Sperm Shortage- ශුක්‍රාණු හිඟයක්

sperm1

ශුක්‍රාණු දායකත්වයෙන් දරුවන් ලබාගැනීමේදි 20 වන වියේ පසුවන තරුණයින්ගේ ශුක්‍රාණු වලට වඩා  හතලිස් ගණන් වල පසුවන මැදි වියේ පිරිමින්ගේ ශුක්‍රාණු වඩාත් ප්‍රතිපල දායක වී ඇති බව බ්‍රිතාන්‍යයේ නිව් කාසල් විශ්ව විද්‍යාලය මඟින් කරන ලද සවිස්තරාත්මක විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළිදරව් වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ශුක්‍රාණු දායකත්වයෙන් කෙරෙන උපත් සඳහා 25%ක්ම දායක වන්නේ වෙනත් රටවල් වල පිරිමින්. වඩාත්ම ජනප්‍රිය ස්ථානය වන්නේ ඩෙන්මාර්කයයි. පිටරටින් ශුක්‍රාණු ගෙන්වා ගැනීමේදි නිසි ප්‍රමිතීන් රැකෙනවාද යන්න ප්‍රශ්ණය දැන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් අතරේ නැඟෙමින් තිබෙනවා.

 

 

ශුක්‍රාණු ලබා ගැනීමේදි එය නිර්නාමිකව සිදුකිරීම  සඳහා තිබුණු ඉඩකඩ 2005 දී ඉවත් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පිරිමින් ශුක්‍රාණු ලබාදීමට මැළිකමක් දක්වනවා.

ශ්‍රී ලංකාවේ වින්දන ප්‍රජනන සෞඛ්‍ය මධ්‍යස්ථානය මඟින් දරුවන් ලබා ගැනීමට අපහසු කාන්තාවන් වෙනුවෙන් ශුක්‍රාණු බැංකුවක් පවත්වාගෙන ගියත් වසර 5ක පමණ කාලයක් තිස්සේ ඒ සඳහා ලියාපදිංචි වී ඇත්තේ පන්සිය දෙනෙක් පමණක් බවයි එහි වෛද්‍ය පරිපාලකයින් ප්‍රකාශ කරන්නේ.

 

 

sperm2

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.