lovers Lane-පේරාදෙණි මතකය

 

loverslane

 

පේරාදෙණිය සරසවියේ ලවර්ස් ලේන් යනු මහවැලි ගංදෑලත්,හන්තාන කඳුපෙළත් මායිම් කරගත් තුරුවඳුලින් වැසීගිය පෙම්වතුන්ගේ වීදියයි. පෙම්වතුන්ගේ  වීදිය මේ සටහනේ නාම පුවරුව සේ යොදා ගැනෙන්නේ හේතුවක් ඇතිවයි.

ලවර්ස්ලේන්එකෙසුදුමල්   පිපිදේවා

වෙනදාවගේසවසටවැසි     නොවැටේවා

මගේකාමරයඝණඅඳුරින්   නොවැසේවා

ප්‍රවීණතාප්‍රතිඵලපිට            නොවේවා-   කුරුට්ටෙක් ගේ ගීයක්

peralove

 

සරසවියට ප්‍රේමය යනු මේ අසිරිමත් බිම් කඩේ සංස්කෘතිය හා ගසට පොත්ත සේ බැඳි තිබේ. එම සංස්කෘතික ඉතිහාසය පෙළින් පෙළ වෙබ් අවකාශයේ ලියවෙද්දි, ඒ රසවත් අත්දැකීම් සරසවි බිමපුරා පැතිරුණ ඇහලමල් පළස සේම වර්ණවත් වෙනු ඇත.

දවසක් එක සැඳැවක

අපි දෙන්නා මෙහි තනිවී

ජීවිතය ‍තේරුම් ගැනීමට අසීරුව

බලා සිටියා උනුන් දිහා

එකල්හි පෙම්වතුන්ගේ වීදිය කෙසේනම් අමතක කරන්නද? සරසවි පෙම් කතා, කුරුටු ගී, ශිෂ්‍ය සටහන්, විරහ ගීතිකා මෙන්ම ඇතැම් විට තිත්ත මතකයන්ද  ඔබ සතුව ඇත්නම් ඔබ ඇසු දුටූ දේ බෙදාගන්න මෙන්න  [email protected].

මේ ගීතය පේරාදෙණි අතීතය ගැන වැඩිම වාර ගණනක් u tube නාලිකාවේ රස විඳි ගීතයයි-

යසිත නානායක්කාර නිර්මාණයකි- මේ රූපාවලිය ඔස්සේ අතීතයට පියමං කරන්න

 

 

[vsw id=”afbyk9jnS9A” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

හෙට පටන් දිග හැරෙයි මෙතැන-පේරාදෙණියේ මුල්ම පොලිටුකල් වලිය

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.