Shunga- රමණීය ජපන් අනුරාග සිතුවම්

 

ලී පුවරු මත සටහන් වුනු ජපන් අනුරාගය-හරුණි කිය්කෝ සියුම් හිතක්  ඇති ජපන්  චිත්‍ර කලා ඉතිහාස පර්යේෂිකාවක්

 

ලියක හා වෙලී-පසුබිමින් සංගීත සටහන්
ලියක හා වෙලී-පසුබිමින්
සංගීත සටහන්

හරුණි කිය්කෝ

කටුනායක ගුවන්  තොටුපළ පර්යන්තය කෙළවරක අසුන්  ගෙන සිටි ඇය මට අත  දුන්නේ සුන්දර සිනාවකින් මුව සරසා ගෙන.

 

කොහාටද යන්නේ

ඇගේ සිංහල උච්චාරණය පැහැදිලිය

කල්පනාවෙන් ගෙවෙන විරාමය
කල්පනාවෙන් ගෙවෙන විරාමය

 

මම කුරුණෑගල  අවුරුදු  දෙකක් හිටියා.

අය සකුරා  මල් කිනිත්තක් සේ සිනා සලන්නීය

මසුන් මරන්නාගේ බිරිඳ
මසුන් මරන්නාගේ බිරිඳ

තොකියෝ විශ්ව විද්‍යාලයේ චිත්‍ර කලා ඉතිහාසය ගැන ආචාර්ය උපාධිය හදාරනවා. කුරුණෑගල රිදී විහාරයේ ගැමි සිත්තරුන් ගේ චිත්‍ර ගැන එහෙ නතරවෙලා  පර්යේෂණයක් කලා.

 

ගුවන් යානයේ බාගෙට බාගයක් හිස්ය.එහෙයින් මටත් හරුණිටත් එක ළඟ වැඩිවීමට බාධාවක් නැත. තායිලන්තයේ බැංකොක් හරහා  ඔසාකා කරා යන ගුවන් ගමන පැය දහසයකි.  හරුණි වගේ කතාම්ල්ලක් ලගින් ඉන්න විට මේ කාලය නොදැනීම ගෙවෙනු ඇත.

රස මදිරා විත-සියුම් තෙලිතුඩ
රස මදිරා විත-සියුම් තෙලිතුඩ

මට පොතක් නැතුව ඉන්න බැහැ

හරුණි ගේ අතේ සිතුවමින්  වැසුනු පොත් කීපයකි.පොතේ පිටු පෙරළන ගමන් අය කථා කරයි. ඇගේ  දෑස දඟය.එබී බලමි.ලලිත ලෙසින් බැදුණු යුවළකි.

 

අනුරාගයට බැදුණු හාස්‍ය-රමණය නරඹන බළල් ප්‍රේක්ෂකයා
අනුරාගයට බැදුණු හාස්‍ය-රමණය නරඹන බළල් ප්‍රේක්ෂකයා

 

මේ චිත්‍ර කලා සම්ප්‍රදායට කියන්නේ   ෂුන්ගා (shunga) කියලයි. මේක අපේ ශාංගාර සිතුවම් කලාව.මේක පටන් ගත්තේ  එක්දහස් හසිය ගණන් වල අළුත් මධ්‍යම  පංතියක් ඇතිවුනාට පස්සේ.ලී පුවරු මත කාමයේ ලාලිත්‍ය  ඇදුනා.

 

ස්ත්‍රී පුරුෂ  රමණයේ ලලිත රූ සටහන් මැද්දෙන් මා කැඳවා ගෙනයන  හැරුණි අව්ශයෙන් මෙන් කියවයි.

 

සමලිංගික ප්‍රේමය
සමලිංගික ප්‍රේමය

 

මේ බලන්න  සමහරක් චිත්‍ර හරිම අනුරාගියි.හැබැයි මේ චිත්‍ර කලාව තුල  ගැහැනුන්ටත් ඉඩක් තියෙනවා. ලිංගිකව හැසිරෙන කොට ඝනිය විඳින සතුට මේ චිත්‍ර වල තියෙනවා.

