පොලිපිති පහර කෑ මුස්ලිම් කත අතුරුදහන් කලාද?

Coconut Hit - Sharia Lawපුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලිය මගින් පොල්පිති පහර සියයක දඬුවමක් ලදැයි පැවසෙන ජෙස්මිර් සිත්ති ජෙරසිමා නමැති කාන්තාව අතුරුදන්ව ඇතැයි sri ලංකා මිරර් වෙබ් අඩවිය වර්තා කරයි.

මේ හේතුවෙන් අධිකරණය ලබාදුන් නියෝගයන්ට අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය නිවසේ රැඳී සිටිය දී බලහත්කාරයෙන් පැමිණි පුද්ගලයෙකු විසින් ඇයව දූෂණය කර පලාගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කාන්තාව පුත්තලම පොලිසියට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබිය දී, අදාළ කාන්තාව කැඳවූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාව ඇයට පොල්පිති පහර සියයක් ගැසීමට නියෝග කර තිබේ.

එසේ තමන්ට පොල්පිති පහර සියයක දඬුවමක් ලබාදීමට එරෙහිව මෙම කාන්තාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබිණ. ඒ, නදීරා අබ්රාන් නමැති නීතිඥවරියකගේ සහය ඇතිවය.

 

බලපෑමකට යටත්ව :

එහෙත් එම නඩුව පසුව ඉවත් කර ගැනීමට දඬුවමට ලක් වූ කාන්තාව කටයුතු කර ඇත. කෙසේ වෙතත් නඩුව ගොනු කළ නීතිඥවරිය මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වූයේ අදාළ කාන්තාව කිසියම් බලපෑමකට යටත්ව නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා පොලිසියට නියෝග කර ඇත. ඒ පිළිබඳ ප්‍රකාශ ලබාගැනීමට අදාළ කාන්තාව හමුවීමට ගිය ද ඇය අතුරුදන්ව ඇති බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරයි.

මේ අතර පොල්පිති පහර සියයක දඬුවම නියම කළ මුස්ලිම් පල්ලියේ භාරකාරවරයා ද අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.