ගෝඨා රජ වී රනිල් ගේ හෙණ්ඩුව ගිලිහෙයිද?

Gotabaya vs Ranilහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති කරන්නේ කෙසේද? මෙය මේ දිනවල ප්‍රධාන පෙළේ දේශපාලන මෙහෙයුම් කරුවන් කීප දෙනෙක් විසින් භාර ගෙන තිබෙන කොන්ත්‍රාත්තුවකි.

පසුගිය පළමු වන දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ් නම් ශාලාවේ දී මිලින්ද මොරගොඩ මහතා සහ වත්මන් රජයේ ඇමැතිවරුන් දෙපළක් වන ෆයිසර් මුස්තාපා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමඟ පැවැති සාකච්ඡාව මෙම වුවමනාව වෙනුවෙන් යැයි සත්හඬ වාර්තා කරයි.

ජනාධිපතිවරයා නිෂ්ක්‍රීය
මේ අතර වාරේ නව පක්ෂය හුදෙක් මායාවක් වන අතර ජී එල් පීරිස් යළිත් දේශපාලන වශයෙන් අනාථවීමට නියමිතය. සබැ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමයි.

මේ සඳහා ගත යුතු පලමු පියවර සිරිසේන ජනාධිපතිවරයා නිෂ්ක්‍රීය කර ගැනීමයි. කොහොමත් ඉක්මනින් නව ව්‍යවස්තාවක් සම්මත කරගැනීම සිරිසේන ජනාධිපතිවරයාගේ අභිලාෂය නොවේ එහෙයින් රාජපක්ෂවරුන්ට ඇති බිය දුරු කොට ගෝඨාභය පෙරට ගෙන ඒමට හැකි බව දේශපාලන කොන්ත්‍රාත්කරුවන් පීරිස විශ්වාස කරති.

මේ සඳහා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ක්‍රමයෙන් මතුවෙමින් පවතින විරසකය ප්‍රයෝජනවත් වෙනු ඇත.

චීනයේ ජාතික ප්‍රතිපත්ති
මේ සඳහා චීනයේ ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශ්ලේෂණ සහ නිර්දේශ සිදු කරන Institute of South and Southeast Asian Studies ආයතනය සහ චීනයේ බුද්ධි අංශ කටයුතු කරන බව සත් හඬ වාර්තා කොට ඇතත් එය ඇත්තක් නොවන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියාසිටී.

දැනට චීනය සතුව තිබෙන ආර්ථික බලය හේතුවෙන් රට ඇතුළත කුණු ගොඩවල් හා ඔට්ටු වීමේ අවශ්‍යතාවක් නොමැත.

හෙන්ඩුව
එහෙයින් ගෝඨාභය රාජපක්ෂ රජ වෙනවද නැද්ද යන්න තීරණය කරන සාධකය වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රිය කලාපයයි. මේ වන විට ඔහු විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික සිහින සැබෑ කළ හැකි නම් හෙන්ඩුව ඔහු අතය.

ජනධිපතිවරයා තමන්ගේ පැත්තේ තබා ගෙන රාජපක්ෂවරුන් මෙල්ල කිරීමේ හැකියාව සමගින් ඇතා පෙරට ගෙන යා හැකිය. එසේ නොවුන හොත් ශ්‍රී ලංකාවේ අසාර්ථකතම අගමැතිවරයා වීමේ ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇත. එය අමරදේවයන් ගේ අසාර්ථක ගෝලයෙක් වීම තරම් සරල නොවනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.