බිරිඳ සයිටමේ-චතුර අනු කමිටුවේ…………..

rajitha22සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සයිටම් හොර උපාධි ආයතනය පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම තොරතුරු හෙළිදරව් කරනු ලැබූ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ සරුපා සමංගි මනතුංග හෙවත් චතුර සේනාරත්නගේ බිරිඳ සයිටම් ආයතනයේ හය වන කණ්ඩායමට බඳවාගෙන ඇති බවයි. සයිටම් ආයතනයේ ලියාපදිංචි අංකය – MF 121/F006MD77 විදෙස් ගමන් බලපත්‍රය – N1537272 යටතේ එහි ලියාපදිංචි වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ සමංගි මනතුංග කියන ශිෂ්‍යාව ඒ මන්ත්‍රීතුමාගේ කවුද chathura-senaratneකියලා දැනගන්න කැමතියි. අපි දන්න විදියට එතුමාගේ බිරිඳ. බිරිඳ ඉගෙන ගන්න සයිටම් එක ගැන එතුමා කමිටුවක වාඩි වෙලා වාර්තාවක් දෙනවා. දැන් තමුන්නාන්සේලා හිතන්නේ අපි කවුරු කියලද? මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය කවුරු කියලද? යනුවෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.