Handagama Moves to Crowed Funding-හඳයා  පාඩමක් ඉගෙන ගනී.

ashoka

අශෝක හඳගම  වැදගත් පාඩමක් ඉගෙන ගත් බව කියා සිටී.

 

සමහරුන්ට හඳයා  වන අශෝක හඳගම   තවත් සමහරෙකුට  ශෝක නොවන අශෝකයි. තමන්ගේ පාඩුවේ පුළුවන් විදියකට වැඩක් කරගෙන ඉන්න හඳයා මෙවර තවත් අලුත් වැඩකට අත ගැහුවා.

ඒ ජනතා සම්මාදමෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සහ කිරීමයි.Crinso වෙබ් අඩවිය ඔස්සේ තමන්ගේ මීළඟ චිත්‍රපටයට දායක වෙන්නැයි හඳයා විසින් ඉල්ලීමක්  ඉදිරිපත් කොට තිබුණා. අපේක්ෂිත මුදල වුනේ ඩොලර් පනස්දහසක්. 104  දෙනෙක් ඊට ආධාර කළා. එකතු වුනේ ඩොලර් 6300යි. අපේක්ෂිත ඉලක්කය බොහෝ ඈත තිබුණත් මේක හොඳ ආරම්භයක්.  එත් අශෝක මාධ්‍යට කියා තිබුනේ ජනතා සම්මාදමෙන් අඩු වයක් සහිත කෙටි ච්ත්‍රපට නිර්මාණය කිරීම වඩාත් උචිත බවයි.

“කෙටි චිත්‍රපටි නිෂ්පාදකයින්ට සිය නිර්මාණ සඳහා මුදල් රැස්කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. මේ නිසා, ඉදිරියේදී මෙම ක්‍රමය මෙරට කෙටි චිත්‍රපට නිෂ්පාදකයින් හොඳින් භාවිතා කරාවි.”

මහ බැංකුවේ සංනිවේදන අංශය භාරව කටයුතු කරන හඳයා කියා සිටින්නේ පේපෑල් මුදල් හුවමාරු සේවාව මගින් මෙරටට මුදල් ගෙන්වා ගැනීමට තවමත් නොහැකිවීමද මේ CROWED FUNDING හෙවත් ජනතා සම්මාදමෙන් ගොඩනැගෙන ක්‍රම ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වීමට බාධාවක්ව පතින බවයි.

ashoka handagamainiavan

අශෝකගේ මීළඟ චිත්‍රපටය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වටා ගොඩ නැඟි තිබෙනවා. ආචාර්ය වරයා සරසවි සිසුවියක හා පෙමින් බැඳෙනවා. සිසුවිය මේ පිළිබඳ ආචාර්යවරයාගේ බිරිඳට දැනුම් දෙනවා. ටික කලක් ගත වෙද්දි  ආචාර්යවරයා හා සිසුවිය වෙන්විය නොහැකි සේ එකට බැඳි ඇති බව බිරිඳ තේරුම් ගන්නවා. අවසානයේදි ඇගේ මධ්‍යමපාන්තික ජීවිත රටාව රැක ගැනීම සඳහා ඇය සරසවි සිසුවියට තමන්ගේ නිවසට පැමිණෙන්නැයි ආරධනය කරනවා. අශෝකම පවසන පරිදි අනෙක් නිර්මාණ වේදින්ට වඩා ඔහු අඩියක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්.පෞද්ගලික ජීවිතයේදිත් එහෙමයි. අශෝක කෙල්ලෙක් හා යාලු වෙන්නේ ඔහුගේ මිතුරන්   ඒ ගැන හිතන්නට පටන්ගන්නත් පෙර පටන්. චිත්‍රපට අරමුදල් සම්පාදනය සඳහාත්  අශෝක ගෙන ඇත්තේ එවැනි ඉදිරිගාමි පියවරක්. ඔහු පවසන පරිදි සිනමාව තුල රැදී සිටීම වේදනාත්මකයි. එහෙත් ඒ වේදනාව මිහිරියි.

ආශෝක හඳගම  නිර්මානවේදය- බලන්න වටින සටහනක්

 

[vsw id=”0mNXAnOG1VA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.