වික්ටර් බිරිඳ හෂිනි ගෙන් සැර ෂොට් එකක්

victorවික්ටර් ගේ පුතු ලෙළුම් රටටම පැවසුවේ තම සොයුරු ජයන්ත ගේ බිරිඳ හෂිණි අමේන්ද්‍රා ගේ කණට ෂොට් එකක් දුන් බවයි. ලෙළුම් පවසන පරිදි හෂිණි අමේන්ද්‍රාට වික්ටර් රත්නායකන් ගේ 70 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වූ වජ්‍ර ප්‍රභා තහනම් ඉසව්වක් විය. හෂිණි අමේන්ද්‍රා මේ සියල්ල දරා ගත්තාය. දැන් ඇය මේ සියළුම ප්‍රහාරකයින්ට දැඩි ෂොට් එකක් එල්ල කරන්නීය. ඒ සඳහා ඇය යොදා ගන්නේ ඔවුන් දෙදෙනා වෙසෙන ඔරුවල නිවසට යන මාධ්‍ය වේදියෙකි. ඇය කට දිග හැර කථා කරයි.

වයස් පරතරය

වික්ටර්- හෂිණිට ගැටළුවක් නොවෙන එහෙත් අනෙක් බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති වයස් පරතරය ගැන ඇය නිර්භයව කතා කරයි.  පිළිතුර කෙළින් එකකි.

‘වික්ටර් දැන් තරුණයෙක් වගේ තමයි. ඒ නිසා වයස ගැන මතක් වෙන්නෙවත් නෑ. ආදරය, ප්‍රේමයේදී වගේම ලිංගිකත්වයේදීත් ඔහු මට තරුණයෙක් වගෙයි කියලයි දැනෙන්නේ’

ඇය දරු සම්පතක් ගැනත් කථා කරයි
ඔය දෙන්නා ළමයෙක් හද‌ාගන්න බලාපොරොත්තු වෙනවාද?

කාන්තාවක් සාමාන්‍යයෙන් විවාහ වූ පසු ඊළඟ බලාපොරොත්තුව දරුවෙක් නේද? එතකොට එය ලැබුණොත් මම සතුටින් බාරගන්නවා කියලයි එද‌ා මම පැවසුවේ’.

සම්මත සංස් කෘතියේ මුරදේවතාවක් සේ සැලකුන අප මහා ගාන්ධර්ව වික්ටර් රත්නායකන් හට තමන් ලිවින්ග් ටු ගෙදර් -හෙවත් සහවාසිව ජීවත් වූ බව පිළිගන්නා තැනට ගෙන් එන්නේ හෂිණි අමේන්ද්‍රා ය.

මේ වික්ටර් රත්නායකයන්ය

හැමද‌ාම ලේන්සු බෙද‌ා ගන්න, ටොෆි, චොකලට් බෙද‌ාගන්න ඒ යුගයේ ඉන්න බැහැනේ. අපි දෙන්නාත් ‘‘ලිවිං ටු ගෙදර්’’ හිටියා තමයි සමාජ සම්මතය අනුව, සමාජය අපි දෙස බලන අයුරු වෙනස්. ඒ හින්දයි ඒ ශක්තිමත් අවබෝධයෙන් අපි දෙන්නා ‘‘මැරේජ් ලයිෆ්’’ එකකට ගියේ.

අප මහා ගන්ධර්වයන් කාලයක් හොර ගල් අහුලමින් සිටියේය. ඔහු අසම්මතයේ ප්‍රියම්භිකාව ගායනා කරන්නේ එකල්හිය.

අසම්මතයේ ප්‍රියම්බිකාවෙණී
හිඳින්න අත දුරින්
පිපෙන්න මා ලඟින්
නොයන්න මායිමෙන්
රැඳෙන්න මා ළඟින්
අසම්මතයේ ප්‍රියම්බිකාවෙණී…

බලන්න මා දිහා
විඳින්න ඔය සුසුම්
නිවන්න නම් එපා
අනන්ත යුග නුවන්
අසම්මතයේ ප්‍රියම්බිකාවෙණී…

සොයන්න මා ඔබේ
අවුල් දෙනෙත්වලින්
සැලෙන්න නම් එපා
අනංග හරසරින්…
දැන් මේ අතීතයි

දැන් ගීතය’ගන්න මුව රද පෙම කියා’ යන්නයි . මහා ගාන්ධර්වයන් එතැනට කැඳවා ගෙන යන්නේ හෂිණි අමේන්ද්‍රා ය. ඒ ගමනේදී තමන්ට බාධා කළ සංස්කෘතික සීමා වලට සැර ෂොට් එකක් දීමට අමතක නොකරන්නීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.