කමල් ගේ අළුත්ම මාර්කටින් : පෙම්වතියන්

kamalකමල් අද්දරආරච්චි තම පැරණි ප්‍රේමවන්තියන් ගැන කථා කරයි. මුලින්ම ඔහු පෙම් කොට ඇත්තේ මොන්ටිසෝරි ටීචර්ටය. “ඒ ආදරේ පුංචි කාලෙම ඇතිවුණු දෙයක්. මොන්ටිසෝරියේ උගන්වපු ටීචර්ට මම හරිම ආදරෙයි. එයාට කිට්ටු වෙලා දැවටී දැවටී ඉන්න මම ලොකු ආසාවකින් හිටියේ.” ඉන් පසු ඇති කරගත් ප්‍රේමය නිමාවට පත් වෙන්නේ පෙම්වතිය රට හැර ගිය දාය.

“ලස්සන හිතට දැනුනු කෙනෙක් දැක්කම යාළුවෙන්න තමයි හැදුවේ. ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබ්බා වගේම කෙල්ලෝ බූට් තිබ්බ තැනුත් නැතුවම නෙවේ.. මමත් එහෙමම කළා.

හරි.. ඒ ආදර කතා ඇතුලේ විශේෂ කෙනෙක් නැද්ද?

හිටියා.. මම ඒ අතරින් කෙනෙක් ගැන හිතේ ලොකු ආදරයක් තිබ්බා. එයාට අපේ රටේ ඉන්න කැමැත්තක් තිබ්බේ නෑ. එයා ආසා කළේ වෙන රටකට යන්න. එතනදි එයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තා. ඒ නිසා ඒ ආදරෙත් නැතිවුුණා”

ඔහු ලංවෙන පෙම්වතියන් අතර ගිණි සිලක් සේ සැලෙන ගායිකාවක්ද සිටී.
“රංගන ශිල්පියෙක් වුණාම චරිතත් එක්ක අපේ ආකර්ෂණය ඇතිවෙනවා. “ඉර පායා” ටෙලි නාට්‍යය කරද්දී සමිතා එරන්දතී එක්ක හොඳ හැඟීමක් ඇතිවුණා. මාත් ඇයට සමීප වුණා. එයාටත් එවැනි හැඟීමක් ඇති වෙන්න ඇති.” ඒ පිළිබඳව එතැනින් එහාට කුමක් සිදුවීද යන්න කියන්නට කමල් මැලිවෙයි

කමල් ගේ මීලඟ ඉසව්ව වන්නේ සංගීතා වීරරත්නයි.මේ කථා කියන විට මතක් වන්නේ විජය කුමාරතුංගය.වරෙක ඔහු කියා සිටියේ තමන් ගෙන් බේරුන එකම නිළිය දෙනවක හාමිනේ පමණක් වන බවයි.ඒ ඇයගේ වයස නිසයි.ඒ හැරෙන්නට විජය කිසි කලෙක
තමන් පවත් වූ සබඳතා එකින් එක කියා සිටියේ නැත.

sangeetha‘සංගීතා වීරරත්නටත් ඒ ආකර්ෂණය මා තුළ තිබුණා. අපි දෙදෙනාටම ඒ ප්‍රේමණීය ආකර්ෂණය තිබුණා. නමුත් අපි ඒවා දුරදිග ගෙනගියේ නැහැ. හැඟීම්, දැනීම් තිබුණු පලියට අපි ලිංගික ආසාවන් ඉෂ්ට කරගන්න ගියේ නෑ.’

දිල්හානිත් අද්දරආරච්චි ලයිස්තුවේ සිටී.
හම්… ඔව්.. ඒ කාලේ දිල්හානි ගැන මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා. ඇය සමඟ යාලුවෙන්නත් හිතුනා. ඒක පුදුම බැදීමක්. හැබැයි ඒ හැඟීම් හැංගි හොරා අපි කළේ නෑ. ප්‍රියංකරත් මගේ හොඳ යාළුවෙක්. අපි බුද්ධිමත්ව තමයි ඒ සබඳතාවය ගෙන ගියේ. මේ වෙද්දිත් ඒ ලෙංගතුකම් අපේ හිතේ තියෙනවා.

කමල් මුලින්ම රිමාන්ඩ් ගත වූනේ රමණි බර්තෝලමියුස් ගේ මරණයත් සමඟයි.

“මට රමණි දැක්කම ඇතිවුණේ ලොකු තිගැස්මක්. මම එයාට කැමතිවුණේ ඇයගේ අහිංසක, නිවුණු පෙනුමට. රාගික පෙනුමක් තිබෙන අයට වඩා මගේ හිත ආකර්ෂණය වුණේ අහිංසක, නිවුණු පෙනුමක් ඇති අයටයි”.

“හැමවෙලේම අඟපසඟ පෙන්වන අයට වඩා මගේ ආකර්ෂණය තිබුණේ එවැනි අයටයි. රාගික අය මගෙන් බලාපොරොත්තු වුණේ ශාරීරික වින්දනයක් පමණයි. ඒ තුල මට ඕන ආදරේ තිබුණේ නෑ. රමණි ගැන මට ආදරයක් ඇතිවුණා.. එයා ගත්ත ඉතාමත් ක්ෂණික, අනුවණ ක්‍රියාවක් නිසා සියල්ල සිදුවුණා.” කමල්ට ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වන්නේ ඉන් අනතුරුවයි.මේ ගැන ඔහු කථා කරන්නේ වහෙන් ඔරෝවෙනි.

“හැමෝම වගේ බැලුවේ වෙනත් ආස්වාදයක් පමණයි. එහිදී මා අතිනුත් එවැනි දේවල් සිද්ධ වෙන්න ඇති. මොකද අපි පෘථග්ජන අයනේ. දෙන්නගේම කැමැත්ත මතයි ඒ දේවල් සිද්ධ වුණේ. හැබැයි මම පිරිමි ගණිකාවක් නොවෙයි. මම එතනට වැටෙන්නේ නෑ.”
මීළඟට කමල් රඟපාන්නේ ගුණගරුක ස්වාමි පුරුෂයා ගේ චරිතයයි.

“අනුරානිව මට හමුවන්නේ අවුරුදු 12 කට විතර ඉස්සර. අනුරානිව මට දැකපු පළමු දවසේ ඇතිවුණේ රමණිව දැක්කම ඇතිවුණා වගේ හැඟීමක්.”kamal-2
කමල් මේ දිනවල තමන්ව සිහින විජිතයේ අනංගයා ලෙස මේ ආකාරයට තමන්ව මාර්කට් කරගන්න දඟලන්නේ මුලික වශයෙන්ම වයසට යන නිසාය.දැන් වයස පනස් පහකි. ලොම් හැලී ගියත් අනංග භූමිකාව රඟ දැක්වීමට ඇති ආශාව නොතකා හැරිය හැකි එකකි. දෙවැන්න ඊට එහා ගිය අපේක්ෂාවකි. ඒ ගැන දැනගැනීමට නම් දේශපාලන සුලඟ තව ටිකක් සදා වන තෙක් බලා හිඳීමට සිදුවෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.