ක්ලැරන්ස් ගේ ගී දියණිය අමිලාට

clarence wijewardenaප‍්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබේ.

කැලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිය වන  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශීලා විජේවර්ධන මහත්මිය විසින් ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ බැරිස්ටර් සහ සොලිස්ටර්වරයකු වන දොන් කටුගම්පල මහතා සහ කොළඹ ප‍්‍රසිද්ධ නොතාරිස් වයි.වී.ආර්. බාලසූරිය මහත්මිය යන නොතාරිස්වරුන් විසින් සහතික කර බලයලත් හිමිකම මීට පෙර සිරි හෙට්ටිආරච්චි නැමැත්තකුට පවරා තිබිණි.

තමන්ගේ පියාගේ ගීත වලට හානියක් නොකර ඒවා ගායනා කිරීමට  නීතිමය අවසරය ලබා දීමට තමන් සුදනම් නමුත් හොරාට  කැලැරන්ස්  ගේ ගී ගයන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධන පවසන්නීය.

කැලැරන්ස්  ගේ ගී ගයන අනවසරයෙන් ගැයීම පිළබඳව දැනටමත් නඩු පැවරීම් සිදු කොට ඇත.

ගීත ගායනා අවසරය [email protected] වෙත ලිවීමෙන් ලබා ගත හැකි බව අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධන කියා සිටී.

කැලැරන්ස් අමිලා දියණියට ගැයූ ගී

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!