සිනමාවේ ගැහැණිය-ස්වර්ණාය………….

swarna-mallawarachchiජීවිතයට පනස් වසරක් පිරීම නිමිත්තෙන් ඇයට උපහාරයක් වශයෙන් “ස්වර්ණාය සිනමාවේ ගැහැණිය“ නමින් ඇය රඟපෑ අමිල චරිත 10 ක් අඩංගු චිත්‍රපට 10 ක සිනමා උළෙලක් පැවැත්වේ. මෙම සිනමා උළෙල ජනවාරි 22 වෙනි දින සිට ජනවාරි 26 වෙනි දින දක්වා ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී‘ සිනමා හලේදී පැවැත්වෙනු ඇත.

එහිදී චිත්‍රපට ප්‍රදර්ශණය කෙරෙන්නේ මේ ආකාරයටය

ජනවාරි 22 දා
උදේ 10.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බව දුක‘
දහවල් 2.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බව කර්ම‘
සවස 6.30 ට සිරි ගුණසිංහගේ ‘සත් සමුදුර‘ (ස්වර්ණාගේ ප්‍රථම රංගනය)suwarna_01

ජනවාරි 23 දා
සවස 2.30 ට සුමිත්‍රා පීරිස්ගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා‘
සවස 6.30 ට වසන්ත ඔබේසේකරගේ ‘දඩයම‘

ජනවාරි 24 දා
සවස 2.30 ට ප්‍රසන්න විතානගේ ගේ ‘අනන්ත රාත්‍රිය‘
සවස 6.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘සුද්දිලාගේ කතාව‘

ජනවාරි 25 දා
සවස 2.30 ට වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා‘
සවස 6.30 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්‘

ජනවාරි 26 දා
සවස 2.30 ට අශෝක හඳගමගේ ‘චන්න කින්නරී‘
සවස 6.30 ට ස්වර්ණා වෙනුවෙන් දක්වන උපහාර උළෙල

swarna-2ඉහත සිනමා දර්ශන නැරඹීම සඳහා අය කිරීමක් නැති නමුත් නොමිලේ ලැබෙන ප්‍රවේශ පත්‍ර ජාතික චිත්‍රපට සංස්ථා කාර්යාලයෙන් ලබා ගත යුතුය.

මෙම සද් ක්‍රියාවට අනුග්‍රහය දක්වන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසිනි. සංවිධානය කරන්නේ ස්වර්ණා මල්ලවආරච්චි සහෘද කමිටුව ය.

මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පූර්ව මාධ්‍ය හමුවක් අද (10) සවස 3.30 ට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි, ජාතික චිත්‍රපට සංස්ථා කාර්යාල පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී පැවැත්වෙනු ඇතැයි සංවිධායක වරු දන්වා සිටිති.

 

swarna-3

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.