Tyson in the Ring- මයික් ටයිසන්-ජීවිත කතාවත් එක්ක මෙතන

 

mike

 

ලෝකයේ  ලාබාලතම බොක්සිං හෙවිවෙට් ශුරයා

ඇටෙන් පොත්තෙන් එළියට එන්න පෙර මංකොල්ල කන්න පුරුදු වූ  දරුවා

ස්ත්‍රී දුෂණයට හිරේ ගිය බොක්සිං හෙවිවෙට් ශුරයා

කොච්චර වැටුනත් යළි නැගිටින මිනිහෙක්

හිතට එකඟව ඇත්ත කියන  මයික් ටයිසන්  තමන්ගේ ජීවිත කතාවත් එක්ක මෙතනට ගොඩ වදින්න ලැහැස්ති වෙලයි ඉන්නේ

 

MikeBaby120513

 

 

පුර්විකාවක්

මයික් ටයිසන්  ගේ ජීවිත කථාව මට ගෙනැල්ලා දුන්නේ නෙත් මිණි. සමනල තටු ජීවිතයට පවන් සැළු  යුගයක මගේ ළගින්ම හිටපු ඇය දැන් ගතින් ඉන්නේ දුර ඈත, හරියටම කියතොත් දක්ෂිණ අර්ධගෝලයේ දකුණු කෙලවර,  ඔස්ට්‍රේලියාවට පහළ තස්මෙනියාවේ.අනාථ දරුවන් අකුරුකියලා දෙනවා.

අනාථ දරුවන් එක්ක ගෙවෙන දවස ටයිසන්  ගේ ජීවිතය නෙත් මිණිට ලං කරන්න්න ඇති.

එත් නෙත්මිණි ලංකාවට එන හැම වතාවකම මාව බලලා යන්න එන්නේ අයාලේ සැරිසරන

මගේ හිතට යමක් අරගෙන-පොතක්, වීඩියෝවක් නැතිනම් පරණ ඕපාදුපයක්.ඒ මොනවා

ඇය ඇවිල්ලා ගියාට පස්සේ හිතට හයියක් දැනෙනවා.

මගේ ජීවිතයේ වීරයා වුනේ මොහොමඩ් අලි.

hiking

පොර බදන,විශේෂයෙන්ම ජීවිතයත් එක්ක සාධාරණව පොර බදින මිනිස්සුන්ට මම ආදරෙයි.

ඒ නිසා මොහොමඩ් අලි මගේ ජීවිතයේ වීරයා වෙන එක පුදුමයක් නෙවේ-ඇත්තටම මයික් ටයිසන්  වඩාත් සමීප වෙන්නේ දුෂ්ටයාට.

එත්  කාටහරි වීරයා, දුෂ්ටයා, හොඳ එකා,එපා කරපු එකා ආදී ලේබල් අලවන්න ඉස්ස්සෙල්ලා කොච්චර හිතන්න ඕනෙද කියන එක මට ඒත්තු ගියේ ටයියා ගේ ජීවිත කථාව කියෙව්වාට පස්සේ.

මගේ ජීවිත කාලය තුල  කොයිම වෙලාවක වත් කළ යුත්ත කුමක්ද කියලා නෙත් මිණි  මට කියලා නැහැ.

ඒත් මෙදා පාර මයික් ටයිසන්  ගේ ජීවිත කථාව මගේ අතට දීලා සමු ගන්න කලින් “ මේක ට්‍රාන්ස්ලේට් කරන්න කියලා කිව්වා.

නෙත් මිණි   මගෙන් ඉල්ලපු කිසිම දෙයක් මට මේ තාක්  කරන්න බැරිවෙලා තියෙනවා.

දැන් මේ පාර මම උත්සාහයක් ගන්නවා, නෙත් මිණිට මේක බලන්න කියලා ඒ ඊ-මේල් එකක් යවන්නයි හිතා ගෙන් ඉන්නේ.

මම මේ වගේ බැරෑරුම් කටයුත්තකට අත ගහන්න තරම් පුරුදු පුහුණු වෙච්ච පරිවර්තකයෙක් නෙවේ.

එත් මේ වැඩේ නොකර මට නින්ද යන්නේ නැහැ- ඒ නිසා ටයිසන් ගේ ජීවිතයට    ඒ ගැන හිතෙන හැටිත් කියන්නම්  නැතිනම් මටම එපා වේවි මොකද මම දැදිගම වී රොද්‍රිගෝ, සිරිල් සී පෙරේරා එහෙමත් නැතිනම් ගාමිණි වියන්ගොඩ වගේ විනයක් ඇතිව පරිවර්තනය කරන්න පුරුදු වුනු කෙනෙක් නෙවේ.

ඒ නිසා  මගේ ආරළු  බුරළු වලින් වෙහෙසට පත් වෙනවානම් කියලා එවන්න.

 

ඉන්ද්‍රජිත් හර්ෂණ

[email protected]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.