Emil Savundranayagam-මගෝඩිකරණයෙන් මුල් තැනක

 

EMIL BENCH

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින් නොයෙක් මගෝඩි වැඩ කරති. අනුන්ගේ නමින් ක්‍රෙඩිට්කාඩ් ගැනීම වඩාත් ජනප්‍රිය මගෝඩියයි. එහෙත් එදා මෙදා තුර මගෝඩිකරණය අතින් ඉහළම තැනක සිටින්නේ 1960 ගණන් වලදි ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යට පැමිණි එමිල් සවුන්ද්‍රායි.

කිසි දිනක විශ්ව විද්‍යායාලයකට නොගියත් ආචාර්යය පට්ටමක් නමට මුලින් එල්ලාගත් මේ අපුරු පුද්ගලයා 130 ආකාරයකට පෙනී සිටි අතර බැංකු ගිණුම් පන්සීයක් පවත්වාගෙන් ගියේය.

 

එමිල් සවුන්ද්‍රා අවුරුදු 23 දි කොරියානු යුධ කාලයේදි තෙල් ජාවාරමකට අත ගසමින් ජාවාරම්වලට අත්පොත් තැබුවේය. එමිල් සවුන්ද්‍රා 1950 දී ගානාවේ රහසිගත මුදල් ජාවාරමක නිරත වී අසු වුනත් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුවු ඔහුට සිර ගෙදර බත කවන්නට ගානාවේ බලධාරින්  අකැමැති වූ හෙයින් ඔහුව බ්‍රිතාන්‍යට පිටුවහල් කෙරුණි.

 

මේ වන විට ජාවාරම් කිරීම ඔහුගේ  ලෙයට කා වැදී තිබුණු හෙයින් ඔහු වැඩි කල් නොගොස්ම සහල් ජාවාරමකට අත ගැසුවේය. බෙල්ජියමේ පරිපාලනය යටතේ තිබු Antwerp රටට කිසිදා ලඟා නොවු සහල් තොගයක් වෙනුවෙන් ඔහු මුදල් ලබා ගත්තේය. ඒ පාර නම් ඔහුට  බෙල්ජියමේදි හිර ගෙදර තපින්ට සිදුවුනා. මේ අතර වාරයේ ලංකාවේ බදු බලධාරින්ටත් ඔහුගේ වැඩ ගැන ඉව වැටුනා. 1951 සිට 1965 වන තෙක් සවුන්ද්‍රා ලංකාවේ පස් පාගන් නැතුව හිඳලා ඒකෙන් බේරුණා.

EMIL45

සවුන්ද්‍රා ගත කලේ ජේත්තුකාර ජීවිතයක්.අධිවේග  බෝට්ටු, ලස්සන ගැහැණුන් මේ සියල්ලම ඔහුගේ ජීවිතය හා තදින්ම බැඳි  තිබුණා. ඒ නිසා ජාවාරම් වලින් තොර ජීවිතයක් පවත්වා ගෙන යන්නත් බැරිවුණා.

1960 ගණන් පමණ විට මූල්‍ය ජාවාරම් ගැන මනා වැටහීමක් ලබාගෙන සිටි සවුන්ද්‍රා මැනවින් කල්පනා කොට අලුත් වැඩකට අත ගැසුවා. ඒ රක්ෂණ ජාවාරමක්. මේ වන කොට එංගලන්තයේ කාර් වෙළදාම දියුණු  වෙමින් පැවැති අතර සවුන්ද්‍රා Fire, Auto and Marine (FAM)  අලුත් සමාගමක් පටන් ගත්තා. ඒ සමඟම ඉතා අඩු මිලට රක්ෂණ ගිවිසුම් ලබා දුන්නා.මේ අඩු මිළ රක්ෂනයට වහ වැටුණු  බ්‍රිතාන්‍ය රථ වාහන හිමියන් සවුන්ද්‍රාගේ රක්ෂණ කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව මිළදී ගත්තා.

1966 දි ඔහුට හෘදයාබාදයක් වැලඳීමෙන් අනතුරුව සමාගමේ කොටස් ඔහු අධ්‍යක්ෂකවරුන්ට පැවැරුවා. ඒ ටික දවසකට පස්සේ ඇත්ත හෙලිදරව් වුණා. කඩදාසිවල තිබු කොටස් වල වටිනාකම පවුම් ලක්ෂ ගණනක් වුනත් ඇත්තටම ඒ මුදල් කොහෙවත් තිබ්බේ නැහැ.පසුව නඩු විභාගයකදි හෙළිදරව් වු ආකාරයකට පවුම් 13 ලක්ෂයකට වැඩි කොටස් මුදල් සවුන්ද්‍රාට මේ සමාගම හරහා ලැබී තිබුණා. සමාගම බිඳ වැටීමත් සමඟම හාර ලක්ෂයක් පමණ දෙනාට රක්ෂණය අහිමි වුනා.

මීලගට සවුන්ද්‍රා ලංකාවට  පැන්න  හැටි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.