Broken Hope -දෙබිඩි ජීවිත වල රිද්මය

 

Isuru Anjula Perera (1)-001

 

ඉසුර අංජුල පෙරේරා සිය අලුත්ම කෙටි  චිත්‍රපටයෙන් විමසා බලන්නේ සදාචාරාත්මක කඩතුරාවෙන් වැසුණු ඉසාව්වකි.

 

මේ  චිත්‍රපටයේ රුප රාමු දිග හැරෙන විට හිතට දැනේනේ කම්පාවක්. ඇත්තටම නැති සංස්කෘතියක්  මවාපාමින් සදාචාරයේ කඩතුරාවෙන් වසං කෙරෙන තරුණ සිතැඟි ගැන නිර්භයව කථා කිරීමට අංජුල ඉදිරිපත්ව සිටී.

Isurufilm

මේ කෙටි චිත්‍රපටියේ කථා නායකයා දැවැන්ත ලිංගික පීඩනයකින් පෙලෙනෙක් සේ බැලු  බැල්මට පෙනුනත්

සාමාන්‍යයෙන් මෙයාකාර පීඩනයකට ශ්‍රී ලංකාවේ තරුණයින් බොහෝ දෙනෙක් පෙලෙන බවට සැක නැත.මන්දයත් ලිංගික තහංචි එමටය.

මේ ච්ත්‍රපටයේ   ප්‍රධාන චරිතය වන තරුණයා තම පෙම්වතිය ය වෙතින් තම ලිංගික ආශාවන් සපුරා ගැනීමට උත්සාහ කළත් පවතින සදාචාරාත්මක රාමුවෙන් පිට පැනීමට අදහස් නොකරන ඇය ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

 

ඔහුගේ ඊළඟ වෑයම වන්නේ විවාහක කාන්තාවක් වෙතින් තම ලිංගික අසහනය සන්තර්පණය කර ගැනීමයි.

 

ඒ සඳහා ලැගුම් හලකට පැමිණීමට  එකඟ වෙන කාන්තාව අවසන් මොහොතේ  දුරකතනයෙන් කථා කොට කියන්නේ තමන්ට ප්‍රකාශ කළ නොහැකි හේතුවක් නිසා තමන්ට පැමිණිය නොහැකි බවයි.

කිසිත් කර කියා ගත නොහැකි තරුණයා ස්වයන්  වින්දනයෙන් තම ලිංගික පීඩනය තුරන් කර ගැනීමට උත්සාහ කරන අතරවාරේ කාමරයට පුද්ගලයෙක් එබිකම් කරන බව වටහා ගනී.

 

පසුව දැනගන්නට ලැබෙන පරිදී මේ එබී බලන්නේ පැමීණීමට එකඟ වූ කාන්තාවයි. ඇගේ ස්වාමියා ලිංගික බෙලහීනත්වයෙන් පෙලෙන්නෙකි.

ISURU31

අංජුල ගේ කෙටි සිනමා සිත්තම තුළ දිග හැරෙනේනේන් ලාංකීය සමාජයේ ලිංගික අසහනයේ සේයාවයි.

ඉතා සීමිත තාක්ෂණික මෙවලම් වලින් කරන ලද මෙම සිනමා සිත්තම ආලෝකය සහ අඳුර තම ප්‍රස්තුතය කියා පෑම සඳහා යොදා  ගනී. රූප වලට කථා කිරීමට ඇති තරම් ඉඩ  දෙන මන්ද රිද්මයක් උපයෝගී කර ගනී.

 

lankanewsline.com  හා සංවාදයකට එක් වූ අංජුල මෙම කෙටි සිනමා සිත්තමට මුල් වූ තර්කනය පැහැදිලි කළා.

 

 

 

මාත් ඇතුළුව ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් දෙනා ගතකන්නේ දෙබිඩි ජීවිතයක්.එක අතකින් තමන්ට හිමිවෙලා තියෙන සංස්කෘතිය සහ ආගම අනෙක් අතට තමන්ගේ හිතේ තියෙන දීන හැගීම.මේ දෙක අතරේ අපි හැමෝම අතරමන් වෙලයි ඉන්නේ.එත් අපි කොහොම හරි  අපේ හැගීම්  එළියට දාගන්නවා  එත කොට විවිධාකාර බැඳීම් නිසා ගැටුම් හට ගන්නවා.මේක මම ගොඩක් තැන්  වල දැකලා තියෙනවා.එක කියන්නයි මම උත්සාහ කළේ.

ලිංගික පීඩනයට බලපාන සාධක ගැන අංජුල ගේ ගවේෂණය සරල  සමාජ  ආර්ථික හේතු වලට ඔබ්බෙන් ඇති ගැඹුරු සමාජ මනෝ විද්‍යාත්මක ඉසව්වක් කරා අප කැඳවා ගෙන යයි.

 

umbrella lovers

 

සවන් දෙමු අංජුලට

අපේ වැඩිහිටියන් අපේ ලිංගේන්ද්රියන්ට අත තියන්න තහනම් කරනවා.එක වැහෙන්න ඇඳුම් අන්දනවා.ඒක  පේන්නන එක හොඳ දෙයක් නෙවේ කියලා කියනවා.එත් අපේ මනස ඇතුලේ  ගොඩ නැගෙන හැගීම් ඒ හැම දේටම විරුද්ධයි.ඒවාට සංසකෘතික සදාචාරයක් නැහැ.ඒවා කොයි මොහොතේ හරි එලියට පනිනවා. අපිට ඇතුලෙන් එන අවංක හැගීම සහ ලෝකෙට පෙනන්න හොඳ නැහැ කියන දේවල් අතරේ නිරන්තර ගැටීමක් ඇතිවෙනවා.

මේකට මොකද  කරන්නේ?

 

අංජුල මේ ගැටලුව පිළබඳව තම විවරණය ගෙන හැර දැක්වීමට රුප මාධ්‍ය භාවිතා කරන්නේ තම කතාවේ සමාජීය තතු පිලිබඳ මනා වැටහීමකිනි.

තමන්  හාත්පස ඇති පීඩාකාරී සමාජ-මනෝ විද්‍යාත්මක තතු   ගැඹුරින් විශ්ලේෂණය  කිරීමේ හැකියාව ඇත්තෙකි අංජුල.

 

පිවිසෙන්න යු ටියුබ්  නාලිකාවට.

 

 

[vsw id=”gEtK4Hz5zD4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.