පැන්නොත් කන කපනවා- is ත්‍රස්තයින්

isis-terroristඅයි.එස් ත්‍රස්තවාදින් ඉරාකයේ මොසූල් නගරයේදී තම සාමාජිකයන් 25 දෙනෙකුගේ කන් කැපූ බව සුමේරියා ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි. මෙසේ දඬුවම් පමණුවා ඇත්තේ එම සාමාජිකයන් මොසූල්හිදී ඉරාක රජයේ හමුදා සමග දැනට කරගෙන යුද්ධයෙන් පැන යාමට උත්සාහ කිරීම නිසා බවද වාර්තා වෙයි. සුමේරියා ප්‍රවෘත්ති සේවය සඳහන් කරන අන්දමට අයි.එස්. ත්‍රස්තවාදීන් එසේ සිය සාමාජිකයන්ගේ කන් කපා ඇත්තේ එම සාමාජිකයන් සටන් බිමෙන් පැන යද්දී අල්ලාගෙන සිරගත කිරීමෙන් පසුවය.

මෙම දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ මොසූල් නගරයේ රෝහලකදිය. යුද බිමෙන් පැන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගනු ලැබූ සෑම සාමාජිකයකුගේම එක් කනක ඉහළ කොටස කපා ඉවත් කර ඇති අතර නැවත සටන් බිම හැර යාමට උත්සාහ කළහොත් කන් දෙකම කපන බවට ඔවුන්ට තර්ජනය කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.