ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට පරදීද ?

Afghanistan-vs-Sri-lanka-Previewමේ වන විටත් ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය ලබා ගෙන ඇත.පිපිරීම් සහිතව වේලී ගිය කල්කටාවේ ඊඩ්න් ක්‍රීඩාංගනය පැහැදිලිවම දඟ පන්දු යවන්නන්ට වාසි ගෙන දෙන පිටියකි.

වඩා ප්‍රබල පන්දු යැවීමක් කිරීමට ඉඩ ඇත්තේ ඇෆ්ගනිස්තාන් පැත්තෙනි.

දඟ පන්දු යවන මොහොමඩ් නබී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වී තිබේ.

පසුගිය වසරේ ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය පරාජය කලේ යාන්තමිනි.

ඇෆ්ගනිස්තානය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන උපක්‍රමය වී ඇත්තේ දිනේෂ් චන්දිමාල් සහ තිලකරත්න දිල්ෂාන් ආරම්භක පිතිකරණයේ යෙදවීමයි.

මෙවැනි සීමිත උපක්‍රම වලින් ඇෆ්ගනිස්තානය වැනි ස්ථාවර කණ්ඩායමකට අභියෝගයක් එල්ල කල හැකිද යන්න ප්‍රශ්නයකි.

දඟ පන්දු යවන්නන්ට හිතවාදී පිටියකින් ප්‍රයෝජන ගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට වාසි ලබා ගත හැකි අන්දම පිළිබඳව ක්‍රිකට් පරිපාලකයින් මැනවින් කල්පනා කල බවක් පෙනෙන්නට නැත.

ඇෆ්ගනිස්තානු නායක අස්කර්ගේ දඟ පන්දු යවන්නන්ගෙන් වැඩි මෙහෙයක් ලබා ගැනීමට තීරණය කල ඇතැයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.

මේ වනවිට පිතිකරණය සම්බන්ධයෙන් චන්දිමාල් හැරෙන්නට බලාපොරොත්තු තැබිය හැකි අනෙක් පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් පමණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.