පාර්ලිමේන්තුවේ එල හරක් සහ මී හරක්

Thilanga Sumathipalaමන්ත්‍රීවරුන්ගේ මේස මත අලුතින් සවිකර තිබෙන මයික්‍රපෝන් එළහරකයි මී හරකයි වගේ යෑයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පසුගියදා පැවසීය.

කිසිම මන්ත්‍රීවරයෙක්‌ මේ මයික්‍රෆෝනවලට කැමති නෑ යෑයිද ඒ මහතා පැවැසුවේය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ සභාව ආරම්භයේදී මන්ත්‍රීවරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා නැඟී සිටිමින් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය නිසාය. ඒ මයික්‍රෆෝන සම්පූර්ණයෙන්ම සුදු පැහැති බැවිනි.

අකිල විරාඡ් කාරියවසම් මහතා – මේ ෆර්නිචර්ස්‌ කළු පාටයි. මේ මයික්‌ ඒ පාටට ගැලපෙන්නේ නැහැ.

නියෝජ්‍ය කථානායක – කවුරුත් මේකට කැමති නෑ. එළහරකයි මී හරකයි වගේ. සවි කළාට පසුවයි මමත් දැක්‌කේ.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – ජෙෆ්රි බාවාගේ සැලැස්‌මට ගැලපෙන්නේ නෑ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.