වර්ජන මැඩීමේදී ජේ ආර්.ට පමණක් දෙවෙනි වූ ලී ක්වාන් යු

lee-kuan-yew1980 වසරේ මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී ‘සිංගප්පෝ එයාර්ලයින්ස්’ සමාගමේ ගුවන් නියමු සංවිධානය, (සිංගප්පෝ එයාර්ලයින්ස් පයිලට්ස් ඇසෝෂියේෂන්) 1980 වසරේදීම වැඩ වර්ජනයක් දියත් කරන්නේය. එය දැඩි අර්බුදයකට යන අතර ඉහළ වැටුප් සහ ඉහළ ප්‍රතිලාභ ඉල්ලමින් මාසයකට ආසන්න කාලයක් එය පැවැතියේය.

මෙම තත්ත්වය නොඉවසූ ලී ක්වාන් යූ මහතා ඊට මැදිහත් විය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී අදහස් දක්වන සිංගප්පූරුවේ අගමැතිවරයා මෙසේ කියන්නේය.

“මම ගුවන් නියමුවන් හමුවුණා. මම ඔවුන් හමුවුණේ රූපවාහිනියෙන් නෙමෙයි. මම මුහුණට මුහුණ ඔවුන් හමුවුණා”
“මේසයේ එක පැත්තකට ඔවුන්. එක පැත්තක මම. අපි දෙගොල්ලෝ හිටියේ අඩි පහක් දුරකින්. ඔවුන්ට මාව පේනවා. මට ඔවුන් පේනවා. ශක්තිමත් තවමත් සටන් කළ හැකි මා දෙස බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මා සමඟ සටන් කරනවාද නැතිනම් පරාජය බාරගන්නවාද කියා තීරණය කරන්න ඔවුන්ට අවස්ථාව තිබුණා”

“මම ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නා. මේ තර්ජනය, (ඇත්ත වශයෙන්ම එය තර්ජනයක්) නවත්වනවාද ? එහෙමත් නැතිනම් නැවතත් සේවයට එනවාද කියන තෝරාගැනීම් දෙක මම ඔවුන්ට දුන්නා. මම ඔවුන්ට තෝරාගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා”

සති දෙකක් තිස්සේ වැඩ වර්ජනයේ යෙදෙමින්, ගුවන් ගමන් අඩාල කරමින්, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල්, දැන්වීම් සඳහා වියදම් කරන ලද මුදල් සියල්ල මේ වර්ජනය විසින් විනාශ කරන ලැබුවා. මේ වැඩ වර්ජනය සියල්ල විනාශ කළා”

“ඔබලා කැමති නම් මෙය දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, මට සියලු වෙර දරා, මම ඔබට හොඳ පාඩමක් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා” යයි මා ඔවුන්ට කියා සිටියා. එය නැවත නැවත කීමට මා සූදානමින් සිටියා.

“එසේ නැතිනම් මේ වර්ජනය නැවැත්විය යුතුයි. මා සියල්ලටම සූදානමින් සිටියේ”

“මා ඔවුන්ට දුන් අනෙක් තෝරාගැනීම මේකයි”

“එහෙම නැතිනම් ඔය වර්ජනය නවත්වලා, නැවත වැඩ කරන්න. වැඩ කරමින් ප්‍රශ්නය සාකච්ඡවට ගනිමු. විනයගරුක වෙන්න. ඉන්පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න” යයි මා ඔවුන්ට කියා සිටියා.

“සටන් කිරීමෙන් පලක් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් විනාඩි 65 කදී තීරණයක් ගත්ත”

“ඔවුන් තේරුම් ගත්තා ඔවුන් නොමැතිව ගුවන් සේවය කරගෙන යන බව. ඔවුන් නීතිය දැනගත්තා. ගුවන් සේවය ක්‍රියාත්මක කරගෙන යෑමට මට හැකියාව තිබෙන බව ඔවුන් තේරුම් ගත්තා”

“සිංගප්පූරුව පාලනය කරන ඕනෑම නායකයකුට ඒ ශක්තිය තිබිය යුතුයි. රට කරගෙන යා යුතුයි. වැරැදි වෙන්න බැහැ. බැරි නං දාලා යන්න ඕනේ”

“මේක කාඞ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැපකළා. මම ඉන්නකං කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”. යයිද ලී ක්වාන් යූ මහතා කීවේය.

