student Activist who Arrested students- මුල්ම පේරාදෙණි පොලිටිකල් වලිය

peradeniya tree

 

මේ ලවර්ස් ලේන්  සටහන ලියවෙන්නේ පරිමිත බසිනි. එමෙන්ම හොඳ නරක පිළිබඳ විනිශ්චයකින් තොරව ඇසූ දුටු දේ මේ සටහනේ ලියවෙනු ඇති.

පේරාදෙණියෙන් කොළඹ සරසවියේ  සිංහල අංශයට පැමිණි මහාචාර්යය ජෙබ්බා සේ ආදරයෙන් හඳුන්වන  අපේ මහ ඇඳුරු ජේ.බී දිසානායකගෙන් විමසුව හොත්  පරිමිත බස යනු උප සංස්කෘතියකට අයත් බස් වහරක් සේ හඳුන්වා දෙනු නිසැකයි.

එහෙයින් හුදු හෙළයෙන්ම විදග්ධ ලෙස වනන්නෝ කමා වෙත්වා.

මෙවර සටහන සඳහා කරුණු සොරා  ගැනුනේපේරාදෙණිය සරසවි හතර මායිමේ පහස ලැබූ ඕනෑම කෙනෙකුගේ සිත් ගන්නා අපූරුව ලිපි එකතුවකි.

මේ ලිපි එකතුවේ ටයිටලය 74 ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථයින්ගේ සංවත්සරික යන්නයි.

වෙනත් විදියකින් කියතොත් මීට 38 වසරකට පෙර ගලහා හන්දියෙන් කුණු ෆ්‍රෙෂාලා සේ සරසවියට පැමිණි පිරිසකගේ මතක සටහන්ය. මේ ගෙම්බා කැන්ටිමේ මුදලාලිගේ ප්ලේන්ටිය තරම් ඉස්තරම් වැඩකි.

 

ඒ ප්ලේන්ටියේ ඇත්තේ උණු වතුර සහ පල් වු තේ කහට හා සීනි බිඳක් වුනත් එය අමෘතය පරදයි. එසේම මේ වියපත් වූ රසවතුන්ගේ මතක සටහන්ද අපූරුය.

 

සුන්දරලිංගම් ගේ සුන්දර මතකයෙන්

 

අටුවා ටීකා  පසෙක තබා මෙහි මුල් ලිපිය ගැන කතා කළහොත් එය ලියන්නේ පැන්ෂන් ගිය ගරු කටයුතු පොලිස් සුපිරින්ටන්ඩන් වරයෙක් වන ආර්. සුන්දරලිංගම්ය. (යාපන බන්ධනාගාර කඩා රෝහණ විජේවීර බේරා ගැනීමට ගිය කැරලිකරුවන්ට අම්බානක සලකද්දී ඔවුන්ගේ දිවි බේරා ගැනුනේ සුන්දරලින්ගම්  මැදිහත්වීමෙනි)

 

R.Sunthax (1)

 

 

ඔහු මීට පෙර පුවත්පතකට ලියු ලිපියක්  මෙම සංග්‍රහයේනැවත උපුටා දක්වා ඇත.

ඒ ලිපියෙන් ඉතා අපූරු ලෙස 50ස් වසරක මතකය පිරිමඳින්නට සුන්දරලිංගම් සමත්වෙයි.

සුන්දරලිංගම් 1961 දී අම්බලන්ගොඩ පොලිස් වැයික්කියට සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පත්වු අවශ්ථාවේදි ඔහු මුලින්ම යන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා වු සී.ඩබ්.ඩබ්. කන්නන්ගරගේ මුල් නිවහන වෙතයි.

ඒ නිදහස් අධ්‍යාපනයේ දොර තමන්ට ඇරදී පේරාදෙණිය පින්බිමේ රැදෙන්නට ඉඩ පාදා දීම වෙනුවෙන් සැලියුට් එකක් දමන්ටයි. සුන්දරලිංගම්ගේ මතකය අනුව පේරාදෙණියේ මුල්ම පොලිටිකල්  වලිය වන්නේ 1953 හර්තාලයට සිසුන් සහය පළකල අවස්ථාවයි. පොලිස් නිලධාරින් හට පහර එල්ල කිරීම සම්බන්ධයෙන් සිසුන්ට නඩු පැවැරූ විට ඔවුන් වෙනුවෙන් හොඳම නීතීඥයෙක් වු කොල්වින් ආර් ද සිල්වාගේ සේවය ලබාගන්නට එවකට සරසවි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වු සුන්දරලිංගම් සමත්විය. නොමිලේම පෙනි සිටීමට  කොල්වින් ආර් ද සිල්වා එකඟ වු අතර ඔහුට සියලුම විත්ති කරුවන් නිදහස් කර ගත හැකි විය.