ලිංගික දේ ආදරයෙන් තුරුළු කරගන්නා සම්ප්‍රදයක් මේ චිත්‍ර නිසා ඇතිවුනා.තරුණියන් කසාද බදින්න සුදානම් වෙන් කොට ෂුන්ගා  සිතුවම්  පොතක්  තෑගී දෙන සිරිතක් තිබුනා.

එත් පස්සේ බටහිර බලපෑම් නිසා ලිංගිකත්වය කියන්නේ ලැජ්ජා සහගත දෙයක් කියන අදහස පැතිරෙන්න පටන් ගත්තා. එත් පහුගිය අවුරුද්දේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

ෂුන්ගා ප්‍රදර්ශනයක් පැවත්වූවා.දැන් නම් හරිම උනන්දුවක් තියෙන්නේ.

Shunga-1JJJ

මේ ෂුන්ගා සිතුවම් ඒ සමාජ  යුගය ගැන බොහෝ දේ කියයි.

මේ බලන්න ඒ කාලයේ ඇඳුම් පැළදුම් හරිම විචිත්‍රයි නේද.මේ හැම දෙනාම ඇඳුම් ඇඳගෙන ඉන්නේ.

 

 

 

 

 

උද්වේගය
උද්වේගය

සම්ප්‍රදායික ජපන් සමාජය ස්ත්‍රී පුරෂ රතිය මෙන්ම සමලිංගික සේවනය, අනියම් පෙම් සබඳතා. විවිධ වයස් තරාතිරම් වල පෙම් පැටලිලි,මමනම විවිධාකාර ලිංගික ඉරියව් පිළිගත් බව අය කියන්නේ  රමණීය රූප පෙළක් මැදින් මැ කැදවා ගෙන යන ගමන්ය.

‘සමහරක් චිත්‍ර හරිම සීරියස්,තවත් ඒවා දැක්කම හිනා යනවා,තවත් සමහරක් චිත්‍ර හරිම ග්බුරු අරුතක් දනවනවා .මොනවා වුනත් හැම චිත්‍රයකින්ම කියැවෙන්නේ

ජීවිතය ලස්සනයි කියන එකයි.මේ ලොකු ලිංගික අවයව.දිලිසෙන ඇස්,අලින්ගනය ජීවිතයට ආශාව ඇති කරනවා විතරක් නෙවේ.ජීවිතය විඳින්න බය වෙන්න එපා කියලත් කියනවා.

 

කැඩපතක් ඉදිරිපිට
කැඩපතක් ඉදිරිපිට

 

ඔසාකා ගුවන් තොටුපළට ගුවන් යානය තව මොහතකින් ගොඩබාන බව නිවේදනය වෙද්දී  හරුණි ඇගේ සිතුවම් පොත් එකින් එක මල්ලකට බභා ලන්නට වුවාය.

ඔසාකා නගර වාසිනියක් වූ හරුණි ගෙන් ගුවන් තොටුපළේ සිට කිනේට්සු හෝටලයට යන මග අසා ගැනීමේ  උවමනාව තිබුනත් ,ඒ ගැන අසන්නට සිත් නොදේ.මේ ලබැඳි

මිතුරිය ලලිත රූ රටාවෙන්  සිතේ මැවූ සොඳුරු  ජපන් ජන දිවිය තුළ මොහොතක් තනිවී කල්පනා කිරීමට ඉඩ හදා ගැනීමේ උවමනාව තදින් ඉස්මතු වේ.

 

a_shunga

 

සයෝනාරා හරුණි!

සකුරා  මල් කිනිත්ත යළිත් සිනා සලයි

 

සුබාෂිනි උත්පලවන්නා මල්වත්තගේ

 

[vsw id=”/TSyPYXVKom8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

[vsw id=”/rDpsGUCn9_I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.