1980 ජුලි වර්ජනය

දිනෙන් දින බඩුමිල ඉහළ යෑම නිසා වැඩකරන ජනතාව ඉහළ යන ජීවන වියදමට ඔරොත්තු දීම සඳහා මසකට රුපියල් 300කින් එනම් දිනකට රුපියල් 10කින් වැටුප් වැඩිකරන ලෙසද වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකට රුපියල් 5 බැගින් දීමනාවක් ගෙවන ලෙසද ඉල්ලා සිටියහ.

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සදහා ආයතන ඉදිරිපිට පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් පැවැත්වූ අතර ඒවාට පුළුල් සහභාගිත්වයක් සහිතව සටන්කාමි ස්වරූපයක් ගනු ලැබීය

එහෙත් ආණ්ඩුව සැලුනේ නැත.

එජාප ආණ්ඩුව වර්ජනයට එරෙහිව 1980 ජුලි 19වැනිදා රත්නපුර මැලිබන් හන්දියේදී ජුලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් JR-Jayawardhanaරැස්වීම් පැවැත්විණි. “රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැණියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ‍ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි” එජාප නායකයා කියා සිටියේ මරදානේ පැවති එම රැස්වීමකදීය.

ජේ.ආර් හැරී හැරී බලා සිටියේ නැත.පසු පරිද්දෙන්ම ක්‍රියාත්මක වීය.

වර්ජකයින්ට ජුලි මාසය සඳහා වැටුප් ගෙවීම අත්හිටුවන ලදී. රජයේ ආයතන සහ ගොඩනැගිලි තුළ පිහිටුවා තිබූ සියළු වෘත්තීය සමිති කාර්යාල වසා තබා ඒවාට සීල් තබන ලදී. ජුලි මස 23වැනිදාට ප්‍රථම සේවයට වාර්තා කිරීමේ කොන්දේසි සහිතව අවසාන අවස්ථාවක්ද ලබාදෙන ලදී. බොහෝ දෙනෙකු සර්පයින් දෂ්ඨ කිරීම, කම්මුල්ගාය, සරම්ප වැනි රෝග වැලදීම නිසා සේවයට පැමිණීමට නොහැකිවූ බවට අභියාචනා එක්කර යළි සේවයට එක්විය.

අගමැති රණසිංහ ප්‍රේමදාස 1980 ජුලි 24වැනිදා කියා සිටියේ එදිනට පසු වර්ජකයින් 40,356ක් සේවයට වාර්තා නොකල බැවින් සේවය අතහැර ගියා සේ රජය කල නිවේදනය ක්‍රියාත්මක කරන බවය. ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරුන් මගින් එක් ආසනයකට රැකියා ඉල්ලුම්පත් 100 බැගින් ලබාගෙන රැකියා නැති අයගේ විස්තර ලබාගෙන ඔවුන් වර්ජිත සේවකයින් 40,356 වෙනුවට බදවා ගන්නා ලදී. එමෙන්ම 1980 ජුලි 22වැනිදා වන විට එසේ රැකියා බැංකුවේ ලියාපදිංචි වී සිටියදී රජයේ සහ සංස්ථාවලට බදවාගත් සේවක සංඛ්‍යාව 8,421කි. වර්ජිතයින්ගෙන් පුරප්පාඩුවූ සෙසු තනතුරු සදහාද සියළු දෙනා එජාප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලුම්පත් අනුව අගෝස්තු මස වන විට බඳවාගෙන නිමකර තිබිණි.

ලක්ෂ තුනකට අධික දරු පවුල් ගණනක් අනාථ වුහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.