රනිල් ටෙන්ඩර් මගඩියක් නතර කරයි

tenderපොතුහැර සිට ගලගෙදර දක්‌වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ඉදිකිරීමේ ටෙන්ඩරය වහාම අහෝසිකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩ්විය වාර්තා කරයි.

මේ මාර්ගය ඉදිකරනු ලබන්නේ ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි UFJ (Tokyo Mitsubishi UFJ) නැමැති පෞද්ගලික බැංකුවකින් ලබාගන්නා ඇමරිකානු ඩොලර් බිලියනයක සහනදායී ණය මුදලකිනි.

අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් වන අතර එම ණය මුදල ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත්කරණ ලද කැබිනට් පත්‍රිකාවට පසුගිය මැයි 17 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විවෘත ටෙන්ඩරයක් නොකැඳවා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් මෙරට ජපන් තානාපති කෙනචි සුගයාමා මහතා වෙත මැයි මස 24 වැනිදා ලිපියක් යොමුකරමින් අදාළ ඉදිකිරීමට මෙරට ජපන් සමාගමක් නම් කරණ ලෙස ඉල්ලා තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.