ශුක්‍රානු හිඟයි – ගබඩා කරමුද

spermපුරුෂයින්ගේ ජන්මාණු හෙවත් ශුක්‍රාණු දැනට පවතින වේගයෙන් අඩුවුවහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවට වෛද්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි. අධ්‍යයන 200ක් ඇසුරින් ලද ප්‍රතිඵල ඇගැයූ පර්යේෂකයින්ට අනුව පෙනී ගොස් තිබෙන්නේ වසර 40 ට අඩු කාලයකදී උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩකින් අඩුවී ඇති බවය.

ප්‍රධාන පර්යේෂක ආචාර්ය හැගායි ලෙවීන් පවසන්නේ අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තමන්ට ඇත්තේ “මහත් කණස්සල්ලක්” බවය.

මෙය අදාළ කරුණ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විශාලතම පර්යේෂණ ඇගයුම් වන අතර ඒ සඳහා 1973 සහ 2011 යන වර්ෂ අතරදී කරන ලද අධ්‍යයන 185 ක ප්‍රතිඵල එක්කරගෙන තිබිණි.වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලෙවීන් බීබීසී සමග පැවසුවේ මේ ප්‍රවණතාව ඉදිරියට ගියහොත් මෙලොවින් මානවයා තුරන් විය හැකි බවය.

වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලෙවීන් බීබීසී සමග පැවසුවේ මේ ප්‍රවණතාව ඉදිරියට ගියහොත් මෙලොවින් මානවයා තුරන් විය හැකි බවය. අඩුවීමේ වේගය ‘ඉහළ නගී’

“අපේ ජීවන රටාව, පරිසරය වගේම අප රසායනිකවලට නිරාවරණය වීම වෙනස් නොකළොත්, අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න ගැන මට තියෙන්නේ බලවත් කණස්සල්ලක්” ආචාර්ය ලෙවීන් පවසයි.

ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලෙවීන්ට අනුව ශුක්‍රාණු ප්‍රමාණයේ 52.4% ක පහළ යාමක් සොයාගෙන ඇති අතර උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ සමස්ත ශුක්‍රාණු ගණනයේ 59.3% ක අඩුවීමක් ඇති බව හෙළිවී තිබේ. අදාළ රටවල පිරිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

අදාළ රටවල පිලිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මෙසේ ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නොපෙනුනද කෘමිනාෂකවලට සහ ප්ලාස්ටික්වලට යොදන රසායනිකවලට නිරාවරණයවීම, ස්ථුලතාව, දුම්පානය, ආතතිය, ආහාර රටාව මෙන්ම පමණට වඩා රුපවාහිනිය නැරඹීම ද මීට සම්බන්ධයක් ඇතැයි කියැවේ.

ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යන්නේ ඇයිද යන්න හා එම ප්‍රවණතාව ආපසු හැරවීමේ මං පිළිබඳව වහා සොයා බැලීමේ අවශ්‍යතාව මතුව ඇති බව මේ අතර ආචාර්ය ලෙවීන් පවසයි.

“අප මීට ක්‍රියාමාර්ග ගත යුතුයි – උදාහරණයක් ලෙස මිනිසා විසින් නිපදවනු ලබන රසායනික සම්බන්ධයෙන් යහපත් නියාමනයක් ඇති කළ යුතු අතර දුම්පානය හා ස්ථුලතාව පාලනයට ගන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුයි”, ආචාර්ය ලෙවීන් පෙන්වාදෙයි.

(BBC)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.