පවුල් පාලනය

chathurikaමෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මල්ලි ටෙලිකොම් සභාපති කිරීමත් ඔහුගේ අය ආණ්ඩුවේ තැන් තැන්වලට දාපු එක ගැනත් අපිට විවේචනයක් තියෙනවා යයි ජාතික ආණ්ඩුවේ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා කියා සිටියේය.

“රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු” යන්න පවුල් පාලනය සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට පිලිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවසීය.

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.