මැති ඇමතින්ට දඩ කොළ දීම භයානකයි

policeමහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටි හේමාල් ගුණසේකර මහතාට දඩ කොළයක් ලබා දීමෙන් පසු දොඩම්ගොඩදී පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට අල්ලස් කොමිසම දෙවැනි වරටත් නඩු පවරා ඇතැයි ලංකා ට්රුත් වාර්තා කරයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා 2014 මැයි මස 20වදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී දඩ කොළය නිකුත් කර තිබී අතර 2014 මැයි මස 30වනදා ඔහුගේ රථය පාළු වත්තකදී ගිණිගෙන තිබූ අතර පොලිස් කොස්තාපල්වරයාද පහරකෑමකටද ලක්ව තිබුණි. ඒ සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන එම සිදුවීම විභාග කර නැත.

එම සිදුවීම් සිදු වෙමින් තිබියදී 2009 වසරේ මැයි මාසයේ සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම පොලිස් කොස්තාපල්වරයාට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකවරයකුට අල්ලස් කොමිසමෙන් වසර පහකට පසු 2014 වසරේ මුල් වරට නඩු පවරා ඇත. ඒ වනවිට හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොළයක් ලබා දීමේ සිදුවීම සිදුවී හමාරය.

එහෙත් පසුගිය වසරේ (2015) අප්‍රේල් පළමු වැනිදා මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මේ දෙදෙනා අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ, කසිප්පු තිප්පොලකින් ඇල්ලූ කසිප්පු අඩු ප්‍රමාණයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් ඉල්ලීයැයි ගොනු කළ එම නඩුව ද්වේශ සහගත ලෙස ගොනු කර ඇතැයි ප්‍රකාශ කරමිණි.

එලෙස නිදහස් කර අවුරුද්දකුත් මාස හතරකට පසු පසුගිය අගෝස්තු 19 වැනි දා එම චෝදනාවටම සුමින්ද සමන් නම් එම කොස්තාපල්වරයාට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකට නැවත වරක් මහාධිකරණයේ නඩු පවරා තිබේ.

දිගින් දිගටම ආ බව කියන බලපෑම් නිසා ඔහු පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ නමුත් 2015 අප්‍රේල් මාසයේදී යළි ඔහුට රැකියාව හිමි විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.