 

 

ඊට ප්‍රතිප්‍රහාර දැක්වීමට කොල්වින් ආර්. ද සිල්වාට  උසාවිය ඉදිරිපිටදීම මල් මාලයක් පැලඳවීමට සුන්දරලිංගම් ඇතුලු පිරිස  කටයුතු කලහ. ඊලඟ සතියේ සුන්දරලිංගම් සභාපති ධූරය දැරූ අරුනාචලම් ශාලාවේ දෙසුමකට එන්නැයි කොල්වින්ට ආරාධනා ලැබිණි. ඒත් වැඩ වැඩි වීම නිසා කොල්වින් පොල්ලක් තැබු නමුත්, ඔහුගේ දෙවැනියා වු කේ.කේ.නඩරාජා  එවීමට ඔහු  කටයුතු කළේය. මේ වන විට කොල්වින් ආර් ද සිල්වා වඩාත් ප්‍රකටව සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන එස් සතාසිවම් ඔහුගේ බිරිද මරා දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ නඩුවක්  වෙනුවෙන් පෙනි සිට ඔහුව නිදහස් කරගැනීම පිළිබඳවයි. නඩරාජා කතා කළෙත් ඒ ගැනයි.

 

 

 හර්තාල් රැළියක් අමතන ආචාර්ය එන් එම්  පෙරේරා

හර්තාල් රැළියක් අමතන ආචාර්ය එන් එම් පෙරේරා

 

 

 

කොල්වින් ආර් ද සිල්වා පැවසු පරිදි සතාසිවම් ගැහැණු සහ මත්පැන් සම්බන්ධයෙන් දුර්වල කම් දැක්වුවද ඔහුගේ බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂි විය. ඒ අනුව නඩරාජා පෙන්වා දුන්නේ සතාසිවම් හුදෙක් අවස්ථාවේ ගොදුරක් වු බවයි.

දෛවයේ සරදමක් මෙන් සුන්දරලිංගම් හටද අවස්ථාවේ ගොදුරක් වීමට සිදුවිය. ඒ දශකයක ඇවෑමෙන් සුන්දරලිංගම් මහනුවර  ප්‍රදේශය භාර වැඩ බලන පොලිස්  අධිකාරිවරයා ලෙස පත්වු අවස්ථාවේදීය. ශිෂ්‍ය අරගලයක් මර්ධනය කිරීම සඳහා පොලිසිය මැදිහත්විය යුතු බව එහි උපකුලපති ශ්‍රීමත් නිකොලස්  ආටිගල තරයේම කියා සිටියේය.

1953 හර්තාල් සිදුවීම් මතක් කොට දුන් සුන්දරලිංගම් කියා සිටියේ පොලිසිය මැදිහත් වීම, සිද්ධිය තවත් අල කිරීමට හේතුවක් විය හැකි බවයි. උප කුලපති ආටිගල මේ සම්බන්ධයෙන් අගමැති ඩඩ්ලි සේනානායකට පැමිණිලි කළේය.

 

 

පේරාදෙණි සරසවියේ මුල්ම උප කුලපති ශ්‍රීමත් අයිවර්  ජෙනින්ග්ස් නික්මයන දා දකුණින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ආර් සුන්දරලිංගම්

 

සුන්දරලිංගම්ට පොලිස් මූලස්ථානයෙන් ලැබුණු උපදේශය වුයේ අපරාධකාරයෙක්  අසුවීම වාර්තා කලොත් පමණක් පොලිසිය මැදිහත් විය යුතු බවයි. (යුගයක වෙනස) සුන්දරලිංගම් සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් සමඟ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අධ්‍යයන අංශයේ විද්‍යාගාරයේ අවට රැස්ව සිටි සිසුන් ඇමතීමට ගියේය.

 

. “මම 1950 අවුරුද්දේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා සිටියා ඉතින් මම කියන්නේ කරන උද්ඝෝෂණයක් නීතිය ඇතුලේ සාම කාමිව කරන්නැයි“ සුන්දරලිංගම් කියා සිටියේය.

සුන්දරලිංගම්ගෙ උපදේශය බයිලාවක් සේ සැලකු සිසුන් විසිර නොගිය අතර කලබල තවත් වැඩිවිය. විද්‍යා පීඨයේ මහාචාර්ය කෘස් පොලිසියට  දුරකතනයක් ලබාදෙමින් කියා සිටියේ ළමුන් විද්‍යා ගාරයට ගල් ගහනවා කියාය.

සුන්දරලිංගම්ට කැරලි මර්ධන කණ්ඩායමක් සමඟ විශ්ව විද්‍යාලය කරා යාමට සිදුවිය. ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාලය බැටන් හා ගිනි අවි ප්‍රහාර වාර්තා වීමත් සමඟ නුවර ඉස්පිරිතාල ඇඳන් සරසවි සිසුන්ගෙන් මෙන්ම පොලිස් භටටයින්ගෙන් ද පිරී ගියේය. පාර්ලිමේන්තුවේ දී පොලිසිය සඳහා තමන් නියෝග කළ බව අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක පිළිගත්තේය. කේසේ වුවත්  තමන් මේ සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන බවත් ඔහු පාර්ලිමේන්තුවට පොරොන්දු විය.

පත්කල කොමිසමේ නිර්දේශවලට අනුව විශ්ව විද්‍යාල පනතක් ඉදිරිපත් කෙරිණ. මේ අනුව 1966 උසස් අධයාපන පනත මඟින් විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු පත්කරන ක්‍රමයක් ඇති කෙරිණ. සිසුන්ට නඩු පැවැරූ අතර හිටපු ශිෂ්‍ය ක්‍රියාධර  සුන්දරලිංගම්ගේ සාක්ෂියෙන් සිසුන් කීප දෙනෙකුටම අත්හිටවු සිර දුඩුවම් නියම විය.

පේරාදෙණි ලව් වර්ගීකරණය ඊළඟට 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.