සංවේදී නිමල් මෙන්ඩිස් ගෙන් අති සංවේදී වැඩක්

 

mendis-nimal

නිමල් මෙන්ඩිස් කියන්නේ හොද සංගීතඥයෙක් විතරක් නෙවෙයි, හොද පපුවක් තියෙන අති සංවේදී මනුෂ්‍යයෙක්. පෙ‍බරවාරි මාසේ 08 වෙනිදාට යෙදුන ලෝක ඔට්සම් දිනය වෙනුවෙන් නිමල් කළේ සිංදුවක්   ගැන කියලා ෆේස්බුක් එකට පුංචි පැතුමක් දාන එකයි.

ලන් ඩනයේ සිටියදී නිමල් ඔට්සම් හැදුණු දරුවන් වෙනුවෙන් බොහෝ දේ කළා .ඔහු ඔට්සම් රෝගයෙන් පෙළෙන දරුවන්ට කරුණාව දක්වන්න කියන ගමන් ඒ රෝගයෙන් පෙළෙන දරුවන්ගේ දෙමාපියන් නිමා නොවන අරගලයක නිරත වෙලා ඉන්න ආකාරය ගැන  සංවේදි වෙන්න කියලා ඉල්ලීමක් කළා.

මමත් එක මලක් ඔට්සම් ගැන සිංහලෙන්  ගැ යුනු මුල්ම ගීතයයි  ගයන්නේ බී .එම් මධුබාෂිනි -තනුව රුක්ෂාන් කර්නානයක ගෙන් -පිපුණු ම ලක  මල් පෙත්තක් අඩුවුනත් එය මලක්මයි

[vsw id=”W1EtAvmV6Ms” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ඔට්සම් කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට තාමත් වැටහීමක් නැති ළමා රෝග තත්වයක්.

මනෝ වික්ෂිප්ත බව කියලා සිංහලට පෙරළලා තියෙන ඔට්සම් හැදුන දරුවෙක් තුල අවුරුදු එකහමාරක් (1 ½) පමණවන විට මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුලුවන්. කතාව නතරවීම, යමක් ඇ‍සූ විට කල්පනා කොට පිළිතුරු දීමේ හැකියාව නොමැති වීම, කෑම වල නම නොකියා ඇගිල්‍ල පෙන්නා තම ඉල්ලීම ඉදිරිපත් කිරීම, තනියම ඉන්න කැමතිවීම, ළමුන් හා සෙල්ලමට යෑම අදිමදි කිරීම ආදි හැසිරීම් මතුවෙන්න පුලුවන්. මේ හැසිරීම මත් වු පමණින් එය ඔට්සම් යැයි සිතිය නොහැකි වුනත් මානසික වශයෙන් වික්ෂිප්ත වු නිරවුල් නොවත තත්වයක් දැකගත හැකි වුනොත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

තාමත් ඔට්සම් ඇතිවීමට බලපාන හේතුවනම් හරිහැටි හොයාගෙන නැහැ. එහෙත් රෝගය සුවකරන චිකිත්සාවේදේ නම් දිනෙන් දින වර්ධනය වෙනවා. දැනට ශ්‍රීලංකාවට  බලපාන ප්‍රධාන අභියෝගය නම් ඔට්සම් ගැන ප්‍රමාණවත් ලෙස දැනුමක් නොවීමයි. ඉතින් මියුරු ගීතනු වලින් අපේ හදවත් පිරිමැදූ නිමල් මෙන්ඩිස් සංගීත වේදියා‍ණෙනි, ඔට්සම් ගැන මතක් කළාට බොහෝම ස්තූතියි.

The call goes out to all Sri Lankan’s who are aware of this event (Autism Sunday 9th february 2014) to pray for all children and everyone affected by the condition. Prayer should go out also for parents and carers to be blessed with the immense patience, understanding and love they need at all times.-Nimal Mendis on face book

Radio stations across the United Kingdom and some stations around the world have been airing the song for autism, ‘Open Every Door,’ sung by Gresha Schuilling and written by Nimal Mendis. The autism song was re-released in London by Media Eye Music, to coincide with Autism Sunday, observed on 8th February.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.