ෆේස්බුක් (මාර්ක්) සුකර්බර්ග් වෙතයි

 

mark pg

ආදරණීය මාර්ක් සුකර්බර්ග් වෙතයි

පහුගිය දවසක සමරපු දහවන උපන්දිනය ගැන-තරමක් ප්‍රමාද වෙලාහරි මේ සුබ පැතුම් පිළිගන්න.  ඇත්තටම සතුටුයි!

මොකද එදා මෙදා තුර ගෙවුණු කාලය තුළදී ලෝකයේ දැවැන්තතම සමාජ මාධ්‍ය ජාලය ගොඩනගන්න ඔබට හැකි වෙලා තියෙනවා.

දැනට ඔබට බිලියනයක් පමණ ගිණුම් හිමියන් සිටිනවනෙ? හැබැයි එයින් දහයෙන් එකක්ම බොරු එකවුන්ට් ඇරගත්ත අය. අනිවාර්යයෙන්ම ඒ බොරුකාරයින් අතර  අපේ ශ්‍රී ලංකාවේ කට්ටියත් ඇති. මොකද විවිධ ජාවාරම් සදහා ෆේස්බුක් භාවිතා කරන්නන් අතර අපේ අයත් ඉන්නවා. (ඒ ගැන පසුව කියන්නම්) ලංකාවේ ෆේස්බුක් පැතිරීමත් නරක නැහැ. දැනට එකවුන්ට් විසි ලක්ෂයක් පමණ තියෙනවා.

මාර්ක්, එදා ඔබ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුර සරසවි මිතුරන් අතර තොරතුරු බෙදාහදාගන්න ඇතිකරපු ෆේස්බුක් එක මේ තරම් පැතිරෙයි කියලා ඔබවත් හිතන්න නැතුව ඇති නේද?

මං හිතන්නේ අපිට ඔබෙන් ගන්න තියෙන ලොකුම පාඩම අලුතෙන් හිතීමේ තියෙන වැදගත්කමයි. අනෙක බය නැතුව හාවර්ඩ් සරසවියෙන් පිටමං වෙලා ඔබ ගිය ගමන ගැන ආපහු හැරෙන කොට අපිට පේන්නේ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් බය නැතුව කැපවුනොත් වරදින්නේ නෑ කියන එකයි. ඇත්තටම ඔබේ ආරම්භය ගැන හිතන එකත් ආශ්වාදජනකයි.

එදා මුලින් ඇති කරපු ෆේස්බුක් එකෙන් ඔබ කළේ ගෙවල් කීපයක පින්තූර දාලා එයින් වඩාත්ම සිත් ගත්ත පින්තූරය මොකක්ද කියල තෝරන්න  ඔබේ හිතවත් ගිණුම් හිමියන්ට ආරාධනා කරපු එකයි. එදා ඔබ මිනිස් හැසිරීම පිළිබද වැදගත් යමක් තේරුම් ගෙන තිබුණා. මිනිසුන්ට කතා කරන්න අදභස් දක්වන්න ඉඩදෙන මාධ්‍ය භරි ප්‍රබලයි.

අන්තර්ජාලය, සන්නිවේදනය විමධ්‍ය ගත කලා වගේම ඔබ ෆේස්බුක් හරහා අදභස් හුවමාරුවත් විමධ්‍ය ගත කරල තියෙනව. වැටකොටු මායිමි සීමා නැති අචකාශයක් නිර්මාණය කරල තියෙනව කියල කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.

ඇත්තටම ෆේස්බුක් කියන්නෙ කෝපි කඩයක් නම් ඔබ කඩේ අයිතිකාරය විතරයි. මිනිස්සු ඇවිල්ල කෝපි හදාගෙන ඒවා බීලා කතා කරකර ඉ‍දල‍ යනව. ඒ අස්සෙ තවත් හුගක් දේ වෙනවා.දැන් කෝපි හෝගාල විකිණෙනවා. ෆේස්බුක් සමාගමේ වටිනාකම බිලියන 15.47ක්. ඒ වගේම හයදාහක් (6,000) වැඩ – සෙල්ලම්ද කොල්ලෝ?

ෆේස් බුක් සමාජ ජාලයේ ලංකාවේ වැඩිදෙනා පාවිච්චි කරන්නේ තමන්ගේ  පුංචි පුංචි මිතුරු හවුල් පවත්වාගෙන යන්න. අපේ කජුවත්ත එක්සත් එ‍ෆ්බී එක ගැන ඔබ තාම අහලා තියෙනවද මං දන්නේනෑ. ලයික්ස්  (Likes) එක්ලක්ෂ විසිඅටදහසක් ලැබිලා ති‍යනවා.පිංතූර භාවිතා කරලා හිතන්න පුලුවන් විදියට බොහෝ දේ ඉදිරිපත් වෙනවා.

