ආණ්ඩුව ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත අකුලාගනී

wijedasa-rajapakseවිහාර දේවලගම් සංශෝධන පනත් කෙටුම්පත සහ ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හෙට (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවද එය හෙට දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා කිය සිටියේය.

මෙම පනත කෙටුම්පත් යෝජනාවට එකඟතාව නොදක් වන පාර්ශව ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණෝ , කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි සංඝ සභාවේ මහානායක හිමිපානෝ හා ශ්‍රී රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී හිමිපාණෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් එකී විහාර ගම් සංශෝධන පනත අනුමත නොකරන ලෙසට ඉල්ලීමක් කොට ඇත. මේ පනත් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මල්වතු මහන හිමියන් හමු වූ අවස්ථාවේදී උන්වන්සේ කියා සිටියේ මේ පිළිබඳව ආණ්ඩුව නිහඬව සිටීම
වඩා උචිත බවයි. දියවඩන නිළමේ තෝරන ආකාරය පිළිබඳවත් ඇත්තේ මත භේදාත්මක තත්වයකි.

ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණෝ , කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි සංඝ සභාවේ මහානායක හිමිපානෝ හා ශ්‍රී රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී හිමිපාණෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් එකී විහාර ගම් සංශෝධන පනත අනුමත නොකරන ලෙසට ඉල්ලීමක් කර ඇති හෙයින් ජනාධිපතිතුමා, සහ අග්‍රාමාත්‍යතුමා හා සාකච්ඡා කිරීමේන් අනතුරුව තවදුරටත් ඒ පිළිබඳව සලකා බැලීම සඳහා එකී පනත් කෙටුම්පත් දෙකම 2016 ඔක්තෝමබර් 04 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට රජ‍ය තීරණය කරන ලද බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.