Tyson with Hoodoo – ටයියා කළුවරට සුදානම් වෙයි

 

tyson14

 

කළු ජාතික  රුප රැජිනියක් වූ ඩේස්රේ වොෂිග්න්ටන් දුෂණය  කිරීමට වැරදිකරු වෙලා හිටපු ටයිසන්ට දඬුවම් නියම කිරීමේ දිනය ක්‍රමයෙන් ලගාවෙමින් තිබුනා.

 

ලඟම මිතුරෙ වන කැල්වින් ගෙන් යෝජනාවක්.

 

‘හුඩු යැකදුරු කාන්තාවක් ඉන්නවා’

හුඩු කියන්නේ කළු ජාතිකන් අතර ප්‍රචලිත යාතුකර්මවේදයක්.

 

‘මේ කාන්තාවගේ ගුරුකම් හරිම ප්‍රබලයි.ඩොලර් පන්සීයක් මුට්ටියක දාලා ඒකට මුත්‍රා කරන්න ඕනේ.ඊට පස්සේ තුන් දිනක් ඇඳ යට තියාගෙන් ඒ කාන්තාව ගාවට ගෙනියන්න ඕනේ එතකොට එයා ගුරුකම කරාවි.’

කැල්වින් වැඩේ පැහැදිලි කළා

 

ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ටයියා ගෙන් ප්‍රශ්නයක්

 

එතකොට හිර  දඬුවමෙන්  නිදහස් වේවි කැල්වින් විස්තර කළා.

‘නෑ එයා ඒ සල්ලි අරන් ෂොපින් යාවි. ඩොලර් සීයේ නොට්ටුවක් හම්බ වුනොත් එකේ මුත්‍රා තිබුනා කියල්ල් විසික් කරන සිරිතක් තියෙනවාද?’

ටයිසන් කැල්වින් ගෙන් ඇහුවා.

 

ටයිසන්නාස්තිකාර විදියට ස්ල්ලි වියදම් කළත් මේ විදියට සාලි නාස්ති  කරන්න කැමති වුනේ නැහැ.

ඊළඟට ඉදිරිපත් වුනේ තවත් යාතුකර්මවේදයක් වන වුඩු ගුරුකම් කරන යකැදුරෙක්.කදාසියක් යමක් ලියලා

එක කියවන්න කිව්වා.දියරක් බොන්නත් දුන්නා.

“නෑ මම මගේ බියර් එක බොන්නම් කියලා කියපු ටයිසන් හිනා වුනා.

 

ඒත් වෙනත් යකැදුරෙක් කරපු යෝජනාවකට ඔහු එකඟ වුනා.

රෑ යාමේ පරවියෙක් සහ බිත්තරයක් අතින් ගත් ටයිසන් යකදුරා සමග උසාවි භූමියට ඇතුල් වුනා.

 

පරෙවියා නිදහස් කරලා බිත්තරේ පොළොවේ ගහලා

‘අපි නිදහස්’ කියලා ටයිසන් කෑ ගැහුවා.

 

ප්‍රතිවාදීන් සිය ගණනක් බිම වට්ටපු ගුප්ත බල වේගයක් ඉස්සරහ  දන නැමුවා.

මේ අතරවාරේ ටයිසන් ගේ නීතිවේදීන් ඔහු වෙනුවෙන් සටහනක් ගොනු කළා.

මේ වන විට වැඩිහිටි ලිංගික අපරාධකරුවන් පිළිබඳ විද්වතෙක් දොස්තර ජෙරොම් මිලර් ටයිසන් ව පරීක්ෂා කොට තමන්ගේ නිගමන ඉදිරිපත් කොට තිබුනා.

ටයිසන් සංවේදී සහ අනුන් ගැන හිතන පුද්ගලයෙක් බවත් ළමා වියේ ඇතිවූ බලපෑම් හේතුවෙන් පුද්ගල සංවර්ධනයේ ගැටළු ඇතිවී තිබෙන බව දොස්තර ජෙරොම් මිලර් කියා සිටියා.ඒ හැරෙන්නට ඔහුට වියාධි ජනක තත්වයක් නැති බව  දොස්තරවරයා පෙන්වා දුන්නා.මේ හේතුවෙන් සිර දඬුවමක් වෙනුවට වෙනත්

විකල්ප සලකා බැලිය හැකි බවයි ජෙරොම් මිලර් ගේ නිගමනය වුනේ.

MikeTyson_17

විනිසුරුවරිය වෙත යැවුණු වාර්තාවේ සාරාංශයෙන් අර විකල්ප කොටස අත් හැර පැමිණිල්ලේ මතය ඉස්මතු කිරීමට පරිවාස නිලධාරින් වග බලා ගත්තා.

‘මේ නඩුවේ ප්‍රධාන විමර්ශකයා ගේ මතය වන්නේ මෙම අපරාධකරු නැවතත් මෙවැනි අපරාධ කිරීමට ඉඩ තිබෙන බවයි’.

 

මේ ලියැවිල්ට චරිත සහතික  48ක් ඇමිනුනා.

 

 

ඒ අතර ඔහුගේ පැරණි පෙම්වතියන් හය දෙනෙත් සහ ඔවුන්ගේ මව්වරුනුත් හිටියා.

 

 

ඒ හැමෝම කියා සිටියේ කාන්තාවන් විෂයේ ටයියා මහත්මයක් සේ හැසිරුන  බවයි.

ඔහ්ගේ පළමු පෙම්වතියක් වූ කැට්ස්කිල් කියා සිටියේ

‘මම මුල් වතාවට ටයිසන් සමග ලිංගිකව එකතු වුනේ අදුනාගෙන තුන්අවුරුද්හක් ගත වුනාට පස්සෙයි.ඒ අතතුර එකම එහා වතාවක් වත් මට යුතු බලපාක් වුනේ නැහැ’ යයි ඇය කියා සිටියා.

 

ඊළඟට ටයිසන් ගේ කළුවර දවස

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.