ලංකාවේ ප්‍රධාන දේශපාලඥයන් හැම දෙනෙක්ම වගේ ෆේස් බුක් එකේ බරටම වැඩ. මොකද ඒ ගොල්ලෝ දන්නවා අලුතෙන් ඡන්දෙ දාන්න සුදුසුකම් ලබන වැඩිදෙනා ෆේ‍ස් බුක් එකෙන් තොරතුරු ලබා ගන්නවා කියලා. හැබැයි ඒ ගොල්ලොන්ගේ තරම පේනවා ඒ ෆේස් බුක් එකවුන්ට් වලට ගියාම. හරයක් ඇති කිසිම දෙයක් එතන නැහැ. කාටහරි සල්ලි ගෙවලා එකවුන්ට් එක් පවත්වාගෙන යන එක විතරයි වෙන්නේ.

face book

හිතවත් මාර්ක් මේ ලියුම අවසන් කරන්න වෙන්නේ හිත කීරි ගැහෙන කතාවකින්. කතාව තවමත් දිග  හැරෙනවා. කුරුණෑගල වෙනුෂා වයස අවුරුදු 16යි. දැරිය සියදිවි නසා ගත්තේ ෆේස් බුක් එකේ දාපු පිංතූර නිසා ඇතිවුණු පලහිලව්වක් හේතුවෙන්.

මේ විස්තර මෙතැන  ලියන්නැත්තේ දැන් ඒ ගැන නඩුව විභාග වෙන හින්දා. කොහොම නමුත් ඇය මියයන්න කලින් අන්තිමට ලියපු ලියුමේ ඇය ලිව්වා මෙහෙම, අහිංසක පුංචි ලමයි වරදක් කලාම ඒකට වේසි කියන එක නවත්වන්න. මේ දැරියගේ මරණයේ දෙපැත්තක් තියෙනවා. ළමයින්ට හරියට කතා කරන්න වැඩිහිටියන් දැනගන්න ඕනේ. අනික් පැත්ත ළමයි වැඩිහිටියන් එක්ක ගණුදෙණු කරද්දි පමණ ඉක්මවා සිය ආවේගයන් හසුරුවා ගත නොහැකිව වැඩ කරන එකත් වැරදියි. කොහොම නමුත් “මේකෙ වැඩි වගකීම තියෙන්නේ වැඩිහිටියන්ට” කීවොත් ඔබ මාත් එක්ක එකග වේවි කියලා හිතෙනවා මාර්ක්. කොහොම නමුත් මේ එෆ්බි සෙල්ලම අපේ ඉස්කෝලේ ළමුන්ට හොද එකක් නෙවෙයි කියලා මට හිතෙනවා.

ඒ හින්දා මේක හොද  පැත්තට හරවා ගන්න ඕනෑ නම් මේ ළමයින්ට මේ ගැන හරිහැටි අධ්‍යාපනයක් දෙන්ට අපේ බලධාරින් උනන්දු කරවන්න ඕනෙ කියලා හිතෙනවා. එහෙම නැතුව හැමදේම තහනම් කරලා හරියන්නෙත් නෑනේ. අනෙත් එක මේ ෆේස් බුක් එකට දාන්න කියලා මාධ්‍ය නිදහසට බාධා කරනවා කියලා දෝස් මුරයක් ලබාගන්නත් කැමැත්තක් නැහැ.

ඒ නිසා මේ ගැන ටිකක් ඔබත් සැලැකිලිමත් වෙලා ෆේස් බුක් ගැන පැමිණිලි ලංකාවෙන් එනකොට, ඒ ගැන ප්‍රශ්ණ මතුවෙන කොට, පොඩ්ඩක් “Unknown content” කියලා කියන්නැතුව, එහෙම නැත්තන් තමන්ට  සිංහල තේරෙන්නැති නිසා මේ ගැන බලන්න විදියක් නෑ කියලා කියන් නැතුව, පොඩ්ඩක් සැළකිලිමත් වුනොත් හොදයි නේද?

මේ සදාදරණිය ෆේස් බුක් ලෝලියෙක්.දැනට නිර්නාමික වෙන්නම්.

ශ්‍රී ලංකාවෙන් ෆේස් බුක් එකක් -මේක නැන්දලාගේ ඇන්ටි බුක් එක- බලන්න

[vsw id=”edSTZ4e_od8″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

Sri Lanka Facebook demographics- The largest age group is currently 18-24, followed by the users in the age of 25-34

There are 69% male users and 31% female users in Sri Lanka, compared to 50% and 50% in Costa Ricaand 52% and 48% in Paraguay .

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

7 thoughts on “ෆේස්බුක් (මාර්ක්) සුකර්බර්ග් වෙතයි

  • June 23, 2015 at 4:42 am
    Permalink

    ටෝනී ගැන දැමිමට ස්තු.ියි – සකුන්තලා

    Reply
  • June 23, 2015 at 4:46 am
    Permalink

    Face book ගැන කියලා තියෙන දෙයත් නරකනෑ – විමල්

    Reply
  • June 23, 2015 at 4:50 am
    Permalink

    අපේ ස්තුතිය – ජයන්ත

    Reply
  • June 23, 2015 at 4:52 am
    Permalink

    ටෝනී ගැත තව විතර දැන ගන්න කැමතියි – සුගාර

    Reply
  • June 23, 2015 at 4:54 am
    Permalink

    මමත් ඹන්න සටහනක් තැබුවා – නාලිකා

    Reply
  • June 23, 2015 at 4:56 am
    Permalink

    අද කාටුන් බැලුවා – ආනන්ද

    Reply
  • June 23, 2015 at 4:58 am
    Permalink

    Facebookකෝපි කඩෙිට අපිත් ගොඩ වෙලා තියෙනවා –

    Reply

Leave a Reply

Your email address will not be published.