා යන්නේ මේ හේතුවෙනි. එහි ගොස් සාහිත්‍ය රස අතඹුළක් සේ පහදන්නේ ප්‍රේක්ෂක පිරිසගේ සවනත් ග්‍රහනය කර ගනිමිනි.

එහෙයින් රත්න ශ්‍රී ඉටු කරන මේ අනගි මෙහෙයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල සිංහල අධ්‍යයන අංශ කටයුතු කලයුතුව ඇත.

නේවාසික විද්වතෙක්
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක සිංහල අධ්‍යයන අංශයක (poet in resident)නේවාසික කවියෙක් ලෙස හෝ නේවාසික විද්වතෙක් ලෙස රත්න ශ්‍රී නම් කොට ඔහුගේ සේවය ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

රත්න ශ්‍රී ගේ ජීවිත පරිඥානය හා සාහිත්‍ය දැනුම එක්කොට නිර්මාණය වූ ඥාණ පෝෂණය ශ්‍රී ලංකාවේ සරසවි සිසුන්ට බොහෝ දේ උකහාගත හැකි වනු ඇත. විශ්ව විද්‍යාලවල සිංහල අංශ යනු දැන් ඇත්තටම පාලුවට ගිය අම්බලන්ය. පෙරදා විශ්ව විද්‍යාලවල සංස්කෘතික ජීවිතය පෝෂණය කළ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, මහාචාර්ය සුචරිත ගම්ලත් , මහාචාර්ය හෙට්ටි ආරච්චි, ආනන්ද කුලසූරිය, පියසීලි විජේගුණසිංහ, හේමපාල විජේවර්ධන,

ඒ.වී. සුරවීර වැන්නවුන් නික්ම ගොසිනි. සිංහල අංශයේ තුල ශාස්ත්‍රීය ලකුණු අතින් මුද්‍රා තැබු පී.බී. මීගස්කුඹුර, ජේ.බී. දිසානායක , කේ. එන්. ඕ . ධර්මදාස වැන්න වුන් දැන් වෙනත් මං පෙත් වලය. අලුතින්

හැදිගෙන එන අමරකීර්ති ලියනගේ, සඳගෝමි කෝපර හේවා හා ආනන්ද තිස්ස කුමාර වැන්න වුන් ගේ සේවයෙන් පමණක් දැනට ඇති අර්බුදය සමනය කර ගත නොහැකි වනු ඇත.

 

rathnasri

සුවිශේෂ වු දැනුම්

මේ වාතාවරණය තුල රත්න ශ්‍රී වැන්නකුගෙන් ලැබි ඇති පිටුවහල ඉමහත්ය. මේ නිහතමානි මිනිසාගෙන් විමසීමක් කළහොත් ඔහු ඊට එකඟ විමට ඇති ඉඩකඩ බොහෝය. රත්න ශ්‍රී තුල ඇත්තේ අතිශය සුවිශේෂ වු දැනුම් විශේෂයකි. ඒ නේක විද දැනුම් සංකලනයන්ගේ එකතුවකි. අවුරුදු දෙකේ දී අම්මා තමන් හැර ගියදා පටන්ම ඔහු ජීවිතය හා පොර බැදුවේය. වංකගිරි වන අරණේ අකුරු කරන්නට ගිය තැන කවි ලීවේය. බහු ජාතික සමාගම් උක් වගාවට අරඅදින විට ඒ වේදනාව ගී පදයකට නැඟුවේ ‘බිම්බරක් සෙනඟ ‘ ගීතය නිර්මාණය වීය. තවත් විටෙක අමරසිරි දොඩංගොඩ ඇමතිවරයා හා ඡන්ද අහුලන්නටත් රත්නශ්‍රී එක් විය. එස්.

බී. දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණයට නින්දාකලා යැයි කියන අවශ්ථාවේදී ඔහුව ගලවා ගන්නට උත්සාහ කළබවට මහ තැනින් චෝදනා එල්ල වීමත් සමඟ රත්නශ්‍රී ට එතෙක් කරගෙන සිටි රැකියාවත් නැති විය. සුනාමියෙන් දිවි බේරා ගත්තේ අනුනවයෙනි. දයාබර බිරිඳ අකල් දිවියෙන් සමුගත් විට රත්නශ්‍රී නොසෙල් වුනු සිතින් යුතුව දිරිමත්ව තමන්ගේ සාහිත්‍යකරණයේ නිරත වුණේය. මේ සටහන අධ්‍යාපනය උදෙසා දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරන්නැයි ඉල්ලා සිටින ඇඳුරන්ගෙන් කාගේ හෝ අතට පත්වී ඔවුන් හෝ රත්න ශ්‍රී ‍ගේ සේවය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට ලබා ගත හැකි මෙහෙය ගැන යමක් සිදුවේනම් මැනවි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.