අමරවීර පක්ෂ 19ක් බා ගනී

mahinda-amaraweeraඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌ව තරග කිරීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ 19 ක්‌ කැමැත්ත පළකර ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසු බව sri ලංකා මිරර් වෙබ් අඩ්විය වාර්තා කරයි.

ආරුමුගම් තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා වතු කම්කරු කොංග්‍රසය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්‍ෂ රැසක්‌ මෙම පක්‍ෂ 19 අතර සිටින බවද තවත් කුඩා පක්‍ෂ සහ සංවිධාන ගණනාවක්‌ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සහය ලබා දීමට එකඟවී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජනිස තරග කරන්නේ ශක්‌තිමත්ම දේශපාලන සන්ධානයක්‌ ලෙස බැවින් එනිසා ජයග්‍රහණය පිළිබඳව කිසිම බයක්‌ සැකක්‌ අනිවාර්යයෙන්ම නොමැති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.